ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයේ හැරවුම් ලක්ෂයක් – මහින්ද රත්නායක

”ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකත්වය කරා ගෙන යන්න නම්, එම කර්තව්‍යයට කරගහන බරදරන්නකු සහ ”වීරයෙකු” සිටිය යුතු ය.  එම බර දරන්නා නොසැලෙන අධිෂ්ඨානයෙන් සිටිය යුතුවා පමණක් නොව  තමන්ගේ පෞද්ගලික දේශපාලන  ඉරණම, ප‍්‍රජාතන්ත‍්‍රවාදි විප්ලවයේ නායකත්ව කාර්ය්‍යය සමඟ අනන්‍ය කරගත්තෙකු විය යුතු ය. දේශපාලන සටනේදී මතුවන චූල දේශපාලන න්‍යාය පත‍්‍ර වලින් තම ඉදිරි දැක්මට හානි පමුණුවන්නට ඉඩ…

පාර්ලිමේන්තුව කෙළෙසන ඒකාබද්ධයේ සැබෑ අරමුණ – තුෂාල් විතානගේ

‘ඒකාබද්ධ විපක්ෂය’ යැයි ස්වයංනාමකරණයක් කරගත් කල්ලිය පාර්ලිමේන්තුව තුළ හැසිරෙන අසංවර මෙන්ම කඩාකප්පල්කාරී භාවිතයට මේ වන විට මුළු සමාජයේම දැඩි සංවාදයට ලක්ව තිබේ. ඔවුන් මේ කඩාකප්පල් භාවිතය තුළින් අපේක්ෂා කරන්නේ කුමක්ද ? ඔවුන් ගමන් කරමින් සිටින්නේ කොතැනටද ? මේ ඒ ගැන විමසුමකි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයා යැයි කියා ගන්නා දිනේෂ් ගුණවර්ධධන මහතාට සතියක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට කතානායක…

වියත් මග​: ඒකාධිපති රාජ්‍යය වෙත යළි පල්ලම් බැසීම

මේ වන විට සිදාදියට ඇවිත් ඇති නවතම සංදර්ශනය හෙවත් සර්කසය වන්නේ, යහපත් අනාගතයක් වෙනුවෙන් වන වෘත්තිකයන්ගේ ‘වියත් මග’ යි. හොඳින් රංගගත කෙරුණු ‘වියත් මග’ සභාවේ ඉදිරි පෙළ මුල් අසුන්වල මහින්ද, ගෝඨාභය සහ බැසිල් යන රාජපක්ෂ සොහොයුරන් අසුන්ගෙන සිටීම, එම සභාවේ අභිප‍්‍රාය මොනවට කියාපෑවේය. එම ඉදිරි පෙළ සෙසු අසුන් අරක්ගෙන සිටියේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා,…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව;මුණිවත සහ අවස්ථාවාදය – බ්‍රි‍ටෝ ප්‍රනාන්දු – සභාපති , අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව

රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද? නැද්ද? යන්න මේ මොහොතේ රට තුළ ඇතිවී තිබෙන ප්‍රධානතම කථිකාවතය. සිංහල ජාතිවාදයට උඩගෙඩි සපයන පාර්ශවය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සිටී. එහි කිසිදු පදනමක් නැත. ඊට එක් හේතුවක් වන්නේ තවමත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා නොමැති බැවිනි. ඔවුන්ගේ විරෝධතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොව යහපාලන රජයටය. ඔවුන් ව්‍යවස්ථා කමිටු සඳහාද සහභාගී වූහ….

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ: ගිලිහී ගිය අවස්ථා සහ ඉදිරි මග​- ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න…….. වීඩියෝ

අපේ රටේ සිටින දෙමළ, මුස්ලිම්, සිංහල සහ කඳුරට දෙමළ කියන සියළු ජන කොටස් සහ විවිධ ආගමික කොටස්වලට එකඟ වෙන්න පුළුවන්, නොබෙදුණු සහ නොබෙදිය හැකි තනි රටක් නිර්මාණය කිරීමේ ව්‍යවස්ථාවක් හදන එක අත්‍යාවශ්‍යයි. බෙදුම්වාදයට විරුද්ධ වීමට අවශ්‍ය සියළු ආරක්ෂක ධිවිධාන දමලා, මේ රටේ විවිධ ජන කොටස්වලට මේ රටේ දේශපාලන බලයට සහභාගි වෙන්න පුළුවන්, මෙය අප සියළු…

පචවීමේ නොවැදගත්කම – වසන්ත ප්‍රිය රාමනායක

  සමහර දේශපාලනඥයන් හා නිලධාරීන් විවිධ තැන්වල පවසන බයිලා ගණයේ ප්‍රකාශ ජනාධිපති කොමිසමක් ඉදිරියේ ප්‍රකාශ කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැත. එසේම ඉහළ නියෝග මත තමන්ට ඉටු කිරීමට සිදු වූ නීතිවිරෝධී මෙන්ම රෙගුලාසි විරෝධී කාරණා ඉටු කිරීමට සිදු වූ බව නිර්භයව ප්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන් සමත් වීමද මෙහි විශේෂත්වයකි. රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා හා දූෂණ විමර්ශනය…

මුරුත්තෙටුවේ හාමුදුරුවො හොඳ පාඩමක් ඉගෙන ගත්තා – හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය

‘‘ඇමති වියරුවේ, හොරිකඩයින් කැළඹේ’’ කියලා මුරුත්තෙටුවේ හාමුදුරුවන් කියලා තියෙනව. මේ කියල තියෙන්නෙ අපිට වෙන්න ඇති. අපේ නම් කිසිම කැළඹීමක් නැහැ. ‘‘මැදින් සටන් කඩන හොරිකඩයින්ට සෞඛ්‍ය සේවාවේ ඉඩක් නෑ’’ කියලත් තියෙනවා. ඒක ඇත්ත. ශක්තිය තියෙන සංගම් ඊට අදාල ක‍්‍රියාමාර්ග ගන්නව නම්, ඒ ගොල්ලන්ට සහයෝගය දෙන එක තමයි මුරුත්තෙටටුවේ ආනන්ද හාමුදුරුවන්ට අද ඉතුරුවෙලා තියෙනදේ. ඒ මිසක් වැඩවර්ජන…

ඔක්තෝබර් විප්ලවය සියවස සමරයි මෛත්‍රී, රනිල් පෙරමුණ ගනිති – මහින්ද රත්නායක

     මානව ඉතිහාසයට විශාල බලපෑමක් කළ රුසියානු විප්ලවයට වසර 100ක් සම්පූර්ණ වන්නේ මේ වසරේ දී ය. මේ කියන ලද විප්ලවයට ඇති ආකර්ෂණය දුබලව ඇති නමුත් ලෝකයේ සෑම රටකම පාහේ සිටින වාමාංශිකයෝ රුසියානු විප්ලවය සමරති. රුසියානු විප්ලවයට ශ්‍රී ලංකාවේ ද සැලකියයුතු ආකර්ශනයක් නැති නමුත් පසු ගිය 13(ඊයේ)වෙනිදා රුසියානු විප්ලවයේ ශත සංවත්සර උත්සවය පැවැත් විය. යහහපාලන…

කුමන්ත්‍රණ න්‍යාය හා ගොඩනැගෙමින් ඇති ප්‍රජාතන්ත්‍රවාදය – අජිත් පැරකුම් ජයසිංහ

  දුමින්ද සිල්වා යනු මැරවරයෙකි. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ද මැරවරයෙකි. මොවුන් දෙදෙනා ම මහින්ද රාජපක්ෂ නම් මහා මැරවරයාගේ විවිධ කොන්ත්‍රාත්තු ඉටු කිරීමෙන් බලවත් වූ අයයි. භාරත ලක්ෂ්මන්ගේ දියණිය වන හිරුනිකා ද මැරවරියකි. පුද්ගලයකු පැහැරගෙන ගොස් හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහි නඩුවක් අධිකරණයේ විභාග වෙමින් තිබේ. අපට පෙනෙන ආකාරයට නම්, අතරමග සම්මුතියක්, පක්ෂපාතී නඩු තීන්දුවක්…

මෙන්න බුද්ධි අංශ දඩයම් කරනවෝ ; ගොබෙල්ස්වාදීන් නොකියන කතාව – තුෂාල් විතානගේ

අද ‘බුද්ධි අංශ දඩයම’ කියලා මහා ඝෝෂාවක් නඟන හිටපු පාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් සමාජය හමුවේ සඟවන්න උත්සාහ කරන්නේ කිසිදා එළි නොවනු ඇතැයි සිතා සිටි ඔවුන්ගේ මේ කැත සෙළුවයි. අපි සමාජයක් ලෙස මේ තත්ත්වය වටහා ගත යුතුයි. නිල සංඛ්‍යා ලේඛන නැති නිසා දස දහ දහස් ගණනක් යැයි සැලකිය හැකි බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් අද චෝදනා ලබා සිටින්නේ…

|

රුසියානු විප්ලවයේ ශත සැමරුම් උත්සවය 2017-මාර්තු-13 වැනිදා

රුසියානු විප්ලවයට වසර සියයයි. ඒකාධිපතිවාදයට, අයුක්තියට අසාධාරණයට එරෙහිව මිනිස් ඉතිහාසය තුල සිදුවූ අති ප‍්‍රබල මානව භූමිකාව වන්නේ රුසියානු විප්ලවයයි. 1917 පෙබරවාරියේ සිට ඔක්තෝබරය දක්වා සිදුවූ ඒ විප්ලවයට දැන් වසර සියයක් සම්පූර්ණ වී තිබේ. රුසියානු විප්ලවයේ ශත සැමරුම් උත්සවය 2017-මාර්තු-13 වැනිදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ නුගසෙවණ පරිශ‍්‍රයේදී පැවැත්වේ. මෙම උත්සවය ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,ගරු අග‍්‍රාමාත්‍ය…

ව්‍යවස්ථා සංශෝධනයේ යහපාලන ලක්ෂණ – ගාමිණී වියන්ගොඩ

  යහපාලනයේ පදනම වැටී තිබුණේ ප්‍රධාන කාරණා දෙකක් මූලික කරගෙනය. එක, දූෂණය හා දණ්ඩ මුක්තිය පිටුදැකීමය. එනම් රාජපක්ෂ පාලන සමයේ දූෂණ ක්‍රියාවල නිරතවීමෙන් දණ්ඩ මුක්තිය හිමිවූවන්ට තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන එනවාය, දඬුවම් ලබාදෙනවාය කියන කාරණයයි. දෙක, ඒකාධිපති පාලකයකු බිහිකරන විශාල බලයක් ඒකරාශීවි තිබෙන වත්මන් ජනාධිපති ධුරය අහෝසි කර බලය බෙදීමේ ක්‍රියාවලිය මූලික කරගත් ආණ්ඩුක්‍රම…