නඩුවලින් බේරෙන්න ව්‍යවස්ථා විරෝධයක් හදනවා – කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි

ඕනම දෙයක් වෙනස් කරන්න එනකොට බයයි.  ඕනම දෙයක් වෙනස් කරන්න එනකොට බය ගතියක් අපේ සමාජයේ තියෙනව. අපේ ගෙදර හරි, පන්සලේ හරි මැද සාලේ තියෙන පුටු ටික, නායක හාමුදුරුවොහරි, ගෙදර ප‍්‍රධානියාහරි කොහෙහරි ගිහිල්ලා එන අතරතුර වෙනස් කරල තිබුනොත් ඒක ප‍්‍රශ්නයක්. ආව ගමන් ම ‘කවුද මේක වෙනස් කෙරුවෙ?’ කියල. ‘මොකටද මේක වෙනස් කෙරුවෙ?’ කියල අහනව. ‘ඇයි මේක…

රතන හාමුදුරුවනේඑක එක්කෙනාගෙ න්‍යායපත‍්‍ර මුදුන්පත් කරගන්න රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය

මාදුලාවේ සෝභිත හිමියන්ගේ ආදාහනය සිදු වූ දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාවෙන් උදෘතයක් උපුටා දක්වනව නම්, ඒ කතාවේ එක තැනක එතුමා කියනව මේ වගේ අදහසක්, ‘‘මා අද ජනාධිපතිධුරයේ සිටින්නෙත්, අගමැති රනිල් වික‍්‍රම සිංහ මහතා වගේම ප‍්‍රධාන පක්‍ෂ දෙකක් එක් වූ රජයක් විදිහට ජාතික රජයක සංකල්පය තුළ කටයුතු කරනනෙත්, නව රජයේ මේ සියලූ කටයුතුවල දී…

හිටපු ජනාධිපතිවරයා හිතුවේ යුද්ධය විකුණාගෙන දීර්ඝ කාලයක් බලයේ ඉන්න – ප‍්‍රවීන මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන්.

අද වෙන විට රටේ ආර්ථිකය අවුල්වෙලා තියෙනව. හැම දෙයකම අවුල් සහගත විකෘත්ති තත්ත්වයකට පත්වෙලා තියෙනව. අපි බැලූවොත් හැම දෙයක්ම අවුලක් වෙලා තියෙන්නෙ ඇයි කියලා, ඒකට බලපාපු හේතු මොනවද? මේ කතාවෙ නියම තැන හොයාගෙන යනවා නම් අපිට මතක් වෙනවා, අවුරුදු 30ක් මේ රටේ කෙළවරක් නැති තරමට ලේ වැක්කෙරුණා. අපි දන්නවා ඉතාම කුරිරු හිංසා සහගත දීර්ඝ කාල…

|

කැලෑ ආණ්ඩු හා ජීඑස්පී – වසන්ත ප්‍රිය රාමනායක

  මේ වන විට 33%ක්ම පැවැති අපනයන ආදායම 14.5% දක්වා අඩු වී තිබේ. ණය අර්බුදය උග්‍ර වීමට හා රුපියල අවප්‍රමාණය වීමට මෙය ප්‍රබල හේතුවක් වනු ඇත. පවතින අර්බුදයට විසඳුම් සෙවීමට නම් අපනයන ආදායමේ වර්ධනයක් ඇති විය යුතුය. අඩුම තරමින් පැරැණි ප්‍රතිශතයටවත් ළඟා විය යුතු ය. ජී.එස්.පී. සහනය පිරිනමා ඇති රටකට ආයෝජන ගලා ඒමේ ප්‍රවණතාවයක් ඇති…

ජනාධිපති ක්‍රමය අහෝසි නොකළොත්…! – මහින්ද රත්නායක

  වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හෙයින් සංශෝධනයක් හැර වත්මන් ව්‍යවස්ථාව වෙනස් නොකිරීම තම ස්ථාවරය බව ශ්‍රි ලංකා කිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව පසුගිය දා තීරණය කළ බව වාර්තා විය. ජනමාධ්‍යට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අමාත්‍ය එස්. බී. දිසානායකට අනුව වත්මන් ව්‍යවස්ථාව වෙනස්…

සුද්දා කියන විදියට රෙදි ඇන්දොත් අපේකමට මොකක් වෙයි ද? – අජිත් පැරකුම් ජයසිංහ

පහත පළ වන්නේ උදයසිරි වික්‍රමරත්නගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයේ නලින් ප්‍රදීප් උඩවෙල රඟපාන චරිතයේ දෙබස් ඛණ්ඩයකි. “ඇත්තට ම ආධාර ලැබෙන්නෙ සුද්දො ඉන්න රටවල්වලින් විතරයි. ඒ රටවල්වලින් ආධාර ලැබෙන්නෙ ඒ රටවල් විදේශ වීම නිසා ම නෙමෙයි. ඒ රටවල්වල සුද්දො ඉන්න නිසා. “ඔන්න විදේශ කියන හැම රටකින් ම ආධාර ලැබෙනවා නම් විදේශාධාර කිව්වට කමක් නැහැ. ඒත් ඇත්තට…

