|

දේශපාලන කුණු කඳු – සී. ජේ. අමරතුංග

  මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් නාය යාමෙන් මහා ‍ඛේදවාචකයක් සිදු වීය. එය ස්වභාවික විපතකට වඩා මිනිසුන් විසින් නිර්මාණය කරගත් විනාශයක් බව පැහැදිලිය. එම ඛේදවාචකයත් සමඟ එළියට එන්නේ එයට හේතු වූ මහා දේශපාලන කුණු කඳු හා ව්‍යාපාරික මෙන්ම ජාවාරම්කාර කුණු කඳු පිළිබඳ කතාන්දරයකි. දේශපාලන වුවමනාවන් සඳහා මහජනයා මෙහෙයවීම, මෙන්ම ජාවාරම්කාර වුවමනාවන් නිසා ප්‍රශ්න විසඳීමට හරස්වීම, ආදිය…

විනීත විනයගරුක දරුවන් ඇති අපේ සිහින පාසල – නිශාන්ත කමලදාස

  අපේ රටේ වැඩවසම් නෂ්ටාවශේෂ පිරිලා ය. ඒවා පවත්වාගෙන යෑමේ ලා පාසල කරන්නේ සුවිශේෂ කාර්යභාරයකි. අවාසනාවට පාසලටත් අපටත් ඒ වගක් පෙනෙන්නේ නැත. මේ නොපෙනෙන, වහංගු වී ගෙන ක්‍රියාත්මක වන, දෑ මතු පිටට ගැනීම මේ ලිපියේ අරමුණ ය. පාසල අධිකාරී බලය ඉදිරියේ වැඳ වැටෙන සිසු පරපුරක් බිහිකරන්නේ ය. ඒ සඳහා සිසුන් ආණ්ඩු මට්ටු කිරීමේ වැඩ පිළිවෙළ…

මහින්ද රාජපක්‍ෂ බලය අල්ලන්න හිතන එක හීනයක් පමණයි. – නීතිඥ එස්.ජී. පුංචිහේවා

ජනතාව අතර අදහසක් තියනවා, රජය කරන වැඩ ජනතා අතරට හරියට සන්නිවේදනය වෙන්නේ නෑ කියලා. නමුත් විපක්‍ෂට ආණ්ඩුවට විරුද්ධව ගෙනයන ප‍්‍රචාර ඊට වඩා ජනතාව අතරට යනවා කියලා. මේ ආණ්ඩුවෙ එක දුර්වල කමක් තමයි, ආණ්ඩුව කරන සන්නිවේදනයෙ කිසි විධිමත් බවක් නෑ. ආණ්ඩුව කරන වැඩ ටික ජනතාව අතරට යන්න සන්නිවේදනය දක්‍ෂ විදිහට පාවිච්චි කරන්නෑ. දක්‍ෂතා ඇති පුද්ගලයන්ගෙන් වැඩක්…

පාර්ලිමේන්තු අනුමැතියක් හා ජනමතවිචාරණයකින් නව ව්‍යවස්ථාව සම්මත කොට ගැනීම අවශ්‍යයි – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවක් යනු රටක මනා පාලනය සඳහා අවශ්‍ය ව්‍යාකරණයක්ය යනුවෙන් සාමාන්‍ය පිළිගැනීමක් ඇත. එසේ වුව ද වර්තමාන අර්ථයෙන් ගත් කල ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවක් යනු රටක ජනතාවගේ නිදහස පිළිබඳ වූ ව්‍යාකරණයක්ය යන්න දේශපාලන විද්‍යාඥයන්ගේ මතයයි. මේ වන විට මෙරට පවත්නා ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාව යල් පැන ගිය, 19 වතාවක් සංශෝධනයට පාත‍්‍ර වූ විවිධ අරමුණු සඳහා පැලැස්තර දමන ලද එකකි. එයින් 21 වන…

වෙනසක දස වැදෑරුම් සැපත කළ දෑ නොකළ දෑ සහ කළ යුතු දෑ – නිශාන්ත කමලදාස

  ජන 8 දා වෙනසක් සිදු විය. ඒ වෙනස ගැන මිනිසුන් තුළ විවිධ මත තිබේ. සමහරුන්ට වෙනස සැප ය. ඒ සැප වාහන තනතුරු භවභෝග සම්පත් හා වෙන ඉල්ලම් ලැබී තිබීම නිසා ය. ඒ වෙනදා මෙන් ම අතිශයින් අතළොස්සකට ය. රටේ බහුතරයකට එය සැපක් වී ද? නැතිනම් දුකක් වී ද? මේ ලිපිය ඒ ගැන විමසන්නට ය….

බෑණා ණය ගෙවා නෑ කියුවිට අර්ජුන් මහෙන්ද්‍රන්ට ‘මගේ දෙයියනේ’ කියලා කියවුණා..!

