‘සංහිඳියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාදක බලකායේ’ වාර්තාව

‘සංහිඳියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාදක බලකායේ’ වාර්තාව එහි සභාපති මනෝරීමුත්තෙට්ටුවගම මහත්මිය විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත ජනවාරි 3 වැනි දා පිළිගන්වන ලදි. රටේ සෑම දිස්ත්‍රික්කයකම කටයුතු කළ ‘කාර්ය සාදක බලකාය’ජනතාවගේ අදහස් උදහස් ලබා ගනිමින් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කෙළේය. හානිපූරණය සඳහා වන කාර්යාලයක්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ නැවත වැරදි ඇති නොවන බවට…

මහින්ද රාජපක්‍ෂ ට තියෙන එකම බලාපොරොත්තුව ජාතිවාදය හා ආගම්වාදය පමණයි.- අචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

යහ පාලන ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වුණා. පසුගිය දෙවසර දෙස ආපසු හැරී බැලීමේ දී ඔබට පවසන්නට ඇත්තේ මොනවගේ අදහසක් ද? අපගේ ද දායකත්වය ඇතිව නිර්මාණය වූ යහ පාලන රජය නමින් හඳුන්වන වත්මන් ආණ්ඩුවේ, එක්තරා විදිහක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකල්පයක් විවෘත වෙලා තියෙනව. ඒ වගේම හේතු කිහිපයක් නිසා ජනතාව අපේක්‍ෂා කරපු බලාපොරොත්තු ඉටු වෙන්නෙ නැහැ. ආර්ථිකය පැත්තෙන් ගත්තොත්,…

දේශපාලන කුහකයෝ පිරිසක් සතියෙන් සතිය බොරු නිර්මාණය කරනවා – අමාත්‍ය මහින්ද අමරවීර

    දේශපාලන කුහකත්වයෙන් හා ඊර්ෂ්‍යාවෙන් සිටින පිරිසක් සතියෙන් සතිය බොරු නිර්මාණය කරමින්, පට්ටපල් බොරු කියමින් අහිංසක මිනිසුන් පාරට බැස්සූ බවත්, දැන් හිරගෙවල්වල තපින්නට සිදුවී තිබෙන්නේ එම අහිංසක මිනිසුන්ටයි. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව තේරුම් ගෙන තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළේ 20 වැනි දින…

මහින්ද සමඟ චොර වෙමු – සී. ජේ. අමරතුංග

ජනවාරි 27දා තමන්ට තීරණාත්මක දිනයක් බව ඒකාබද්ධ විපක්ෂය කල්පනා කරන බව පෙනෙන්නට තිබේ. ‘පෙරළියක ඇරඹුම’ වශයෙන් ඔවුන්ගේ උද්ඝෝෂණ රැලි මාලාව ආරම්භ කරන්නට යන්නේ එදිනයි. එය සාර්ථක කරගැනීම සඳහා මුළු වැර යොදා වැඩකරන එම කණ්ඩායමේ නායකයෝ එදිනට විශ්මිත යමක් කරන බව කියති. ඇතැම් විට එසේ කියන්නේ එම රැලියට වැඩි ආකර්ෂණයක් ලබාගැනීමට හා සෙනඟ ගෙන්වා ගැනීමට විය…

යහපාලනයේ පීලි පැනීම්: මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද?– හිල්මි අහමඞ්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ පවතින යහපාලන ආණ්ඩුව සුළුජන ප්‍රජාවන්ට, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවට, ද්‍රෝහී වී ඇති බව, හිටපු ඇමතිවරයෙකුද, හිටපු කථානායකවරයෙකු සහ ප්‍රේමදාස/රාජපක්ෂ හිතවාදියෙකුද වන ඒ. එච්. එම්. අස්වර් ඇතුළු තවත් මහින්දවාදී මුස්ලිම් ජාතිකයෝ අතලොස්සක් කියති. ඔවුන්ගේ මතය සමග එකඟ නොවීමට මට හේතුවක් නැති අතර එම අදහස මම ද එකහෙලා අනුමත…

|

ඩාවෝස් සමුළුවේ වටිනාකම – කරුණාරත්න අමරතුංග

  අතේ ඇඟිලි ගණනටත් අඩු නියෝජිත පිරිසක් සමඟ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් වාර්ෂික ආර්ථික සමුළුවට සහභාගි විය. මෙය ධනවාදින්ගේ සමුළුවකැයි ද ශ්‍රී ලංකාවට ඉන් අත්වන යහපතක් නැතැයි ද රට තුළ ප්‍රචාර පැතිරුන ද, චීන ජනාධිපතිවරයා ද චීනයේ යටිතල පහසු ආයෝජන බැංකු සභාපතිවරයා ද එයට සහභාගි වූහ. මේ දෙදෙනාම ශ්‍රී ලංකා අගමැතිවරයා හමුවී ශ්‍රීලංකාවට ආධාර…

රුසියාවේ සහ අපේ ප්‍රජාතන්ත්‍රීය විප්ලව – මහින්ද රත්නායක

රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයට මේ වසරට සියවසක් සපිරේ. 1917 නොවැම්බරයේ දී එනම්, රුසියාවේ පැරණි දින දර්ශනයට අනුව ඔක්තෝබරයෙන් අවසන්වන රුසියානු විප්ලවය ආරම්භ වන්නේ මාර්තු මාසයේ 08වෙනි දින ය. අප රටේ ජනවාරි 08 පෙරළියට කැප වූ වාමාංශික පිරිස් මෙන්ම වමට නැඹුරු කලාකරුවන්, සාහිත්‍යවේදීන්, සිනමාකරුවන් මෙන්ම විශ්වවිද්‍යාල බුද්ධිමතුන් ද රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සමරනු වස් උනන්දුවෙන් කටුයුතුකරන බවක්…

අපේ නායකයන්ට ජාතිය ගොඩනැගීම ගැන අවබෝධයක් තිබුණෙ නැහැ – වික්ටර් අයිවන්.

