උන්නාන්සේ භික්‍ෂුවක්ද – අනුර සුරියබණ්ඩාර

යහපාලන ආණ්ඩුව යටතේ කෙරෙන භික්‍ෂු දඩයම වහා නතර කළ යුතු බව පසුගියදා කියා තිබුණේ කන්ද උඩරට ප‍්‍රදේශයේ ආරාමයක වසන භික්‍ෂුන් වහන්සේ නමක විසිනි. භික්‍ෂු දඩයම යනුවෙන් එහිදී අදහස් කර තිබුණේ ගලබොඩඅත්තේ ඥනසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා තිබීමයි. ගලබොඩඅත්තේ හිමිගේ නායකත්වයෙන් යුතු සංවිධානය හැඳින්වෙන්නේ ‘බොදුබල සේනා’ නමිනි. කවර නමකින් වුව ‘සේනා’ සංවිධානය කිරීම…

ජනවාරි 8 රෑ කුමන්ත්‍රණයේ ඔබ නොදත් කතාව මෙන්න!

දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් හා පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, 2015 ජනවාරි 8වැනිදා හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු බවට පළවුණු වාර්තා අසත්‍ය බව කිව්වේය. කුමන්ත්‍රණය ගැන විදේශ ඇමති මංගල සමරවීර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත්, නඩු පවරන්නට තරම් දෙයක් නැතැ’යි නීතිපතිවරයා පොලිසියට දන්වා ඇති බැවින් කුමන්ත්‍රණ කතාව අමූලික බොරුවක් බව ගම්මන්පිල මහතාගේ…

අයාලේ ගිය ශ්‍රී ලංකාවට මෛත්‍රී ගෙන ආ ගෞරවය – භාතිය බරුකන්ද

මෙහි දී වඩාත් වැදගත් කරුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අඟුවට තල්ලූ කර දමා සිටි ලංකාව යළි ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ප්‍රබුද්ධ වේදිකාවට ගැනීමට මේ සියලූ විදෙස් සංචාරයන්හි දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත් බවයි. තෙල් රටවල කුවේර පාලකයන් හෝ අප්‍රිකානු ඒකාධිපතීන් මෙන් සියගණන් සහපිරිවර සමඟ ඒකාධිපතීන්ගේ තුරුළට වැදෙනවා වෙනුවට අප පසුගිය කෙටි කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් දුටුවේ අත්‍යවශ්‍ය පුද්ගලයින් පිරිසක් සමඟ…

යහපාලන ආණ්ඩුවේ පදනම් බිඳ දමන දේශපාලන අවස්ථාවාදය – භාතිය බරුකන්ද

යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට හේතු වුණු කරුණු එකින් එක බිඳ වැටෙමින් පවතින ස්වභාවයක් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයෝ පවසනවා. මේ ගැන ඔවුන්ටත් වඩා සංවේදී ජනතාව, විශේෂයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඡුන්දය භාවිත කළ ජනතාව කියන්නේ ‘ආණ්ඩුව කරන කියන දේවල් ගැන තමන් තුළ කිසිඳු ආකාරයක ප‍්‍රසාදයක් නැති බවයි. දේශපාලන ප‍්‍රවණතා…

ගංවතුර පාලන සැලසුම් ක්‍රියාත්මක කරන්න රජයට බලකරන්න – ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන

පසුගියදා ඇති වු මහා දැවැන්ත ගංවතුර සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත ප්‍රකාශ කරන බව අප සියලු දෙනාම දන්නා කරුණක්.න  මොන මතය දැරුවත් පළමුව සිතිය යුතු කරුණ නම් මේ මහා දැවැන්ත ගංවතුර රටක් හැටියට අපව ඉතා වැදගත් හා තීරණාත්මක සන්ධිස්ථානයකට ගෙනවිත් තිබෙ බවයි.  ඒ වගේ ම අප තේරුම්ගත යුතුයි මහා පරාක්‍රමබාහු රජතුමා  ර්‍”පොළොවට වැටෙන එක ජල…

අපේ සිහින නගරය – නිශාන්ත කමලදාස

අපේ සිහින නගරය වෙනස් ය. ඒ නගරයේ අයාලේ යන සතුන් අවම ය. හරකුන්ට ද බල්ලන්ට ද අයිතිකරුවන් ඇත. මිනිසුන් වැටී මිය යන විවෘත කානු එහි නැත. එහි වාහන විනයානුකූලව පැදවේ. බොහෝ දෙනා පොදු ප්‍රවාහනය භාවිතා කරන අතර පොදු ප්‍රවාහන සේවා උසස් මට්ටමක ඇත. ඒවා කාල සටහනකට ක්‍රියාත්මක වේ. පැදගෙන යන බයිසිකල් සඳහා වෙනම මං තීරු…

