ක්‍රමය වෙනස් නොකර ආණ්ඩුවට මීට වැඩිය දෙයක් කරන්න බෑ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අධිනීතිඥ රෝලන්ඞ් අබේපොල.
පොදු ජනතාව වත්මන් ජනාධිපතිතුමාත්, වත්මන් ආණ්ඩුවත් පත්කෙරුවෙ විශාල බලාපොරොත්තු ඇතුව. එහෙත් ජනාධිපතිතුමා පත් වී වසරක් ගත වන්නටත් ප්‍රථම, වත්මන් එක්සත් ජාතික පෙරමුණු රජයට තෙමසක් ගතවීමටත් පෙරාතුව ජනතාව මැසිවිලි නගනව ‘අපි බලාපොරොත්තු විදිහට නෙමෙයි ආණ්ඩුව් කටයුතු කරන්නෙ’ කියල. ඒ ගැන දක්වන අදහස කුමක් ද? අවස්ථා දෙකකදි ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් බලයට පත්වුණා. ජනාධිපතිවරයාගේ බලයට අභියෝගයක් නැතත්, ආණ්ඩුවට සැලකියයුතු…