රෝහින්ගයා වවාන කෑම – බණ්ඩාර උඩුරාවණ

මියන්මාරයේ රබින් පාළාතේ වෙසෙන රෝහින්ගයා ජනතාව සැලකියයුතු වන්නේ රටක් අහිමි ජනකොටසක් වශයෙනි. ඔවුන් සිය රටේ පුරවැසියන් ලෙස පිළිගැනීමට මියන්මාරය සූදානම් නොමැති බැවිනි. රෝහින්ගයා ජනතාව මුස්ලිම් පිරිසකි. ඔවුන්ට එරෙහිව මියන්මා‍රයේ ඇතිව ඇති ගැටුම මේ වන විට ලෝක අවධානයට ලක් වී තිබේ. මියන්මාර් නායිකා ආවුසාන් සුකී ගේ නොබෙල් සාම ත්‍යාගය පවා අහිමිවේද යන මට්ටමට ඒ ගැටලුව උත්සන්න…

ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය කුමකට ද ? – භාතිය බරුකන්ද

‘හාල් 100යි, පොල් 100යි. අපිට ජීවත් වෙන්න බෑ. පඩි වැඩි කරවු’’ කියලා පසුගිය දවස්වල පෙරටුගාමී සමාජවාදීන් රටපුරාම පෝසටර් ගහලා තිබුණා. රුපියල් 100ක් කෙසේ වෙතත් 70-80ක් දීලා ගමේ කඩෙන් පොල් ගෙඩිය ගන්න මිනිහා වාගේම වත්තේ එකම පොල් ගහේ ගෙඩි ටික කඩලා එකක් 60 ගානේ ගමේ කඬේටම විකුණන ගමේ මිනිහත් මේ පෝස්ටර් එක දකින්න ඇති. රට වැහෙන්න…

2020 ඊලග ආණ්ඩුව

2020 ඊලග ආණ්ඩුව 2015 ජනවාරි අලුත් ආණ්ඩු ක්‍රමයේත්  ,පැරණි ආණ්ඩු ක්‍රමයේත් සන්ධිස්ථානගතව ඇති ,ඉදිරියට යනවාද ? ආපසු හැරෙනවද ? යන ගැටලුව සාර්ථක අවසානයක් දැකීමට හැකි විසදුම මත ජයග්‍රහණය  කරන්නේය . ජනතාව නිර්මාණය කල පිරිසිදු යහපාලන ආණ්ඩුවේ සිට , සාමුහික වගකීම කඩ කිරීම , නායකයන්ට ගැරහීම , විවේචනය ,ඉල්ලා අස්වීම ,නෙරපා දැමීම වැනි  දේශපාලන ක්‍රියාවලින්  යුත්…

වෛද්‍ය සභාවට අවුරුදු සීයයකට ආසන්න වෙලත් අවම ප්‍රමිතීන් ගැසට් කරගන්න හැකි වෙලා නැහැ – සමන් රත්නප්‍රිය

1923 තමයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හැදිලා තියෙන්නෙ. 1926 තමයි වෛද්‍ය සභාව පටන් අරන් තියෙන්නෙ. එදා ඉඳලා 2017 දක්වා අවම ප්‍රමිතීන් ගැසට් කරගන්න වෛද්‍ය සභාවට හැකියාවක් ලැබුනෙ නැහැ. එතකොට තොයිතරම් දුර්වල ද කියන එක එකපැත්තකින් හිතා ගන්න පුළුවන්. එනික් පැත්තෙන් කිසිම උවමනාවක් මේ සම්බන්ධයෙන් තිබුණෙ නෑ කියන කාරණය ඉතාම පැහැදිලිව තර්කානුකූලව මතු කරගන්න පුළුවන්. පත්වීම්…

පහුගිය කාලයේ හිටිය සමහර නායකයෝ හැදුවෙ තමන්ගේ දරුවන් රජවරු කරන්න – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර

කලින් කිවුවා වගේ චේ සහෝදරයා අහිමිවෙලා ඔක්තෝබර් මාසේ 08 වැනිදාට වසර 50ක් ගතවෙනවා. එවකට හිටපු කෲර පාලකයෝ ඔහුටජීවත් වෙන්න ඉඩ දුන්නේ අවුරුදු 39ක් වැනි කෙටි කාලයක්. එතකොට ඔහු ජීවත් වුණේ වසර 39යි, ඔහු මිය ගිහින් දැනට වසර 50ක් ගත වෙනවා. හැබැයි අපි කාටත් දැනෙනවා ජීවත් වුණු චේ ට වඩා මිය ගිය චේ ඉතා බලවත් වෙලා…

