|

ආර්ථිකයෙන් වැටුණු අන් කිසි රටක් ශ්‍රී ලංකාව තරම් ඉක්මනින් නැඟිට නැහැ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

        අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවට සමාජයේ අනුමැතියක් ලැබී ඇති බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ක්‍රමෝපායික වශයෙන් වැදගත් තීරණයක් බවත් පෙන්වා දෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මෙවර සිංහල අවුරුද්ද අන් කවර වසරකට ද වඩා ප්‍රබෝධජනක වසරක් වන බව මෙසේ පෙන්වා දෙයි….

රටේ රාළ අද වීඩියෝව : ජනතා ද්‍රෝහී පොදු අපේක්ෂකයා කවු ද?

  ආයෙත් පොදු අපේක්ෂක සංකල්පයකට පොඩියට පණ ඇවිල්ලා වගේ. ඒක ලොකු කරගෙන කීපදෙනෙක් දුවන්නත් පටන් අරන්. ඊළඟට එයාලා පොදු අපේක්ෂක මතයට අනවශ්‍ය වටිනාකමක් කෘත්‍රිමව හදන්න හදන බවත් පේනවා. පොදු අපේක්ෂකයා වෙන්න හිතන අය ගිය සතියට වැඩිය ටිකක් වේගයෙන් දුවන්නත් පටන් අරන්. ඒක නිසා පොදු අපේක්ෂක බලාපොරොත්තු දල්ලාගෙන සිටින සියලු උගත් මහත්වරුන්ගේ පහන් සංවේගය වෙනුවෙන් අද…

|

හැටඅටේ දීපු විසඳුම් ක්‍රියාත්මක නොකිරීමෙන් පනස්පස් අවුරුද්දකට පසු බැටකන ලංකාව – අජිත් පැරකුම් ජයසිංහ

              පරිවර්තනයට ලක්වෙමින් තිබෙන ලංකාවේ රජය තිරසරභාවය ගොඩනගා ගත යුතුයි. එහිදී තමන්ගේ වගකීම් හා කාර්යභාරය හඳුනාගත යුතුයි. ආදායම් හා වියදම් තුලනය කරගත යුතුයි. ආදායම් තුලනය කරගැනීමේදී බදු පරිපාලනය අතිශය වැදගත්. මධ්‍ය කාලීනව හා දිගු කාලීනව ආදායම් වැඩිකර ගැනීමට එය අත්‍යවශ්‍යයි. රජයට බදු ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ඒ…

|

ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු සම්පත ඉන්දියාවේ අදානිට විකුණුවේ ඇයි ? – නිශාන්ත කමලදාස

ඕස්ට්‍රේලියාවේ ජාතික සම්පතක් වන ගල් අඟුරු ආකාරයක් සඳහා ආයෝජන අවස්ථාව එරට රජය විසින් ඉන්දියාවේ අදානි සමාගමට විකුණනු ලැබීය. එයට එරට විරෝධයක් ප්‍රකාශ වුයේ පරිසර හේතු මත මිස ජාතික සම්පත විකුනනවා කියන පදනමින් නොවේ. කෙසේ වෙතත්, පරිසර ප්‍රශ්නය පිලිබඳ අදානි සමාගමේ පැහැදිලි කිරීම පිළිගත් ඕස්ට්‍රේලියානු රජය එරට ගල් අඟුරු සම්පත අදානිට විකුණුවේ ය. මෙම සිද්ධිය පිලිබඳ…

|

හැත්තෑ හතට කලින් විදේශ ණය

හැත්තෑ හතෙන් පසුව ලංකාවේ විදේශ ණය ඉහළ යාම කවුරුත් දන්නා දෙයක්. පහත වගුවේ තිබෙන්නේ හැත්තෑ හතට පෙර, 1955 පමණ සිට, ලංකාවේ විදේශ ණය ක්‍රමයෙන් ඉහළ ගිය ආකාරයයි. මෙයින් අවධානයට වඩාත්ම යොමු විය යුත්තේ ද්‍රව්‍ය ණය ලෙස සඳහන්ව ඇති තීරුවයි. ද්‍රව්‍ය ණය යනු මෙම කාලය තුළ රජය විසින් නොමිලේ හෝ අඩු මිලට සහනාධාර ලෙස බෙදා දුන්…

