අවස්ථාව උදාවී තිබෙන්නේ සමාජ ක්රමය වෙනස් කරන දේශපාලනයකටයි – ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ දී ලාල් කාන්ත
පක්ෂයට ගහන අවලාද සම්බන්ධයෙන් මාතෘකාව කතා කරද්දී මට මතක් වෙනවා මීට වසර 15කට පමණ පෙර ”අපට නඟන අවලාදවලට පිළිතුරු” නමින් හයිඞ් පිටියේදී රැුලියක් පැවැත්වූවා. රෝහණ විජේවීර සහෝදරයාත් මුල් කාලයේත් ඉන් පසුවත් මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී සාකච්ඡුා කළා. පක්ෂය පිහිටුවන්න ආරම්භ කළ දිනයේ පටන් විවෘතවත් සැඟවිලත් අපිට අවාසි මතවාද විවිධ බලවේග විසින් සමාජගත කළා. සමසමාජ පක්ෂය,…