ව්‍යවස්ථා විරෝධයෙන් ජනපති අමාරුවේ දමන මහින්දවාදී සැලසුම් – මහින්ද රත්නායක

   මා ඔබට සහය ලබාදුන්නේ කිසිදු ගිවිසුමකට අත්සන් නොකර, ඔබ කෙරෙහි තැබු විශ්වාසය නිසා වන හෙයින් මගේ ජනතාව ළඟට නැවත මට යන්නට පුළුවන් තරමේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණටක් ඇති කිරීම ඔබගේ යුතුකම බව, යෝජිත නව ආණ්ඩු ක්‍රමය පිළිබඳ පැවැති සාකච්ඡාවක දී ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධිපතිතුමාට පැවසූ බව දැනගන්නට තිබේ. තව ද ජනාධිපතිතුමා එම යුතුකම…

|

වෙළඳපොළ විරෝධී හාල්පාරුවන් එක්ක හාල් ගන්න කඩේ යමු – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ රජය හාල් සිල්ලර බඩු විකිණීම පවා කළ යුතු බවයි. එහෙත්, දෙවන ලෝක යුද්ධ සමය වන විට පවා ලංකාවේ රජය වෙළඳාම්වල නිරත වුණේ නැත. වෙළඳාම කළේ වෙළෙන්දෝයි. ඒ වන විට ආනයන අපනයන වෙළඳාම අල්ලාගෙන සිටියේ ඉන්දියන් ජාතිකයෝ ය. 1942 අප්‍රේල් 5 ජපන් හමුදා කොළඹට බෝම්බ දැමීම සමග මෙම ඉන්දියන් ජාතිකයෝ ව්‍යාපාර අතහැර…

විජය කුමාරණතුංග: ‘සිහින ලොව කුමරා’ගේ හිසට වෙඩි තැබීම

  විජය කුමාරණතුංග, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කපිතාන් රහීම් හෙවත් බාලසුබ්‍රමනියම් කණගරත්නම් සමග යාපනයේ දී – 1986 ඔක්තෝබර් එක් දහස් නවසිය අසූ අටේ පෙබරවාරි 16 වැනිදා කොළඹ පොල්හේන්ගොඩ දී විජය කුමාරණතුංග වෙඩිතබා ඝාතනය කළ ලයනල් රණසිංහ සහ ටාසන් වීරසිංහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේ යැයි කියන කට උත්තරයට අනුව, විජය මරාදැමිය යුත්තේ මන්දැයි ඔහු ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ…

මැතිවරණ ජය ගත හැකි සන්ධානයක් වෙත ආපසු යාම -ජෙහාන් පෙරේරා

වසර දෙකකට කලින් දෙන ලද පොරොන්දු ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මතු වී ඇති මහජන අප්‍රසාදයට ආණ්ඩුව දැන් පත්ව තිබේ. සෑහීමකට පත්විය හැකි ආකාරයකින් දූෂණය පිටුදැකීම, ඇසට පෙනෙන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම හෝ යුද්ධය හා බැඳුණු අසාධාරණකම් නිවැරදි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තවම ප්‍රගතියක් පෙන්වා නැති බව ජනතා මතයයි. මේ කරුණු සම්බන්ධයෙන් සාර්ථකත්වයක් අත්කර ගත නොහැකි වීම…

සයිටම් නාටකය

සයිටම් නම් වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධිත අර්බුදය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පමණක් නොව සමස්ත සමාජයේම අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කර ඇති බව පෙනේ. සයිටමය වසා දැමිය යුතුද, පවත්වාගත යුතුද යන්න වෙනම කතිකාවකි. එහෙත් මේ හරහා නීතියේ ආධිපත්‍යය බලවත් ආකාරයෙන් කතාබහට ලක්ව ඇති ආකාරයක් පෙනේ. අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය බලවත්ය. එය සමාජයේ හෑල්ලූවන ආකාරයෙන් කතාබහට ලක්වී ඇති බව…

විකුණන බයිලා – සී. ජේ. අමරතුංග

  රාජ්‍ය ආයතන පාඩු ලැබීම, අකාර්යක්ෂමතාවය ඒවායේ දූෂණ හා වංචා දැන් බරපතළ ප්‍රශ්න බවට පත්ව ඇත. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුව පසුගියදා වාර්තා කළේ රාජ්‍ය ආයතන පහළවක් කෝටි එකොළොස් දහසක් පාඩු ලබා ඇති බවයි. ඒ පසුගිය වසර කිහිපයකදීය. මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේ මෙම පාඩු සිදුව ඇත්තේ පසුගිය සමයේ බව…