සීසර්ගේ දේ සීසර්ට දෙන්න – ගාමිණී වියන්ගොඩ

                මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩඒමට මේ ආණ්ඩුව ගත් ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත. ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම සූචියට අනුව, මෙවර ලංකාවට 112 වැනි ස්ථානය හිමිව ඇත. ගිය වසරේ…

|

ලංකා ටයර් කතාව ..! – ඉකොනොමැට්ටා-

ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක් සහ ටියුබ් 240,000ක්. සැලසුම අනුව, දෙවන අදියරේ දී කම්හලේ ධාරිතාවය වසරකට ටයර් 360,000ක් සහ ටියුබ් 350,000ක් දක්වා ඉහළ යනවා. දෙවන…

| |

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – “IMF සහ ඉන් ඔබ්බට”සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි

  ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති “IMF සහ ඉන් ඔබ්බට”සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි. ශ්‍රී…

|

ව්‍යවසාය ආණ්ඩුවට අකැප ඇයි? – ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුළංගමුව

  රාජ්‍ය ව්‍යවසාය රටට බරක්ව පවතින නිසා ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතු බව දැන් රටේ අතිවිශාල බහුතරයකගේ පිළිගැනීමයි. මේ ඒ පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුළංගමුව මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. ඒ මහතා ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරී ආයතනයක් වන අර්නස්ට් ඇන්ඩ් යන්ග් හි ලංකාවේ හවුල්කරුවා ලෙසද කටයුතු කරයි. අවුරුදු 40 ක් තිස්සේ වෘත්තියෙහි…

වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය – අජිත් පැරකුම් ජයසිංහ

නිරෝෂන් ගොරකානගේ වරායේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන ඔහු පසුගිය සමස්ත මහා වැඩ වර්ජනය ආසන්නයේදී තමන්ගේ ආදායම් වියදම් විස්තරයක් මාධ්‍යවලට ගෙනහැර පෑවේය. එය අපගේ පුද්ගල ආර්ථිකයන් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ද වැදගත් උපමා කතාවකි. එම විස්තරය මෙතැනින්. ඒ අනුව, නිරෝෂන් ගොරකානගේ දළ වැටුප 120,220කි….

රනිල් මට වඩා මානුෂිකයි..! – චින්තන ධර්මදාස

  දැන් මං රනිල්ට කඩේ යන්නෙක්නෙ. ඔව්, මේ වෙලාවෙ රනිල් කරගෙන යන වැඩපිලිවෙල ආරක්ෂා කිරීම වෙනුවෙන් මං පෙනී ඉන්නවා. ඒකට ලංකාවෙ වහරෙන් කියන්නෙ කඩේ යනවා කියල. හැබැයි මං හිතන්නෙ රනිල් මට වඩා ලංකාවෙ අර්තයෙන් මානුෂිකයි. එයා කියන්නෙ එයා සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියල. එයා ලිබරල් අන්තයෙන් ගැලවිලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සෝෂල් මාර්කට් පැත්තට එන්න ට්‍රයි කරනවා. මේ සමාජ…

|

අයි.එම්.එෆ්. හැර විකල්පයක් අපට තිබේද? – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වැනි රටවල් ආර්ථික අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවලදී ඒවායෙන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වන්නේ ඇයි? ඔවුන්ට ඒ සඳහා කුමන අයිතියක් තිබේද? ඒවා උනන්දු වන්නේ  ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවලට සහායක් වීමට නොව අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල අවශ්‍යතා ඉටු කිරීමට නොවේද?.  පසුගිය දින කිහිපය තුළ බොහෝ දෙනකු මගෙන් මෙවැනි ප්‍රශ්න විමසා සිටියේ…