ව්‍යවස්ථාවේ බලයෙන් ජනාධිපතිවරු පිස්සු වට්ටනවා – ආචාර්ය උපුල් අබේරත්න-ජේ්‍යෂ්ට කථාකාචාර්ය – රුහුණු සරසවිය

නව ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවක් ගැන මේ දිනවල අසන්නට ලැබෙන නමුත් ඒ පිළිබඳව වැඩි විස්තරයක් දැනගන්නට නැත. සැබවින්ම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් එය  මේ සමාජය කබලෙන් ලිපට නොවැටෙන ව්‍යවස්ථාවක් වියයුතු ය. ආණ්ඩුව පමණක් නොව ආණ්ඩුව බලයට පත්කළ ජනතාව මත ද ඒ වගකීම පැවරී තිබේ. මා එසේ කියන්නේ කරුණු නැතිව නොව කරුණු ඇතිව ය. 1972 ව්‍යවස්ථාව…

මෛත්‍රීපාලගේ නායකත්වය ප්‍රශ්න කිරීම – වැදගත් වන්නේ ප්‍රතිපත්ති ද? උපාය ද? – නිශාන්ත කමලදාස

නායකත්වය ගැන උගත හැක්කේ සැබෑ සිද්ධි අධ්‍යයනයන් හරහා ය. මෛත්‍රීපාල සිරිසේන යනු එවැනි අධ්‍යයනයක් සඳහා සිද්ධි සපයන නායකත්වයක් බව අප කලින් ද කීවෙමු. එයට අමතර අනුපාන ලැබුනේ අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමත් සමග ය. හොරු හා තක්කඩියන් බවට සිය දේශපාලන වේදිකාවේ කථිකයන් බොහෝ දෙනෙකු නම් කළ සියල්ලන් සමග මෛත්‍රී ජාතික ආණ්ඩුවක් ගොඩ නැගුවේ ය….

මේක ජනපතිගේ නොව අගමැතිගේ ආණ්ඩුවක් බව පෙන්විය යුතුය – මහාචාර්ය නවරත්න බණ්ඩාර

ජනාධිපති ක‍්‍රමය ඉවත්කරන බවට පොරොන්දු වී බලයට පත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැන් කථා කරන්නේ ජනාධිපතිගේ ආණ්ඩුව ලෙස ය. අගමැති කියන්නේ මේක අගමැතිගේ ආණ්ඩුවක් බව ය. ජනවාරි 8වෙනිදා  ප‍්‍රධාන වශයෙන් ගතහොත් ජනවරම ලැබෙන්නේ ජනාධිපතිට ය.  එවිට රාජ්‍ය නායකයා, විධායකයේ නායකයා සහ ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපති ය. ඒ අනුව දැන් තිබෙන්නේ එයාගේ ආණ්ඩුව  බව සත්‍යයකි. මේ ආණ්ඩුව…

ජනවාරි 8 වෙනිදා සම්මුතිය බරපතල අණතුරක – වමේ කේන්ද්‍රයේ චමිල පෙරේරා

වමේ කේන්ද්‍රය යනුවෙන් හඳුන්වන්නේ කුමන විදිහේ සංවිධානයක්ද? එය බිහිවෙන්නේ කුමක් අරමුණු කරගෙනද? කිනම් වකවානුවකද? වමේ කේන්ද්‍රය ආරම්භ වෙන්නෙ පහුගිය ජනාධිපති මැතිවරණයට කලින්. වමේ කේන්ද්‍රය බිහිවෙන්න ප‍්‍රධාන කාරණය වෙන්නේ, ඒකට පරිසරය හැදෙන්නෙ ලංකා සමසමාජ පක්‍ෂයත්, කොමිනියුස්ට් පක්‍ෂයත් පහුගිය ජනාධිපතිවරණයේදී, හිටපු ජනාධිපතිවරයාව තුන්වෙනි වරටත් දිනවීමට ගන්නා ලද තීන්දු තීරණ මත. ආසන්නම හේතුව එය වුනත් පසුගිය වසර ගණනාවක්…

