මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප‍්‍රමුඛ කාර්ය කරගන්න කියන එක – නීතිඥ නාමල් රාජපක්‍ෂ

මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. මේක කිසිදු ක‍්‍රමවේදයකට ගොඩනගපු ව්‍යවස්ථාවක් නෙමයි. මේක එක එක්කෙනාගෙ උවමනාවන් එක්ක ගොඩනගපු ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාවත් එක්ක තවදුරටත් යන්න බෑ. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප‍්‍රමුඛ කාර්ය කරගන්න කියන එක. පසුගිය ආණ්ඩුව කාලේ නම් මහාපරිමාණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරුව. ඒත් මේ ආණ්ඩුවෙන් සංවර්ධනය උදෙසා කිසිදෙයක් කෙරෙන්නෙ නෑ කියල චෝදනාවක් තියෙනව….

කිසිම ආගමික ස්ථානයක් අනවසරයෙන් ඉදිකරන්න එපා- එම්. ඒ. සුමන්දිරන්

තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සභාව විදිහට අද උදේ අපි රැස්වුණු අවස්ථාවේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා, රට පුරා පැතිරෙමින් තිබෙන ‘අතිථි භීතිකාවක්’ හෙවත් සුළු ජාතිකයන් සහ සුළු ජන කණ්ඩායම් ගැන නිර්මාණය කරගෙන තියෙන භීතිකාවක් ගැන සඳහන් කළා. මේක ඉතා බරපතල කාරණයක්. අපි මේ වසරේ අවසාන වරට රැස්වෙන අද දවසේ, රටේ…

අපිට මඩ ගහන මේ කතුවරයා රටට ශිෂ්ඨාචාරය උගන්වන්න ආ කෙනෙක් – ගාමිණී වියන්ගොඩ

යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් පිරෙන්නට දැන් නියමිත ය. ජනාධිපතිතුමාගේ මුළු නිල කාලය වන වසර 05න් 50%කට කිට්ටු කාලයක් දැන් ගතවෙමින් තිබේ. එහෙම අවස්ථාවක දී ආපසු හැරී බැලීමක් මෙන්ම ඉදිරිය ගැන කල්පනා කිරීමේ වගකීමක් පුරවැසි බලයට තිබේ. මේ සාකච්ඡාවේ දී ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස සළකමු. ඒ වගේම…

හම්බන්තොට වරායේ අනාගතය !

2015 වන විට චීනය සතු අප්‍රිකානු වෙළෙඳපොළ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 300 ක්‌ බව zෙµdaබ්ස්‌Z සඟරාව පවසයි. දකුණු ඇමරිකාවේදී එම වෙළෙඳපොළේ වටිනාකම ඩොලර් බිලියන 250 කි. මෙම ධන උල්පත චීනයට ගෙනයැමට ඉන්දියන් සාගරය ඔවුන්ට උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත්ය. චීනය සිය ධනය ආයෝජනය කරමින් ඉපැරණි සේද මාර්ගය ඉන්දියන් සාගරය ඔස්‌සේ ගොඩනඟමින් සිටී. චීනයේ නව සේද…

ගොබෙල්ස්ලාගේ රාජපක්ෂ – සී. ජේ. අමරතුංග

  ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදී පාලනය යටතේ ජර්මනියේ ප්‍රචාරක කටයුතු භාරව සිටි ගොබෙල්ස් ඇමැතිවරයා බොහෝ දෙනාට නැවත නැවත සිහිපත් වන්නේ බොරු ප්‍රචාර පිළිබඳව ඔහුගේ ඉගැන්වීම නිසාය. නාසි ප්‍රචාරක යන්ත්‍රයට ඔහු උපදෙස් දුන්නේ බොරු ගොතා නැවත නැවත ප්‍රචාරය කරන ලෙසයි. පළමුවරට, දෙවනවරට එම බොරුව විශ්වාස නොකළ ජනයා එයම නැවත නැවත කියනවිට පිළිගන්නා බව ගොබෙල්ස්ගේ අදහසයි. ඔහුගේ තවත්…

එජාපයට තීරණාත්මක වසරක් – මහින්ද රත්නායක

වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛණය ද පාර්ලිමේන්තුවේ 2/3 ට වැඩි ඡුන්දයෙන් පසුගිය දා සම්මත වූ නමුත්, ගිය වසරේ අනුමත කළ අයවැය ලේඛණයෙන් කුමන ප‍්‍රතිඵලයක් අත්කර ගත්තේ ද යන්න පැහැදිළි නැත. සහන නොළැබුණු බවට  පොදු ජනතාව නගන මැසිවිලි ගැන නොව, පංචේන්ද්‍රියන්ට දැණෙන සාධනීය වෙනසක් නව ආණ්ඩුවේ ආර්ථික මූලෝපාය තුළින්  තවමත් සිදුවී නොමැති බවයි මෙයින් අදහස් වන්නේ….

නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න -වීඩියෝ

ලංකාවේ තිබුණු අධිකාරිවාදී පාලනය වෙනස් කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය ස්ථාපිත කරන ආකාරය හා එයට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස කරන ආකාරය සම්බන්ධයෙන් සමසමාජයේ ඉන්න අපි සියලු දෙනාම අවධානයෙන් ඉන්නේ .විශාල ජන සහභාගිත්වයෙන් යුතුව විවිධ දේශපාලන පක්ශ සමග එකමුතු වෙලා.සිවිල් සංවිධාන වල මුලිකත්වයෙන් අපිට පුලුවන් උණා ඒ වෙනස කරන්නට.

යුදවාදී දෘෂ්ඨියට යටවෙලා මේ රටේ ජනතාව ඉවසගෙන හිටපු කතා නොකර හිටපු යුගය අවසන් – වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු – චමීර පෙරේරා.

යුධවාදී දෘෂ්ඨියට යටවෙලා මේ රටේ ජනතාව ඉවසගෙන හිටපු යුගය, කතා නොකර හිටපු යුගය අපි අවසන් කළා. ඒ යුගය පසුගිය ජනවාරි 15 වෙනිදා පරාජයට පත්කෙරුව. එහෙම පරාජයට පත්කරල මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් හැදුවෙ. අපි මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටුම ඇති කළේ විරුද්ධවාදීන්ටත් දේශපාලනය කරන්න. විරෝධය දක්වන්න, විවේචනය කරන්න. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම. ඔළුව නමන් ඉන්න අයට විතරක් නෙමෙයි…

යූඇන්පියට රට විකුණන්න නො දී විප්ලවේ කොරහල්ලකො බං – අජිත් පැරකුම් ජයසිංහ

මේවා රට විකුණගෙන කන සිස්ටම් කියලා ජෙප්පෝ කියන්නේ. ඉතින් බං උඹලත් මේකෙන්ම කන්නේ නැතිව… විප්ලවේ කොරහන්කෝ හිටන්… අප මිත්‍ර බ්ලොග්කරුවකු වන මාතලන් විසින් ෆේස්බුක්හි තබන ලද මෙම සටහන මේ මොහොතේ අතිශය දේශපාලනික ප්‍රකාශයක් බව ද, අවශ්‍ය නම් ඔය වෙනත් නිතර කියන දේශපාලන රුවන් වැකි ගනයෙහි ම ලා සැලකිය හැකි බව ද කියමි. 2015 ජනවාරි 8…

වරායේ ප්‍රාණ ඇපකරුවෝ – සී. ජේ. අමරතුංග

හම්බන්තොට වරායේ සේවක වැඩ වර්ජනය ජනමාධ්‍යයේ මුල් පුවත් මැවීමට ප්‍රධාන හේතුවක් වූයේ විදේශීය නැව් දෙකක් ඒවායේ කාර්ය මණ්ඩලද සමඟ රඳවාගෙන සිටීම නිසාය. වරාය භාර ඇමැති අර්ජුන රණතුංග මහතා කීවේ මෙය මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාවකට සමාන බවයි. ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමක් බවයි. කෙසේ වෙතත් නාවික හමුදාව යොදවා නැව් මුදාගැනීමට ක්‍රියාත්මක වූයේ දින හතරකට පසුවය. නැව් මුදාගැනීමට නාවික…

ජයගත යුතු අභියෝගය – මහින්ද රත්නායක

අපේක්ෂාවන් ඒ ආකාරයට ම ඉටු නොවූ නමුත් මෑතක දී  එය ඉටුවණු ඇති බවට ජයග‍්‍රහණයට උරදුන් ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමට තරම්  වූ ප‍්‍රතිසංස්කරණ කිහිපයක් 2015 ජනවාරි 08 වෙනිදා ලැබූ ජනතා ජයග‍්‍රහණයෙන් අනතුරුව සිදුවිය. 19වෙනි සංශෝධනය මගින් සිදුකෙරුණු ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ කිහිපය  වසර 2කකට ආසන්න කාලයක් පුරාවට විකුණා ඇති නමුත් තවදුරටත්  අලෙවි කිරීමට නොහැකි තරමට ඒ…

කේන්ද්‍ර-පරිධිය වාර්තාවේ වරද කවරේද?- ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

මධ්‍ය-කේන්ද්‍ර සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ව්‍යවස්ථා සභාවට සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇති එක් ප්‍රධාන දෝෂයක් වන්නේ, නිසි සංකල්පීය රාමුවක ඇති අඩුවයි. එම අනුකමිටුවට පැවරී තිබූ කාර්ය භාරය, වඩාත් දුෂ්කර වූත්, වඩාත් විවාදාපන්න වූත් කාරණය බව අප තේරුම්ගත යුතුය. එම අනුකමිටුව සැළකිල්ලට ගෙන ඇති ප්‍රධාන තේමාව වශයෙන් පෙනී යන්නේ, ‘පළාත් සභාවල සාර්ථක…