රනිල් ගැන බොරුව – චින්තන ර්ධමදාස

ලෝකෙ මිනිස්සු ගොඩක් ඇත්ත ‍හොයාගන්න උනන්දු වෙනවා. එහෙම ඇත්ත හොයාගත්ත මිනිස්සු ‍ශ්‍රේෂ්ටයි කියල සළකනවා.ඒත් මට ඇත්ත සහ බොරුව විදිහට ‍ලෝකෙ තේරුම් ගන්න එක තරම් බොළඳ දෙයක් තවත් නෑ. බොරුව කියන්නෙත් ඇත්ත වගේම ඇත්තක්. අනෙක් අතට ඇත්ත කියන්නෙත් බොරුව වගේම බොරුවක්. ඒත් අපිට ඕන බොරුව පරාජය කරලා ඇත්ත දකින්න. සත්‍ය ගවේෂණය කරන්න. එතකොට අපිට දැනෙනවා ජයග්‍රහණයක්….

අනුර කුමාර කෙලින් වීම දෙවන කොටස -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගිය සතියේ අනුර කුමාර කෙලින්වීම පිළිබඳ ලිපියෙහි සමහරුන් දුටු  අඩුපාඩු බොහෝ ය.වසර තිස් ගණනක් පුරා රාජ්‍ය අරමුදලෙන් යැපෙන, මැති ඇමති ප්‍රභූ ආරක්ෂක සේවා අවශ්‍යතාව යනු ජනතා විමුක්ති පෙරමුණේ හපන්කමක් මිස, ප්‍රභාකරන්ගේ සාපයක් නොවේ යයි කී මිතුරෙක් මේ ප්‍රභූ ආරක්ෂාව හේතුවෙන් රාජ්‍ය දීමනා සහිතව පාතාල කල්ලි දේශපාලනයට කාන්දුවීමෙන් ඇති වූ බරපතල සමාජමය අනතුර පිළිබඳ වැඩි වගකීමක් ජවිපෙය භාර…

|

සේවාදායකවාදී රාජ්‍යය නැවත ජය ගනියි ද?- මහාචාර් ය රොහාන් සමරජීව

2023 සඳහා මා ලියු පළමු ලිපියේ මෙසේ සඳහන් කළෙමි. 2022 වසර අපට පෙන්වා දුන් යමක් ඇත්නම්, එය වන්නේ, පක්ෂයට ඉදිරියෙන් රට තබාගෙන එකට වැඩ කිරීමට අපගේ දේශපාලන පන්තිය අසමත් බවයි. ඉදිරියේ ඇති අතිවිශාල අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට බොහෝ දුර ය. වසංගතයෙන් සහ අගුළු දැමීම්වල බලපෑම් මගින් සංයුක්ත වූ උද්ධමනය සහ…

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ

//ලොක්ක ගසාකන නිසා එය පහළ අය ප්‍රශ්න කරන විට පහළ උන්ටත් ගසාකන්න අවස්ථාව දෙනව// කියන එක තමයි හැමදාම වුණේ. උදාහරණයක් විදියට මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිතව වාහන ආනයනය කරගැනීමේ වරප්‍රසාදය ලබාගත්තා. ඒක රැකගන්නට, එම වරප්‍රසාදය ඉහළ රාජ්‍ය නිලධාරීන්ටත් දුන්නා. රාජ්‍ය නිලධාරීන් මේ විදියට ගත්ත වරප්‍රසාද පිළිබඳ විස්තර මහජනතාවට දැනගන්නට පවා අමාරුයි. වැටුප් විස්තරයක්වත් ලේසියෙන් හෙළිදරව් වෙන්නෙ…

|

බලශක්ති ක්ෂේත්‍රයෙන් විදේශ ආයෝජකයින් බැහැර කිරීමේ ජවිපෙ සැලසුමේ තේරුමක් තිබේ ද ? – මහාචාර් ය රොහාන් සමරජීව

  තමන් ප්‍රතිපත්ති සම්පාදනය කරන ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීමේ උතසාහයකින් තොරව ප්‍රතිපත්ති යෝජනා කිරීමට, දේශපාලඥයෝ සහ ඔවුන්ගේ උපදේශකයෝ පෙළඹී සිටිති. සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ දී ක්‍රියාත්මක කොට පසුව ඉවත් කරගත් ග්ලයිෆෝසෙට් තහනම එක් උදාහරණයකි. රතන හිමියන් එයට උපදෙස් දුන් නමුත් ග්ලයිෆොසෙට් සඳහා පිළිගත හැකි විකල්පයක් හඳුනාගැනීමට උත්සාහයක් දැරුවේ නැත. ප්‍රතිඵලය වුයේ ග්ලයිෆොසෙට් වලට වඩා හානිකර, අනුමත…

| |

බදු පැනවීමේ අරමුණ සමාජ සුබසාධනයයි – මහාචාර්ය සමිත හෙට්ටිගේ – ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලය

බදු සම්බන්ධ කතා බහ අලුත් දෙයක් නොවේ. එයට දිගු ඉතිහාසයක් තිබේ. එදා රජ දවස පටන් විවිධාකාර බදු පැනවූ බව ඉතිහාසයෙන් ද පෙන්වා දෙයි. එහෙත්, මේ දිනවල රාජ්‍ය බදු පිළිබඳ සමාජයේ විවිධ කතා බහ පැතිරේ. ඉහළ ආදායම් ලබන විද්වතුන් සඳහා පනවන ලද බදු ක්‍රමය සහ ඒ බදු මත පනවා තිබූ සමහර කොන්දේසි ලිහිල් කිරීම, කාලීන සමාජ…

IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත – අජිත් පැරකුම් ජයසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත.එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහෝපකාරී වන ඇප වීමකි. පිළිගැනීමකි. එය පළමුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා අත්‍යවශ්‍යය. ණය ප්‍රතිව්‍යූහගත කර නොගෙන ශ්‍රී ලංකාවට කිසිවක් කළ නොහැකිය.   මේ පිළිබඳ ඇමති බන්දුල ගුණවර්ධන සරලව පැහැදිලි කරන්නේ මෙසේය: “කවුරු කැමති…

|

ආගම්වාදී සංස්කෘතියක පැටළුන ලාංකීය පරිසරවාදය සහ කෘෂිකර්මය – ප්‍රියශාන්ත රාජපක්ෂ

ලංකාවේ “පරිසර වාදය” කියන අදහස  පවා පවතින්නේ ආගමික දෘෂඨිවාදයක් හා පැටළුන සංකල්පයක් විදියටයි. මේ කාරණාව විග්‍රහ කරගන්ට අපට ගත හැකි හොඳම උදාහරණය තමා කොළඹ නුවර හයිවේ එක අතර මැද තිබූ “පනු කරඳ” ශාඛය සම්බන්දව ඇතිවූ කලබැගෑනිය. ජාතික ධනය  ප්‍රකොටි ගානක් වියඳම් කරලා සෑහෙන දුරකට අවසන් කරපු අධිවේගී මාර්ගය මැද තිබුන පනු කරඳ ගස බේරාගැනීම වෙනුවෙන්…

|

වැරැද්ද රනිල්ගේය ! – කුලසිරි ලියනගේ

      ජනාධිපති රනිල් රට බාර ගන්නා විට රටේ තිබුණේ ඉන්ධන පෝලිම්ය. ගෑස් පෝලිම්ය. කිරිපිටි පෝලිම්ය. ඖෂධ පෝලිම්ය. ආහාර පෝලිම්ය. ගොවියන්ට පොහොර නැත. පැය 10-12ක විදුලි කප්පාදුවක්ය. භාණ්ඩ මිල දවස ගාණේ ඉහළ යමින්ය. ව්‍යාපාර කර්මාන්ත වැසී යමින්ය. ආදායම් මාර්ග ඇහිරී යන එන මං නැතුවය. ජනතාවගෙන් දෙකෙන් පංගුවක් හිටියේ හෙට දවසක් ගැන කෙසේ වෙතත් වේලක්…

ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවා ද? – ආචාර් ය මහේෂ් හපුගොඩ

මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට. මට මතක කාලේ දේශපාලන රැස්වීම් ගත්තොත් යූ. එන්. පී. එක එයාලගේ පීක් එකේ කෑගල්ලේ ලොකු රැළි තියල තියනවා. ඉන් පස්සේ චන්ද්‍රිකා දේශපාලනයට ආපු වෙලාවේ ලොකු රැළියක් ආව. යුද්දෙන් පස්සේ මහින්ද. යහපාලනය…

රනිල්ට එරෙහිව සටන් කරන ගොඨාභයගේ හමුදාව – සී ජේ අමරතුංග  

  පසුගිය දිනවල ඇතැම් වෘත්තීය සමිති මහා සටනක් ආරම්භ කළේ තමන්ට ඉසිලිය නොහැකි ලෙස බදු පනවා ඇති බව කියමිනි. ඔවුන් කීවේ ජනාධිපති රනිල්ගේ ආණ්ඩුව තමන්ට අසාධාරණ ලෙස බදු පනවා ඇති බව යි. ඔවුන් කියන පරිදි මේ සටන් කරන්නේ එම බදු ඉවත් කර ගැනීමට ය. කෙසේ වෙතත්, මෙලෙස සටන් කරන පිරිස දෙස බලන විට පෙනී යන්නේ…

රනිල් කරන්න බැරිනම් අයින් වෙන්න! – ඝෝෂක (Chatham Street Journal)

මේදිනවල ආණ්ඩු විරෝධීන්ගේ සටන් පාඨය “රනිල්, කරන්න බැරි නම් අයින් වෙන්න” කියන එකය.නමුත් දැන් මේ රනිල්ට කරන්න බැරි වැඩ මොනවාද කියා හරියකට කියන්නේ නැත. ඒ කියන්නේ රනිල් කළ යුතුව තිබෙන වැඩ මොනවාද කියා විපක්ෂ කණ්ඩායම් නොකියන එකය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් වී තවම ගෙවී ගියේ මාස හය හතක කාලයකි. රනිල් ජනාධිපති ධූරය ලබා ගන්නා විට…