සම්මුතිවාදී දේශපාලනය පරීක්ෂාවට ලක්වීම – ජයතිලක ද සිල්වා
දිග් ගැස්සුණු කඹ ඇදිල්ලකින් පසු කැබිනට් මණ්ඩලය දිව්රුම් දුනි. මොන පැත්තකින් බැලූවත් එය විශාල එකකි. ගුණයට වඩා ප්‍රමාණය ඉහවහා ගොස් ඇති සෙයකි. ‘ජාතික ආණ්ඩුවක’ නාමයෙන් එම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය වලංගු භාවය ලැබී තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එම ආණ්ඩුව හඳුන්වන්නේ ‘සම්මුතිවාදී සභාගයක්’ වශයෙනි. එය වඩාත් යෝග්‍ය යෙදුමකැයි පෙනේ. මොන නමකින් හැඳින්නුවත්, ඒ වූ කලී, මූලික…