ගංවතුරේ මාළු බෑම – අනුර සූරියබණ්ඩාර

ගංවතුරෙහි බැසගෙන දේශපාලනඥයන් දෙදෙනෙකු ජනතා සේවයෙහි යෙදෙන ආකාරය අන්තර්ජාලයට එක්කරමින් මාගේ මිතුරෙකු හැදින්වීමක් යොදා තිබුණේ ,කඩේ යාමක් නොව අගයකිරීමක් යනුවෙනි .ඊට කොමෙන්ටුවක් දෙමින් මිතුරාට මා කීවේ,ජනතා නියෝජිතයන්ගේ වගකීම ගංවතුරෙහි බැසගෙන දැගලීම නොව ජනතාව ගංවතුරට යට නොවන තැනට සහ යම්හෙයකින් ස්වාභාවික විපතකට ජනතාව ගොදුරු වුවහොත් ඉක්මනින් සහ අවශ්‍ය පරිදි සහන සැලසෙන තැනට ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම බවයි.පසුගිය…

අන්තවාදී කල්ලිය ලංකාව යුද බිමක් කරයිද? – භාතිය බරුකන්ද

මේ මොහොත වන විට ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඕනෑම ආකාරයක ආගමික හා ජාතික අන්තවාදයන් ප්‍රතික්ෂේප කරන තැනට වේගයෙන් ගමන් කරමින් සිටිනවා. ඒ නිසා ඉදිරි කාලය මේ ආගමික හා ජාතික අන්තවාදයට පහසු තැනක් වන එකක් නැහැ. ඒත් පුදුමකට මෙන් ලංකාව ගමන් කරමින් සිටින්නේ විරුද්ධ දිසාවට. අද සිංහල බෞද්ධ ආගමික අන්තවාදය හා සිංහල ජාතිවාදය ලංකාවේ ජනප්‍රිය රැල්ලක් බවට පත්…

|

මාතර දිසා සම්බණ්ධීකරණයේදී ඒකාබද්ධයෙන් ආණ්ඩුවට පැසසුම්

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී වසර තිහක් පිරීම සැමරීම පසුගියදා සිදුවූයේ අම්පාර, අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර බෞද්ධ මධ්‍යස්ථානයේදී යි. ජනාධිපතිතුමා එයට සහභාගී වූයේ දයා ගමගේ, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සමගයි. එම සැමරුමේදී අරන්තලාව ඝාතනය සිහිකරන සමරු නිර්මාණයක් නිරාවරණය කරනු ලැබුවා. ඝාතනය සිදුවූ බස් රථය මෙම බෞද්ධ මධ්‍යස්ථානයේ තබා ඇත්තේ ස්මාරකයක් වශයෙන්. ඝාතනය සිදු…

උසස් පෙළ නැතිව වෛද්‍යවරු වූ අයත් සයිටම් විරෝධී සටනේ ඉන්නවා – විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා

  ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දැනට දශක හතරක පහකට පෙර ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමක පැවතිණි. බටහිර රටවල් හා ලංකාව අතර විශාල වෙනසක් තිබුණේ නැත. මේ වන විටත් වෙනත් රටවල් විශ්වවිද්‍යාල නවීන අධ්‍යාපන ක්‍රම වෙත යොමු වී ඇත. නමුත් ලංකාවේ අධ්‍යාපනය වෙනස් වූයේ නැත . ශිෂ්‍යත්වයේ සිට කට පාඩම් කර වමාරන නමුත් ක්‍රමය වෙනස් වූයේ නැත….

|

අත්පත්‍රිකාවක ගැටලු කිහිපයක් – අනුර සූරියබණ්ඩාර

”සයිටම් විරෝධී ජන පවුර” (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සයිටම් විරෝධී එකමුතුව ) යන නමින් 2017.05.22 වන දින කොළඹ කොටුව දුම්රිය පොළ අවට අත්පත්‍රිකා රැසක් බෙදාහරින ලදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සයිටම් විරෝධී වෘත්තීය සමිති එකමුතුව ලෙස සදහන් වුවද එම අත්පත්‍රිකා බෙදාහරිනු ලැබූවේ විශ්වවිද්‍යාල පළමු හෝ දෙවන වසරවල යැයි අනුමාන කළහැකි තරුණ තරුණියන් පිරිසක්…

අපේ සිහින සෞඛ්‍ය සේවය – නිශාන්ත කමලදාස

අපේ රට සෙසු සංවර්ධනය වෙමින් ඇති බොහෝ රටවල් පරදවමින් මානව සංවර්ධන දර්ශකයෙන් ඉදිරියෙන් සිටින්නේ අපේ සෞඛ්‍ය සේවයට ද පින්සිදු වන්නට ය. ඒ සේවාවේ යෙදී සිටින දක්ෂ හා මානව හිතකාමී වෛද්‍යවරුන්ට මෙන්ම හෙදියන්ට ද සෙසු සෞඛ්‍ය සේවකයන්ට ද විශේෂයෙන් ස්තුති වන්නට ය. ඩෙංගු හා හඳුනා නොගත් වකුගුඩු රෝගය වැනි රෝග කීපයක් හැරුණු විට සෙසු රෝග බොහෝදුරට…