අන්තවාදයට යට වූ අධ්‍යාපනය – වසන්ත ප්‍රිය රාමනායක

  ‘සයිටම්’ අර්බුදය ඇසුරින් හෝ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ රජයේ පිළිවෙත නිරවුල්ව ප්‍රකාශයට පත් විය යුතුය. මේ වන විට දැන ගැනීමට තිබෙන්නේ රජයේ වෛද්‍ය සභාව ද මේවා සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකසා නොමැති බවයි. නැතිනම් වෛද්‍ය සභාවට ද වෛද්‍ය විද්‍යාලයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය ක්‍රමවේද මොනවාදැයි ප්‍රකාශයට පත් කළ නොහැකි මට්ටමක පසුවන බවයි. මේ වනවිට ලොව පුරාම…

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඉක්මන් කල යුතුයි – ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඞීව් ගුණසේකර

අපි 72දි අපේම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකෙදි තමයි අපිට පූර්ණ නිදහස ලැබෙන්නෙ. මැතිණිගෙ ඔඩොක්කුවේ තිබ්බ පරමාධිපත්‍යය ජනතාවට පැවරෙනවා. ඒක ලොකු අරගලයක්. අපි එහෙම ඉදිරි පියවරක් ගත්තට ඒක පවත්වාගෙන යන්න ලොකු ශක්තියක් තිබුණෙ නෑ. දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලන නායකයින් ඒකට සහභාගි කරගන්න බැරි උන එක ෙඓතිහාසික වැරැුද්දක්. ඒක තමයි 72 ව්‍යවස්ථාවේ ප‍්‍රධාන අඩුපාඩුව. නිදහස ලැබිලා අවුරුදු…

සංසෝධන ගෙනත් කරන්න පුලූවන් දේ සීමා සහිතයි. අපට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් පමණක් නොව නවීන ව්‍යවස්ථාවක් – ජයම්පති වික‍්‍රමරත්න

1978 සැප්තැම්බර් මාසයේ සිට ම පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එරෙහි විශාල ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒ නිසා පටු දේශපාලන කෝනයකින් මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය දිහා බලන්නෙ නැතුව, ඒක ජනතාවට අවශ්‍ය, රටට අවශ්‍ය, අපි සියලූ දෙනාට ම අවශ්‍ය කාරණයක් හැටියට ඉතාමත් පුළුල් ලෙස හිතලා මේ ප‍්‍රශ්නය දිහා බලන එක ගැන, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ගැන ඇත්තවශයෙන්ම අපිට තිබෙන්නේ ආඩම්බරයක්….

අවුරුදු 69 කින් 57 ක්ම ගිජු ලෙස ගිල දැමූ දේශපාලඥයන්-කේ. කේ. එස්. පෙරේරා

දේශපාලන දේහය තුළට කාවැදුණු දූෂණයට, නිදහසින් පසු කාලයෙන් විශාල කොටසක් බිළි වී ඇත. තවමත් එය එසේම පවතී. මිරිස් මල්ලක් හෝ හාල් මල්ලක් නැත්නම් වෙනත් සිල්ලර ගතමනාවක් ගත් වරදට දඬුවම් ලැබූ ඇතැම් ඇමතිවරුන් සිටි පශ්චාත්-නිදහස් ප්‍රථම වසර 12 අභිබවා, ගත වූ දශක කිහිපය තුළ බලයට පත් සෑම ආණ්ඩුවකම දේශපාලඥයන්ගේ බිලියන ගණන්වලින් මැණෙන දූෂණය, වංචාව සහ මගඩි…

විල්පත්තුවේ මිනිසුන්ගේ ප්‍රශ්නය දෙස ජාතිවාදීව ආගම්වාදීව බලන්න එපා.- ගාමිණී වියන්ගොඩ

සති දෙකකට පෙර අපි විල්පත්තු ගියා මේ කාරණා සම්බන්දයෙන් හොයලා බැලුවා.ඒ ගමන නිසා අපේ තිබුණු යම් මතයක් සනාථ වුනා. මෙහි කිසියම් වූ ජාතිවාදයක් තියෙනවා. ඒක මෙහෙය වන්නේ යම් යම් දේශපාලනඥයන් විසින් ඒ අයගේ වාසියට මෙහෙයවනු ලබනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ට විරුද්ධව අද දක්වා වත් සිංහල දකුණේ කථිකාව තුල වැදගත් මාතෘකාව වෙන්නෙ කුමක්ද ? 1990 දි විල්පත්තුව…

මේ අරාජිකත්වය අවසන් කළ යුතු ය – අජිත් පැරකුම් ජයසිංහ

රට වේගයෙන් අරාජිකත්වයක් වෙත තල්ලු වෙමින් තිබේ. එය නිරූපණය වන පැති කීපයක් තිබේ. රටේ පැහැදිලි දේශපාලන නායකත්වයක් නැත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කරන්නේ ඒකීය ධාරණාවකින් නො වන බව පැහැදිලි ය. ඔවුන් අතර සාකච්ඡා, අවබෝධතා හා සම්මුති ඇති බවක් නො පෙනේ. විශේෂයෙන් ම අගමැතිවරයාගේ ගජමිතුරු කල්ලිය කටයුතු කරන ආකාරය ගැන දැඩි විවේචනයක් තිබේ. එය වනාහි රට…