යාපනේ සිටි මහ බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තමන් දුරකථනයෙන් කතා කරමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම එක්දින ද්‍රවශිලතා ණය සහ ප්‍රති ගැණුම් ණය (IPL and REPO) ගෙවා නැහැ යයි කී විට අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එකවරටම ‘මගේ දෙයියනේ’ කියලා කියවුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු…

දොස්තර සංගමයේ වර්ජන මේනියාව – සී. ජේ. අමරතුංග

   රජයේ වෛද්‍යවරු නැවතත් වැඩ වර්ජනයක යෙදෙන බව කියති. ඒ කියන්නේ ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටින බවයි. එසේ කරන්නේ රෝගීන්ගේ ජීවිත බේරාගන්නටය. මාලඹේ සයිටම් ආයතනයෙන් උපාධි ලබා එන වෛද්‍යවරුන්ගෙන් රෝගීන් බේරාගැනීම තම අරමුණ බව මේ වෛද්‍යවරු කියති. ඔවුන් කියන්නේ සයිටම් උපාධිධාරීන්ට හරි සුදුසුකම් නැති බවයි. සයිටම් උපාධිධාරීන් කියන්නේ ඕනෑම පොදු විභාගයකට මුහුණ දී තම…

වැටුණු කඩල ඇටය අල්ලා ගන්නට අතේ ඇති කඩල අහුර අත හරින නිර්මාල් රංජිත් දේවසිරි – අජිත් පැරකුම් ජයසිංහ

  එක්තරා බෞද්ධ කතාවකට අනුව, වඳුරෙක් කඩල වෙළෙන්දෙකුගෙන් කඩල අහුරක් සොරාගෙන ගසකට නැගුණේ ය. නගින අතර එක් කඩල ඇටයක් අතින් ලිස්සා ගියේ ය. වඳුරා අතේ තිබුණු කඩල අහුර ම අත හරිමින් වැටුණු කඩල ඇටය අල්ලා ගැනීමට පැන්නේ ය. මේ වඳුරාගේ ක්‍රියාව මතක් කරන අය ලංකාවේ ඕනෑ තරම් සිටිති. අලුතෙන් ම එම භූමිකාවේ ඔස්තාද් වී තිබෙන්නේ…

ආණ්ඩුව මුලින්ම කරන්න තිබුණ වැඬේ පස්සට තල්ලූකළා – නීතිඥ එස්. ජී.පුංචිෙහේවා

සයිටම් ප‍්‍රශ්නය විසඳුමක් නැතිව දිගින් දිගටම ඇදීගෙන යනවා. හම්බන්තොට වරාය ප‍්‍රශ්නය තවමත් එහෙමමයි, දූෂිතයන්ට දඬුවම් දීම එන්න එන්නම ප‍්‍රමාදවෙනවා මෙයින් පෙනෙන්නේ මේ රජය ප‍්‍රශ්න විසඳීමට අපොහොසත් කියලද? ඔය කියන ලද හැම ප‍්‍රශ්ණයක්ම විසඳීමට ලොකු කැපවීමක් නැතිබවයි පෙන්නේ.  ඕනෑවට වඩා කල්මරණ බවකුයි පෙනෙන්න තියෙන්නේ. ඉස්සර කියාපු සමහර දේවල් කණපිට පෙරළීගෙන එන්නේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, පළාත් පාලන මැතිවරණය…

ප‍්‍රදර්ශන කාමයෙන් තොර තිරසාර සංවර්ධන යුගයක් – තුෂාල් විතානගේ

‘යහපාලන ආණ්ඩුව විසින් රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු ප‍්‍රවේශයක් ගෙන නැතැයි ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩු විරෝධී පාර්ශ්ව දිගින් දිගටම චෝදනා කරමින් සිටිති. මේ ඒ ගැන විමසා බැලීමකි. පසුගිය කාලය පුරා හඳ දෙස නොව, හඳ පෙන්වන ඇඟිල්ල දෙස බැලීමට පුරුදු පුහුණු කර සිටි ජනතාව යහපාලන ආණ්ඩුව ගැන කියනවා යැයි කියන කතා අතර ප‍්‍රධාන කතාවක් වන්නේ ‘මේ ආණ්ඩුව…

වස විසෙන් තොර කෘෂිකර්මය හා ජෛව පොහොර – ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාත

රජයේ නව වස විසෙන් තොර තෙවසරක් (2106 – 2018) කෘෂිකර්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ බොහෝ කරුණු වැරදි සහගත වීම කණගාටුවට කරුණකි. එය සකස් කිරීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ එම අමාත්‍යාංශය සහභාගි නොවීයයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් එම ප‍්‍රතිපත්තී අනුව වසර තුනක් තුළ දී රසායනිකන්ගෙන් ඉවත්වීම, ඒ වෙනුවට කාබනික කෘෂි ක‍්‍රමවේද භාවිතය මෙන්ම ආවේනික වී වර්ග…

නිදහසේ අවාසිය – සී. ජේ. අමරතුංග

  දැන් තිබෙන ගිවිසුම අනුව හම්බන්තොට වරාය සංවර්ධනයට වරාය සංවර්ධන සංස්ථාව නමින් සමාගමක් පිහිටුවනු ලබන අතර එහි සියයට 80 ක අයිතිය චයිනා මර්චන්ට් ෆෝර්ට් සමාගමට ලබා දෙන්නේ ‍ඩොලර් බිලියන 1.1ක මුදලකටය. වරාය අධිකාරියට හිමිකම සියයට 20 කි. චීන සමාගමට අයත් කොටස්වලින් සියයට විසිපහක් මාස හයක් තුළ ලබාගැනීමට ශ්‍රී ලාංකික පාර්ශ්වයකට ඉඩ ලබා දී ඇත. එසේ ඉදිරිපත් නොවුවහොත් වසර…