ඇමරිකාවේ ෆැසිස්ට්වාදයේ දුර්ගන්ධය- ජෝන් මෙත්තා

මේ ගිම්හානයේ සහ සරත් කාලයේ, ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ ඇති වන හැඟීම් සහ පුද්ගල අත්දැකීම් අළලා මම සුළු ජාතිකයන් සමග සම්මුඛ සාකච්ඡා බොහොමයක් පැවැත්වූයෙමි. මේ සෑම සම්මුඛ සාකච්ඡාවකදීම මතු වූ එක් ප්‍රධාන කරුණක් තිබුණි: එනම්, මෙවැන්නක් සිදුවිය හැකි බව කවුරුත් දන්නා බවයි. අපෙන් ඇතැමෙකුට, එම හැඟීම, වාතයේ පා වෙන යම් දුඟදක් සේ දැනිණ. මීට පෙර ජීවත්…

ආබාධිත සෙබලුන්ගේ විශ්‍රාම වැටුප් සටනෙන් ගැඹුරට දේශපාලනය – අජිත් පැරකුම් ජයසිංහ

යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ට රණවිරුවන් යයි කියනු ලැබේ. ඒ අන්දමින් ම යුද්ධයෙන් ආබාධිත සෙබළුන්ට ආබාධිත රණවිරුවන් යි කියනු ලැබේ. ආබාධ නැති සෙබළුන්ට ද රණවිරුවන් ය භාවිතා වනු නිරීක්ෂණය කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු හමුදාවට බැඳුණු අයට ද රණවිරුවන් යයි කියනු ලැබේ. රණවිරුකම වෘත්තියක් වී ඇති සෙයකි. සොල්දාදුවාගේ වෘත්තීය අනන්‍යතාව නිසි පරිදි යළි පිහිටුවීම යුදහරණ…

බලය නොබෙදා, අාර්ථික ප්‍රශ්න විසඳිමෙන් ජාතික ප්‍රශ්නය විසඳන්න බෑ-අමාත්‍ය මනෝ ගනේෂන්

භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී ගැටලු රාශියක් ඇතිවෙලා තියෙනවා. සිංහල සහ දමිළ දෙකම රාජ්‍ය භාෂා වියයුතුයි. ව්‍යවස්ථා නිර්මාණ වැඩපිළිවෙළ තුළ මෙහෙයුම් කමිටුවලට මම සහභාගී වෙනවා. ඒ වාගේම මන්ත්‍රීවරු මැති ඇමතිවරු රාශියක් සහභාගි වෙනවා. එතැනදී මම ප්‍රකාශ කලා භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධ කිසිම සාකච්ඡාවකට සංවාදයට මම ඉඩ දෙන්නෙ නෑ කියලා. පොඩි පොඩි තාක්ෂණික වැඩ තියෙනවා. මම…

නීතිපති කෝප් වාර්තාවට පදනම් වූ සාක්ෂි ඉල්ලයි

ඉදිරි පියවර ගැනීම සදහා තමන් වෙත ඒවා ඇති කෝප් වාර්තාව අසම්පුර්ණ බවත් එම වාර්තාවට පදනම් වූ සාක්ෂි ලැබී නැති බවත් නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි . මහා බැංකු නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශව කෝප් කමිටුව හමුවේ දුන් සාක්ෂි තමන්ට විමර්ශනය කිරීමට අවශ්‍ය බවත් ඒවා පාර්ලිමේන්තුවෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් එම ආරංචි මාර්ග කියයි . කෝප් වාර්තාවේ…

රණවීරයන් සමග ගම්මන්පිලයන්ගේ කුමන්ත්‍ර‍ණ

  බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, උදය ගම්මන්පිල වැනි රාජපක්ෂවාදී ජාතිවාදීන්ගේ උපායමාර්ගයකට අනුව ඊයේ කොළඹදී මහා කලබලයක් ඇති කළ ආබාධිත සෙබළුන් පිරිසගේ ඉල්ලීම රජය විසින් ලබා දී තිබේ. මෙම ඉල්ලීම 2008 පමණ සිට පැවති, උදය ගම්මන්පිලලාගේ, රාජපක්ෂලාගේ ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබිණි නම් ලබා දිය හැකිව තිබුණු ඉල්ලීමකි. එම ඉල්ලීම මුළුමනින් ම සාධාරණ නැත. මෙම සෙබළු සියලු දෙනා…

ජනාධිපතිවරයාත්, අග‍්‍රාමාත්‍යවරයාත් තමන්ට ලැබිල තියෙන ජනවරමට අනුව කටයුතු කළ යුතුයි. – චමීර පෙරේරා – වමේ කේන්ද්‍රය – සම කැඳවුම්කරු

ජනවාරී 8 මේ රටේ ආරම්භ කළ දේශපාලන පරිවර්තනයේ අභිලාෂයන් ආරක්‍ෂාකරගන්න නම්, වික‍්‍රමසිංහ මහත්තයට තියන අර්ජූන මහේන්ද්‍රන් ලැදියාව අත්හරින්න අවශ්‍යයි. ඒ වගේම මෛත‍්‍රීපාල මහත්තයට තියෙන ගෝඨාභය පේ‍්‍රමයත් අත්හරින්න අවශ්‍යයි. අපිට තියෙන ප‍්‍රශ්නය තමයි, මේ දෙපොල ජනවාරි 8 ඇතිකරගත්ත අභිලාෂයන් වලින් එහාට ගිහින්, ජනවාරි 8ත්, අගෝස්තු 17ත් මේ රටේ මහජනයා සමග ඇතිකරගත්ත එක`ගතාවයන්ගෙන් එහාට ගිහින් තමතමන්ගේ න්‍යායපත‍්‍රයන්ට…