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ කටයුතු යළි අරඹමු – මහාචාර්ය රොහාන් සමරජීව

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් සිටියදී සිදුකරන්නට ප්‍රතිඥා දුන් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, හත්වන පාර්ළිමේන්තුව විසුරුවා හරින්නට ප්‍රථමයෙන් නිමකරන්නට හැකි නොවිනි. මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔහු දුන් පොරොන්දුව මෙය වේ. මැතිවරණ ක්‍රමය සපුරා වෙනස්කරමි. එහි පරමාර්ථය වන්නේ මනාප ක්‍රමය වෙනස්කිරීම සහ සෑම මැතිවරණ කොට්ඨාශයකටම අනිවාර්යයෙන්ම එක් මන්ත්‍රීවරයකු හෝ සිටින බවට සහතික වීමයි. මෙම මැතිවරණ සංශෝධනයේදී කේවල…

|

ඇමති ධුරවලට අදාළ කාර්යයන් වෙන් කොට ඇති තාර්කිකත්වය කුමක්ද? – ආර්. ඇම්. බී. සේනානායක

අමාත්‍යාංශවලට ගැලපෙන දෙපාර්තමේන්තු වෙන් කිරීම සහ අමාත්‍යාංශවලට ගැලපෙන ඇමතිවරුන් පත්කිරීම, දේශපාලනික  ඕනෑ එපාකම් නිසා ඇතැම් අවස්ථාවක කළ නොහැකි වන්නට පුලූවන. එසේ වෙතත්, අඩු වශයෙන් යම් තාර්කිකත්වයක අංශු මාත‍්‍රයක්වත් එහිදී තිබිය යුතු නැත්ද? මෑතකදී ඒ ඒ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද කාර්යයන් සහ දෙපාර්තමේන්තු එවැනි අවම තාර්කිකත්වයක් භජනය කරයිද? කෙසේ වෙතත්, කලින් තිබුණාට වඩා මේ වෙන්…

‘‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’’ ගැන අවදි වන්න – ‘ඬේලි මිරර්’

දින 100 වැඩ සටහන සමග දියත් වූ ආණ්ඩුව හරහා රටට ලැබුණු එක් ප‍්‍රධාන ජයග‍්‍රහණයක් වුණේ, තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය නව පාලකයන් විසින් පිළිගනු ලැබීමයි. එහිදී මේ නීතිය ගෙන එනු ලැබුණේ සාමාන්‍ය නීතියක් වශයෙන් නොව, පසුගිය අපේ‍්‍රල් 28 වැනි දා පාර්ලිමේන්තුව මගින් සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් කරනු…

වෙනසක් නොකොළොත් වැඩිකල් නොගොස් ආණ්ඩුව අමාරුවේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

ජනවාරි 8 වෙනිදා පොදු අපේක්‍ෂකයා ලබපු ජයග‍්‍රහණය ‘දෙවන නිදහස් අරගලය’ ලෙසින් හඳුන්වනු ලැබනවා. ඇත්තෙන්ම එය එහෙම සමාජ වෙනසකට තුඩුදුන් ජයග‍්‍රහණයක් ද නැත්නම් මේ තිබුණු ධනපති පාළන ක‍්‍රමයේ වෙනස් මුහුණුවරක දිගුවක්ද? ධනපති ක‍්‍රමය ම තමයි තාම තියෙන්නේ. ඒ පිළිබඳ විවිධ වාද විවාද තියෙනව. නමුත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමේ කියන කරුණ මත තමයි ඔය ‘නිදහස් අරගලය’ කියන අර්ථකථනය…

