|

අපෙන් ණයට හොරාගත් ධනය සඟවා තියෙන්නේ කොහේ ද ? – ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණයවලින් සියයට හතළිහක් වියදම් වී ඇත්තේ කලින් ගත් ණය සඳහා පොලී  ගෙවීමට බවත්, සියයට 34 ක් වැඩි වී ඇත්තේ මුදල් මුද්‍රණය කිරීමෙන් විනිමය අනුපාත පහළ වැටී රුපියල අව ප්‍රමාණ වීම නිසා බවත්, අඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ණයට ගත් මුදල්වලින් සියයට 74 ක් වැය…

මාලිමා රැල්ලට අභියෝග කළ ලන්සාගේ හයිඩ් රැල්ල – රටේ රාළ

ඊයේ (24) කවුරුත් බලාගෙන හිටියේ ලන්සලාගේ නව සන්ධානය හයිඩ් පිටියේ පවත්වපු රැස්වීම දිහා.ඊයේ සෙනසුරාදා දිනයක් හින්දා සාමාන්‍යයෙන් කොළඹ පාලුවට යන දවසක්.හැබැයි ඊයේ කොළඹ පාලු වෙන්න ලන්සලා ඉඩදීලා තිබුණේ නෑ.අනුර යාපා – නිමල් ලන්සා සන්ධානයේ දෙවෙනි උද්ඝෝෂණ රැලිය තමයි ඊයේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වුනේ. ලන්සලාගේ සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායක සුසිල් ප්‍රේමජයන්ත සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සුගීෂ්වර…

වේදිකා මත දිගහැරෙන සජබ,මාලිමා දේශපාලන කෝලම්. – රටේ රාළ

” ජනාධිපති රනිල් සහ මුදල් ඇමති වික්‍රමසිංහ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ජනාධිපති රනිල් කියන ප්‍රකාශ සහ මුදල් ඇමති විදිහට එයාගේ භාවිතාව අතර තියන වෙනස ගැනයි.ඇත්තටම මේ ප්‍රශ්නය රනිල්ට විතරක් නෙවෙයි අපේ රටේ හැම පක්ෂ,විපක්ෂ මහජන නියෝජිතයෙකුටම අදාලයි. මේ හැම කෙනාම හදන්නේ තමන්ගේ පෞද්ගලික බල උවමනාව වෙනුවෙන් රටේ ඇත්ත ප්‍රශ්නය ජනතාවගෙන් වසන් කරන්න. මහජන නියෝජිතයන්…

ජනාධිපති රනිල් සහ මුදල් ඇමති වික්‍රමසිංහ – රටේ රාළ

කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලා අස්වීමෙන් පස්සේ පුරප්පාඩු උන පරිසර අමාත්‍ය ධූරය ජනාධිපති රනිල් යටතට පත්වුනා.රනිල් පහුගිය 20 වෙනිදා පරිසර රාජ්‍ය ඇමති විදිහට පලාත් සභා සහ පලාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර පත්කළා.රනිල්ගේ මේ පත්කිරීමෙන් පෙනෙන්නේ රනිල් කැබිනට් සංශෝධනයකට යන්න සුදානම් නෑ කියන එකද? රනිල් කැබිනට් සංශෝධනයක් කරනවා නං ඒක ඇතුලේම පරිසර රාජ්‍ය ඇමති පත්කිරීමත් කරන්න තිබුණා.හැබැයි…

|

ඇමරිකාවේ ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා

පසුගිය 2023 වසර තුළ ඇමරිකාවේ ආර්ථිකය 2.5%කින් වර්ධනය වී තිබෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල පුරෝකථන වලට වඩා වැඩි වර්ධන වේගයක්. උද්ධමනය පාලනය කිරීම පිණිස පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යද්දී මෙවැනි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයක්. ආර්ථික වර්ධනය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. උද්ධමනය නිසා…

|

ගමේ ආර්ථිකය පුබුදුවන්න ‘උරුමය’ විශාල ජවයක් – ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග

“උරුමය” වැඩසටහන යටතේ පවුල් ලක්ෂ විස්සකට ඉඩකඩම් හා ගොවි බිම් අයිතිය සින්නක්කරව ලබාදීම තමන්ගේ කියා බිම් අඟලකට හෝහිමිකමක් නොතිබූ සැබෑ ශ්‍රී ලාංකික ගොවි ජනතාවගේත්, දූපුතුනගේත් නූතන විප්ලවයේ ආරම්භයක් ලෙස හැඳින්විය හැකි බව ජනාධිපති ආර්ථික කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ප්‍රකාශ කළේය.සිංහල රජ දවස පටන් මුලු රටේම ඉඩම් වල හිමිකම රජු සතු වුන අතර, රජු තමන්ට සේවා…

