මහින්ද කරපු දේවල් අද පාරාවළල්ලක් වෙලා – ප්‍රවීන සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර
ජනතා විමුක්ති පෙරමුණ ගැන අද හැමෝම කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ තමයි ගැලවුම්කරයා කියලා හිතනවා. මේක මේ යුගයේ විතරක් නෙමෙයි වරින්වර මතුවෙමින් යටයමින් පවතින තත්ත්වයක් නේද? ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවත් එක්ක ඇතිකරගත්තා වූ එක`ගතාවය මත කෙරුණු මැතිවරණයේ දී ඔවුන්ට සැලකියයුතු ආසන ප්‍රමාණයක් ලැබුණා. නමුත් තනි පක්ෂයක් විදිහට මෙවැනි ප්‍රසාදයක් මැතිවරණ ක්ෂේත්රයේ…