ඉන්දියානු නායකයින් එක්ක ගත්තම, අපේ සිංහල නායකයින් විතරක් නෙමෙයි, සිංහල දෙමළ, මුස්ලිම් හැම නායකයෙක්ම නූතන සංකල්ප පිළිබඳ මළපොතේ අකුරක්වත් දැනගෙන හිටියෙ නැහැ. පිටරට ගිහින් ඉංග‍්‍රීසි කතා කරන, කටිකෝට් ඇඳපු නායකයන්ට ජාතික රාජ්‍ය කියන පදය ගැනවත් න්‍යායික අවබෝධයක් තිබුණෙ නැහැ. ජාතිය කියන දේ ගැනත් න්‍යායික අවබෝධයක් තිබුණෙ නැහැ. වාමාංංශකයින් පවා ගොඩනැගුවෙ ජාතිය නෙමේ පංතියයි. අපේ නායකයින්ට…

රතන හිමි ස්වාධින වෙනවානම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි – කේ.ඩබ්ලිව්. ජනරංජන “වීඩියෝ”

පසුගිය කාලෙ පුරාවටම විධායක ජනාධිපති ධූරය පවත්වා ගැනීම සදහා විවිධ අය උත්සහ දරණ ආකාරය අපට දකින්නට ලැබුණා. පසුගිය දවසක අතුරලියේ රතන හිමිත් දැම්මෙ ඒවගේ මුට්ටියක්. රතන හාමුදුරුවො කරපු එක උන්වහන්සේගෙම එකක් කියලා අපි හිතනවා ඒක ජනාධිපති හෝ අගමැතිගෙ අදහසක් කියලා අපි හිතන්නේ නෑ. රතන හාමුදුරුවන්ගෙ ක්‍රියාකලාපය ගැන අපි අවධානයෙන් ඉන්නෙ. මාධ්‍යවේදියෙක් රතන හාමුදුරුවන්ගෙන් අහනවා ,…

නඩුවලින් බේරෙන්න ව්‍යවස්ථා විරෝධයක් හදනවා – කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි

ඕනම දෙයක් වෙනස් කරන්න එනකොට බයයි.  ඕනම දෙයක් වෙනස් කරන්න එනකොට බය ගතියක් අපේ සමාජයේ තියෙනව. අපේ ගෙදර හරි, පන්සලේ හරි මැද සාලේ තියෙන පුටු ටික, නායක හාමුදුරුවොහරි, ගෙදර ප‍්‍රධානියාහරි කොහෙහරි ගිහිල්ලා එන අතරතුර වෙනස් කරල තිබුනොත් ඒක ප‍්‍රශ්නයක්. ආව ගමන් ම ‘කවුද මේක වෙනස් කෙරුවෙ?’ කියල. ‘මොකටද මේක වෙනස් කෙරුවෙ?’ කියල අහනව. ‘ඇයි මේක…

රතන හාමුදුරුවනේඑක එක්කෙනාගෙ න්‍යායපත‍්‍ර මුදුන්පත් කරගන්න රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය

මාදුලාවේ සෝභිත හිමියන්ගේ ආදාහනය සිදු වූ දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාවෙන් උදෘතයක් උපුටා දක්වනව නම්, ඒ කතාවේ එක තැනක එතුමා කියනව මේ වගේ අදහසක්, ‘‘මා අද ජනාධිපතිධුරයේ සිටින්නෙත්, අගමැති රනිල් වික‍්‍රම සිංහ මහතා වගේම ප‍්‍රධාන පක්‍ෂ දෙකක් එක් වූ රජයක් විදිහට ජාතික රජයක සංකල්පය තුළ කටයුතු කරනනෙත්, නව රජයේ මේ සියලූ කටයුතුවල දී…

හිටපු ජනාධිපතිවරයා හිතුවේ යුද්ධය විකුණාගෙන දීර්ඝ කාලයක් බලයේ ඉන්න – ප‍්‍රවීන මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන්.

අද වෙන විට රටේ ආර්ථිකය අවුල්වෙලා තියෙනව. හැම දෙයකම අවුල් සහගත විකෘත්ති තත්ත්වයකට පත්වෙලා තියෙනව. අපි බැලූවොත් හැම දෙයක්ම අවුලක් වෙලා තියෙන්නෙ ඇයි කියලා, ඒකට බලපාපු හේතු මොනවද? මේ කතාවෙ නියම තැන හොයාගෙන යනවා නම් අපිට මතක් වෙනවා, අවුරුදු 30ක් මේ රටේ කෙළවරක් නැති තරමට ලේ වැක්කෙරුණා. අපි දන්නවා ඉතාම කුරිරු හිංසා සහගත දීර්ඝ කාල…