කෝප්: අපේක්ෂාවේ සහ අපේක්ෂා භංගත්වයේ රංගනය -ජයතිලක ද සිල්වා

මහත් උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව බලා සිටි කෝප් වාර්තාව (රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ. ඉතා හොඳින් කරුණු සළකා බැලීමෙන් පසුව, සාරානුකූල වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන කෝප් කමිටුවටත්, විශේෂයෙන් එහි සභාපතිවරයාටත් ප්‍රශංසාව හිමි වෙයි. පෙර නොවූ විරූ තරමේ අති…

ජනවාරි 8 වෙනිදා ජයග‍්‍රහණය සිවිල් ජනතාවගේ ජයග‍්‍රහණයක් – රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන

පහුගිය දවස්වල මහාචාර්ය සරත් විජේසූරිය පණ්ඩිත කතා ටිකක් කිව්වා, ආණ්ඩුව කරගෙන යන්න  ඕන විදිහගැන. ඇමතිවරු අස්කරන එක ගැන, ඒ වගේම සමහර නිලධාරින් ඒ ඒ තැන්වල තියාගන්න එපා කියල විවිධ අවස්ථාවල කව්ව. විශේෂයෙන්ම ජනාධිපතිතුමා, සී.යි.ඞී. එකට, එෆ්.සී.අයි.ඩි. එකට සහ අල්ලස් කොමිෂන් සභාවට දැඩිලෙස පහරදීල කතා කෙරුවට පස්සෙ අපි පුරවැසි බලය රැුසවීමක් තියපු වෙලාවෙ සරත් විජේසූරිය මහත්තය…

මහින්ද රාජපක්ෂ බුද්ධි අංශ පාවිච්චි කළේ අතකොලු හැටියට- නීතිඥය ජේ්. සී වැලිඅමුණ

ජනවාරි 8 වෙනසක් එක්ක නොයෙක් ආකාරයේ ප්‍රතිසංස්කරණ ගැන කතාබහක් සමාජයේ තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හෝ සාමාජීය ප්‍රතිසංස්කරණ පිලිබඳව ගොඩාක් අය අදහස් ප්‍රකාශ කලා. ඒ කාලෙ කරපු අපරාධ පිලිබඳව, ඒ කාලේ කරපු අපරාධ යටපත් කලේ ඇයි කියලා අපි නොදන්නවා නෙවෙයි. ඒ පිලිබඳ කිසිදු පරීක්ෂණයක් සිදුනොවන නිසා, එවැනි අපරාධ පිලිබඳ නැවත විමර්ශන කිරීමේ අවශ්‍යතාව අපට තදින්ම දැනෙනවා….

උසාවි නිහඬ වන විට- ෂෂ්නික් ධනුෂ්ක සහ ඇන්ඩි ෂුබෙර්ට්

ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ නැමැති අළුත් චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට තැබීම වාරණය කරමින් අධිකරණය පැනවූ නියෝගය, ශ්‍රී ලංකාවේ යුක්ති විනිශ්චය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමේ අවකාශයක් විවෘත කොට තිබේ. (මේ වාරණය අධිකරණය මගින් පසුව ඉවත් කරන ලදි- පරිවර්තක) චිත්‍රපටිය පදනම් වන්නේ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැමියෙකු නිදහස් කිරීම සඳහා අනුග්‍රහයක් වශයෙන් ඔහුගේ බිරිඳව ලිංගික අපයෝජනයට යොදා…

රනිල් සල්ලි යටි මඩිගහන හොරෙක් නෙවෙයි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

අද මේ රට තුල විශාල දේශපාලන ගැටුම් තිබෙන අවස්ථාවක් මේක. මක්නිසා ද යත්, අලුත් ව්‍යවස්ථාවක් හදල දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් සහිතව ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් රටතුල ඇතිකර ගැනීම සඳහා ක්‍රියාකාරීත්වයක් ගොඩනැගෙමින් තිබෙන වෙලාවක්. මේ ක්‍රියාදාමයට හතුරුවු ජාතිවාදී, ෆැසිස්ට්වාදී කොටස් විශාල මුදල් සම්භාර එකතු කරමින් නොයෙක් උද්ඝෝෂණ කර එම වැඩ පිළිවෙල බිඳ දැමීමට උත්සහ දරණ අවස්ථාවක්. මේ වෙලාවෙම…

නීතිය, මහ බැංකු බැඳුම්කර හා සියඹලා – අජිත් පැරකුම් ජයසිංහ

මම නීතිය හැදෑරූ කෙනෙක් නොවෙමි. මා නීතිය දන්නේ නීති ගරුක පුරවැසියකු දත යුතු මට්ටමට පමණි. නීතියේ දර්ශනය ගැන නම් මම මෙලෝ දෙයක් නො දනිමි. මා මතු කරන මෙම ප්‍රශ්නය නීතියේ දර්ශනයට අදාළ දෙයක් නම්, කරුණාකර නීතිය දන්නා අය මෙය මෙහිදී හෝ වෙනත් තැනකදී පැහැදිලි කරන්න. කෝප් කමිටුවේ වාර්තාවෙන් හෝ ඒ සඳහා පාදක කර ගත් විගණකාධිපති…