දේශපාලන වතගොත

  නිලමෙහෙවර වැඩසටහන මගින් රජය මහජනයා ළඟට ගොස් ප්‍රශ්න විසඳීමට ක්‍රියාකිරීම ගැන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් වජිර අබේවර්ධන ඇමැතිවරයා හමුවූ හැම අවස්ථාවකම එතුමාට ප්‍රශංසා කළා. මෙම වැඩසටහන ඉදිරිකාලයේ රට පුරා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ජාතික රජයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ වන මේ වසර රජයට ඉතාමත් කාර්යබහුල වසරක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වසර ආරම්භයත් සමගමයි. හම්බන්තොට ආර්ථික පුරවරය…

කුහක විරෝධතා – සී. ජේ. අමරතුංග

 දැන් තිබෙන්නේ හම්බන්තොට ගැටුම් ගැන පසුවිපරම් විවාදයකි. ආණ්ඩුව කියන්නේ සංවර්ධනය කඩාකප්පල් කිරීමට විපක්ෂය මැරකම් කළ බවයි. විපක්ෂය කියන්නේ ආණ්ඩුව මහජනයාට මැර ප්‍රහාර එල්ල කළ බවයි. කෙසේ වෙතත් ජනමාධ්‍ය මඟින් මහජනයා බොහෝ දේ දුටු නිසා මැරයන් කවුද? ගුටිකෑවේ කවුද? යන්න බොහෝ දෙනාට වැටහී ඇතුවාට සැකයක් නැත. එසේ වුවද මෙතන ක්‍රියාත්මක වන්නේ කරුණු විකෘති කිරීමේ දේශපාලනයකි. එම…

|

රුසියානු ඔක්තෝම්බර් සැමරුම රනිල්ගේ මූලිකත්වයෙන්…

1917 රුසියාවේ ඔක්තෝම්බර් විප්ලවයේ ශත සංවත්සරය මාර්තු 10 වැනි දින සැමරීමට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතී. මේ පිලිබද මූලික වටයේ සාකච්ඡාවක් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවති බව යුක්තියට වාර්තාවේ . විශේෂයෙන්ම රුසියානු විප්ලවයේ ප්‍රජාතාන්ත්‍රීය කර්තව්‍යයන් වල කාලීන වැදගත්කම ඉස්මතුකර දැක්වීම මෙම සැමරුම් උත්සව මාලාවේ ප්‍රධාන අරමුණක් බව වාර්තාවේ . තවද මෙම සාකච්ඡාවට ජනවාරි 8…

මර උගුල් ව්‍යවස්ථාව – මහින්ද රත්නායක

 විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය හෙවත් 78 ව්‍යවස්ථාව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ නිර්මාණයක් බව කවුරුත් දන්නා කරුණකි. කෘෂිකාර්මික භාණ්ඩ හා අමුද්‍රව්‍ය අපනයන කිරීම වෙනුවට, රට කාර්මීකරණය කිරීම අර කී ව්‍යවස්ථාවේ ආර්ථික දර්ශනය විය. ආර්ථිකයේ ව්‍යුහීය වෙනස්කම් ඇතිකරන විට මතුවන දේශපාලන අභියෝගයට මුහුණදිය හැකි වන්නේ ශක්තිමත් පාලකයෙකුට බව එයින් කියැවිණි. 78 ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් අනුමතකර නොගත් නමුත් එක්සත්…

ජවිපෙට අවුරුදු අටකින් විසඳිය හැකි ප්‍රශ්න මේ ආණ්ඩුවට අවුරුදු දෙකකින් විසඳීමට බැරි වුණේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

අපි 2015 ජනවාරි 8 වෙනස වෙනුවෙන් දායක වුණෙමු. අද වනතුරුත් මම රටේ යහපත වෙනුවෙන් කරනු ලබන දේශපාලන වෙනස්කම් වෙනුවෙන් මා ක්‍රියාත්මක වන ප්‍ර‍ධාන අවකාශය වන සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුවට සහයෝගය දෙන්නෙමි. ඇත්ත කීවොත්, සමාජ මාධ්‍යවල සතුරන්ගෙන් කුණුහරුප අසා ගනිමින්, තර්ජනවලට ලක් වෙමින් ආණ්ඩුවට සහයෝය දෙන්නට උත්සාහ කරන ක්‍රියාකාරිකයන් සමග සම්බන්ධතාවක් නඩත්තු කරන්නට තරම් හෝ බුද්ධියක් ඇති මාධ්‍ය…

රාජපක්ෂ පවුල + ඒකාබද්ධ විපක්ෂය + ජවිපෙ + මහරාජා කොම්පැනිය + දෙමළ ඩයස්පෝරාව + කොටි සංවිධානය: අශුද්ධ සන්ධානයට මළ මිනිී ඕනෑ කර තිබේ. – අජිත් පැරකුම් ජයසිංහ

වසර 2002දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ගෙන එන ලදී. කොටි සංවිධානය සමග සටන් විරාමයකට එළැඹ සාකච්ඡාමය විසඳුමක් සඳහා ද පියවර ගන්නා ලදී. මේ හා සමාන්තරව ජාත්‍යන්තර වශයෙන් ලෝක වෙළඳ සංවිධානයේ ගෝලීයකරණ වැඩසටහන ඉදිරියට පැමිණියේ ය.රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ සමග බද්ධ වෙමින් බටහිර රටවල හා ජපානයේ ආධාර ඇතිව වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ…