පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව
සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ඡන්ද දායකයන් විධායකයේ ප්‍රධානියා තෝරා ගැනීමට තම පරමාධිපත්‍ය බලය පාවිච්චි කරනු ඇත. මෙම තීරණ කැපුවත් කොළ යනාදී වශයෙන් ගෝත්‍රික පක්ෂපාතීත්වය මත පදනම් වූ කාලයක් තිබිණි. නමුත්, දැන් සාම්ප්‍රදායික පක්ෂ සහ ඒවායේ ජාල ක්ෂය වී ගොස් ඇත. විවිධ අපේක්ෂකයින් තමුන් වෙනුවෙන් සහ/හෝ රට වෙනුවෙන් කුමක් කරනු ඇතැයි යන්න මත ඡන්දදායකයින් තීරණ…