සංවර්ධනයට ඉඩක් ඇතත් ආණ්ඩුවට ලේසි නැහැ – මහාචාර්ය කුමාර් ඬේවිඞ්

ආර්ථික ප‍්‍රශ්නය ගැන සාකච්ඡුා කරන විට දිර්ඝ කාලින මැදි සහ කෙටි කාලීන ලෙස 3කට බෙදන්නට පුළුවන. නමුත් මා දැන් කථා කරන්නේ  කෙටි කාලීනව සහ දිගු කාලීන වශයෙනි.  කෙටි කාලීනව ගතහොත් ආණ්ඩුවට මෙය තරමක් අමාරු කාලයකි. අපේ ආනයන විශාල වශයෙන් වැඩි වී ඇත.  විශේෂයෙන්ම සුඛෝපභෝගි භාණ්ඩ වැඩි වැඩියෙන් ආනයනය කර තිබේ. අනික්  අතට  අපනයන අඩුවී ඇත. …

මැති ඇමතිවරු දේශපාලන පෙරළියේ අරුත දන්නේ නෑ – ආචාර්ය අතුල විතානවසම්

දිගහැරෙමින් පවතින දේශපාලන ක‍්‍රියාදාමය එකිනෙකට සම්බන්ධයක් නැති නොපැහැදිළි බවක් පෙනෙන්නට තිබේ.  එක් පැත්තකින් ජාතික ආණ්ඩුවක් ගැන කථා කරන අතර තව පැත්තකින් විධායක කාරක සභා ක‍්‍රමයක් ගැන ද කථා වේ. මීට අමතරව නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන කථාවක් ද අසන්නට ලැබේ. මේවා අතර ඇති සම්බන්ධය පිළිබඳව කැබිනට් ඇමතිවරුන්ටවත් වැටහීමක් නැති ගාන ය. ඇත්තටම අගමැතවරයාට හා ජාණාධිපතිවරයාට…

ආණ්ඩුව හරි පාරේ නොගියොත් ජනතාව හරි පාරට හැරෙන එක නවත්වන්න බැහැ – රාජා උස්වැටකෙයියාව

පසුගිය මහ මැතිවරණය, දේශපාලන පක්‍ෂවල සංයුතියේ මෙන්ම දේශපාලන ප‍්‍රතිපත්ති ද බරපතල අභියෝගයකට ලක්කළ මැතිවරණයක්. එකම පක්‍ෂය තුළ නායකත්වය උදෙසා අරගල ඇති වෙනව. තව පැත්තකින් අලූත් දේශපාලන පක්‍ෂ හතු පිපෙන්නාක් මෙන් බිහි වෙනවා. ඇතැම් පක්‍ෂවල පැරණි සාමාජිකයන් පක්‍ෂ අතහැරලා වෙනත් පක්‍ෂ වලට සම්බන්ධ වෙනවා. ජනාධිපතිවරණයෙන් පරාජය වන ජනාධිපති තුමා යළිත් අගමැති අපේක්‍ෂකයා වීමේ අරමුණින් මහ මැතිවරණයේ…

සම්මුතිවාදී දේශපාලනය පරීක්ෂාවට ලක්වීම – ජයතිලක ද සිල්වා

දිග් ගැස්සුණු කඹ ඇදිල්ලකින් පසු කැබිනට් මණ්ඩලය දිව්රුම් දුනි. මොන පැත්තකින් බැලූවත් එය විශාල එකකි. ගුණයට වඩා ප‍්‍රමාණය ඉහවහා ගොස් ඇති සෙයකි. ‘ජාතික ආණ්ඩුවක’ නාමයෙන් එම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය වලංගු භාවය ලැබී තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එම ආණ්ඩුව හඳුන්වන්නේ ‘සම්මුතිවාදී සභාගයක්’ වශයෙනි. එය වඩාත් යෝග්‍ය යෙදුමකැයි පෙනේ.   මොන නමකින් හැඳින්නුවත්, ඒ වූ කලී, මූලික…