සත්‍යයට පිටුපෑමේ විපාකය – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

  එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව පෙබරවාරි 20 වැනිදා (ඊයේ) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර එය 22 වැනිදා දක්වා පැවැත්වේ. මෙම සමුළුවට ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 44ක නියෝජිතයන් සහභාගී වන අතර රටවල් 22කින් අමාත්‍ය මට්ටමේ නියෝජිතයෝ සහභාගී වෙති. පෙබරවාරි මාසයේ මැද වනවිට එම මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි…

රනිල්ට ඉන්නේ රනිල් විතරමද? -රටේ රාළ

” රනිල් රාජපක්ෂගේ සිට රනිල් ලෙනින් දක්වා ” ලිපියෙන් රටේ රාළ කිව්වේ රනිල් ජනාධිපතිවරණ කැම්පේන් එකට සෙට් වෙන විදිහ ගැනයි.රනිල් ඒක අනිත් අය වගේ අමුවට කරන්නේ නෑ.රනිල් එතෙන්ට එන්නේ එයාගේ අනිත් project ටිකත් එක්ක.රනිල්ගේ ආර්ථික සහ ජාත්‍යයන්තර මෙහෙයුම election campaign ඒකට බද්ධ කරගෙන දුවන්නයි රනිල් හදන්නේ. ඒ වගේ රනිල් කාටත් නොපෙන විදිහට එලලා තියන දේශපාලන…

කොම්බිගේ කතාව සහ නිපුනා සාරදාගේ සම්ප්‍රාප්තිය – චන්ද්‍රසිරි සෙනෙවිත්න

ජාතික ජන බලවේග ප්‍රචාරක වේදිකාවට අනුරාධපුරයේ දී ගොඩවූ නිපුනි සාරදා නම් නාට්‍ය ශිල්පිනිය කොම්බිඅත්තම්මා යළි කරළියට ගෙනාවාය.මේ කොම්බි නුවර කලාවියේ නැගෙනහිර නුවරගම් පළාතේ  පොතාන වැව් ගම්මානයේ ජීවත්වූ සෙනෙවිරත්න මුදියන්සේලාගේ කිරිහාමිගේ ඩිංගිරි මැණිකා ය. කොම්බිගේ පුරා වෘත්තය ඇතුළත් නිපුනි සාරදාගේ හඬටයට සවන් දුන් මා මාලිමා වේදිකාවේ බව සැබෑය. නිර් දේශපාලනික මනසකින් මේ කතාවට සවන් දෙන්න.. යන…

දිලිත්,සටන සිව්කොන් කරයිද? -රටේ රාළ

දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ගිය 17 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. සාමන්‍යයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ගන්නේ දේශපාලන පක්ෂවල ජාතික සමුළු වගේ විශේෂ events වලට.මෙතෙන්දී දිලිත්ගේ කොළඹ දිස්ත්‍රික් සමුළුව තියන්න සුගතදාස එක ගැනීම විශේෂයක්.රටේ රාළට මතක විදියට දිස්ත්‍රික් සමුළුවක් මීට කලින් සුගතදාස එකේ තියලා නෑ. රටේ රාළ බලකායේ බුද්ධි වාර්තා අනුව දිලිත්ගේ…

|

රාජ්‍ය ණය බිය මිත්‍යාව. නිවැරදි ණය පිටු කියවමු. ණය නොබියව යොදමු මානව සංවර්ධනයට – පි සමරසිරි , හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

ණය බිය දේශපාලනය  මේ දිනවල ලෝකයේ ණය අර්බුද රැල්ලක් හට ගෙන ඇත. ශ්‍රී ලංකාව, ඝානාව, සැම්බියාව සහ ඉතියෝපියාව දැනට විදේශ ණය පැහැර හැර, ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ දේශපාලනික අභ්‍යාසයක නිරත වෙයි. තවත් රටවල් රාශියක් හතරවරම් ගසමින් ණය පැහැර හැරීම වලකාලීමේ දේශපාලනික ව්‍යායාමයක නිරතය වෙයි. මෑත අතීතයේ ණය පැහැර හැර ප්‍රතිව්‍යුහගත කළ රටවල් තවමත් ණය ආපසු ගෙවීමේ…

රුක්ෂාන් බෙල්ලනගේ මානව අයිතිවාසිකම් – අජිත් පැරකුම් ජයසිංහ

රුක්ෂාන් බෙල්ලන කියන්නෙ මාත් ප්‍රිය නොකරන පුද්ගලයෙක්. ඒ වුණාට මේ ලෝකෙ ජීවත් වෙන්නට ඕනැ අප ප්‍රිය කරන පුද්ගලයන් විතරක් නෙමෙයි. රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය වැඩ වර්ජනය ගැන විවෘතව, නොබියව තමන්ගෙ මතය ප්‍රකාශ කළා. ඔහු කියූ ඇතැම් දේවලට අප ද එකඟයි. විශේෂයෙන්ම, රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් හා හෙදියන් පමණක් බව හා සෙසු සේවා බැහැරින් ලබාගැනීම ලාභදායී බව ඔහු…