මේරි අම්මා සහ තවත් අම්මලා – අනුර සූරියබණ්ඩාර
මරණ දැන්වීමෙහි ඇගේ නම සඳහන්ව තිබුණේ ආර්.පී. මේරි යනුවෙනි. මියගිය දිනය 2017.11.13 ය. මරණය ළිඳකට පැන දිවි නසා ගැනීමකි. එවැනි මරණ අද කොතෙකුත් සිදුවන නමුත් මේරි මහත්මියගේ මරණයට පුවත්පත් දෙකක් විශේෂ වැදගත්දමක් දී තිබුණි. හේතුව ඇය නාවික හමුදාවේ නැගෙනහිර බුද්ධි ප්රධානි සුමිත් රණසිංහගේ නැන්දණිය වීමය. සුමිත් රණසිංහ යනු බුද්ධි අංශ නිලධාරියකු බව කියන්නට හේතු රැසක්…