බැසිල්ගේ දිවට බොරු කියන්න බැරි වූ මොහොතක් – භාතිය බරුකන්ද

‘‘ආණ්ඩුව කන්නේ බැසිල්’’ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයේදී විමල් වීරවංශ ඇතුළු කල්ලිය දිගින් දිගටම අවධාරණය කරමින් සිටියේ ඉහත සඳහන් කතාවය. ඒ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු ඇතුළු රාජපක්ෂ ආණ්ඩුවේ බිම් මට්ටමට බැසිල් වීරයෙකු වන විට විමල්ලා ඇතුළු ආණ්ඩුවේ ප‍්‍රබලයින් අති බහුතරයකගේ දුෂ්ඨයා වූ නිසාය. එදා විමල්ලාට බැසිල් දුෂ්ඨයෙකු වීමට කරුණු කාරණා ඕනෑවටත් වඩා තිබුණේය. ඒ අතර බැසිල්…

දිනේෂ් ඇන ගනී බැසිල් නා ගනී – භාතිය බරුකන්ද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව දඩමීමා කරගනිමින් දිනේෂ් ගුණවර්ධනලා සිංහල බෞද්ධ ජනතාව කුපිත කරමින් යළිත් රට අවුලට ඇඳ දැමීමට තැත් කරමින් සිටියදී මල්වතු මහා නාහිමියන් දැක්වූ අදහස් රටක් වශයෙන් අප සියලු දෙනාගේ දැඩි විමසුමට ලක්විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ගැන මල්වතු මහා නාහිමියන්ට මුසා බස් කියන්න ගොස්…

|

මහින්ද ඥානක්කාගේ පිහිට සොයා යයි

* දුම්කොළ ප්‍රශ්නය ගැන ජනපති යළිත් කියයි * එජාප ප්‍රශ්න ඉක්මනින් විසඳන්න පොරොන්දුවක් * වජිරගෙන් රාජ්‍ය සේවයේ බය අරින කතාවක් * සජිත් අයවැයෙන් වැඩියෙන් ඉල්ලයි පාසල් දරුවන්ට සෞඛ්‍ය හා පුද්ගල රක්ෂණාවරණයක් පිරිනැමීමේ වැඩසටහන පසුගියදා ක්‍රියාවට නැගුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්වුණා. එයට අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, අධ්‍යාපන ඇමැති…

|

බැසිල්ට දිව දෙකයි – සී. ජේ. අමරතුංග

 යුද සමයේ මෙන්ම ඉන් පසුවත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ ඇතැම් නිලධාරීන් ‘අපරාධ’ කළ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා යාපනයේදී ප්‍රකාශ කළ බව වාර්තා වීය. ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ යාපනය ශාඛාව පිහිටුවීමේ රැස්වීමකින් පසුව ඒ මහතා මෙම ප්‍රකාශය කළේ යාපනයේ මාධ්‍යවේදීන්ගේ සමාජයේදී මාධ්‍යවේදීන් මුණගැසී කළ සාකච්ඡාවකදීය. බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ හමුදාවේ ඇතැම් නිලධාරීන්…

විද්‍යා ඝාතන නඩුවේ පොදු ජනතා ශක්තිය – අනුර සුරියබණ්ඩාර

යාපනය සිසුවිය විද්‍යා ඝාතනයත් ඝාතකයනට අත් වූ ඉරණමත් මේ වන විට ප්‍රසිද්ධ කාරණයකි. බොහෝ ‍අය අර්ථ දක්වන්නේ එය මෑත යුගයේ අධිකරණ ක්ෂේත්‍රයේ ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි. හේතුව එම ඝාතන නඩුව දේශපාලනයත් මෙරට නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනය වන පොලීසියත් බරපතළ ලෙස ප්‍රශ්න කළ සාධකයක් වීමයි. නීතිය දේශපාලනය පමණක් නොව විද්‍යා ඝාතන නඩුවේ දී මේ රටේ…

|

අපේ සිහින විද්‍යාර්ථියා – නිශාන්ත කමලදාස

 ඔහු භෞතික විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකි. එතෙකුදු ඔහු විසින් මිලදී ගන්නා ලද නවීන ජපන් රථයේ යට බඳෙහි දෙහි ගෙඩියක් මිරිස් කරලක් සහිත අපූරු දම්වැලක් එල්ලෙමින් තිබේ. ඊයේ ඔහු තම රථයේ ආරක්ෂාව දෙවියන්ට බාර දීම සඳහා කතරගම ගොස් රු 5000 ක් සහිත මල්වට්ටියක් ද පූජා කර පැමිණ තිබේ. මේ අපේ විද්‍යාර්ථීයා පිළිබඳ අගනා පැති කඩක් පෙන්වන කතාන්දරයකි….

ඔරුමිත්ත නාඩු – එම්. ඕ . ඒ . ද සොයිසා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාව විසින් සළකා බැලීම සඳහා පසුගිය 21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාවේ බෙහෙවින්ම වාද විවාදයට භාජනය වී තිබෙන පදයක් බවට ‘ඔරුමිත්ත නාඩු’ පත් වී ඇත. හේතුව 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක යටතේ රාජ්‍යයේ ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා භාවිතයට ගැනුණු ‘ඒකීය’ යන පදය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත්…