සොරුන් සිටිය යුත්තේ ඔවුන්ට නියම තැනයි – අජිත් පැරකුම් ජයසිංහ

මහින්දගේ හොර පොල් නඩය පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් නටන්නේ ඔවුන්ගේ ම අර්බුදය නිසා ය. අලුතෙන් පක්ෂයක් හදනවා ය කියා කයිවාරු දෙඩුවත් හදන පක්ෂයක් ද නැත. මෙම පක්ෂයට එක් වන බව කියමින් මේ දිනවල පුවත්පත් සාකච්ඡා පවත්වන පළාත් පාලන මන්ත්‍රී නඩය ගෙන බලන්න. මොවුන්ගෙන් වැඩිදෙනෙක් පසුගිය වසර දහයක පමණ කාලයක් මෙම තනතුරු දැරූ අයයි. මූලික ලක්ෂණයක් වන්නේ…

ආණ්ඩුව ප‍්‍රශ්නයක් වෙනුවට තවත් ප‍්‍රශ්නයක් ගෙනත් දානවා – ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස පහත වැටී තිබියදී ආණ්ඩුව කළුකඩකාරයෙක් වගේ ලාභ ලබමින් ඉන්නවා. මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ජනතාවට සහන ලබාදීම නොවේ. මේ ආණ්ඩුව සහන කපන ආණ්ඩුවක්. ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය, රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප කපා හරින්න ආණ්ඩුව උත්සාහ කළා. පාසැල් ළමුන්ට නිල ඇඳුම ලබාදෙනවා වෙනුවට මුදල් ලබාදී එම සහනය කප්පාදු කිරීමට උත්සාහ කළා. ජනතාවට…

මහින්දලාට අලුත් පක්ෂය හදා ගන්න ඉඩ දෙන්න – අජිත් පැරකුම් ජයසිංහ

මහින්ද, ගෝඨාභය, බැසිල්, විමල්, උදය, දිනේෂ්, වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව, ඩලස්, බන්දුල ආදීන් එක්ව ශ්‍රීලනිපය කඩා අලුත් පක්ෂයක් පිහිටුවන්නට යන බවට මේ දිනවල ලොකු ටෝක් දෙමින් සිටිති. මෙම පිරිස වෙන ම ගොනු වීම ඇත්තෙන් ම රටට කරන ලොකු සෙතකි. නම් වැල කියවූ පමණින් ම මොවුන් කවුරු ද යන්න පැහැදිලි ය. සරළව කිව්වොත්, මේ වනාහි පසුගිය…

ජනතාව පත්කළා මිස තම බුද්ධි මහිමයෙන් පත් නොවූ බව පාලකයින් තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහීම් මෙන්ඩිස්

ගැටුම්වලට හේතුවන්නා වූ පසුබිමක් තුළ අරගලය නිෂ්ක‍්‍රිය වන විදිහේ වැඩ පිළිවෙලක් සිදු වුණේ නැත්නම් සැබැවින්ම නැවතත් අරගලයක් ඇති වේවි. ඒක පුදුමයට කාරණවක් නොවේ. පසුගිය දා සමරනු ලැබුවේ 68 වන නිදහස් උත්සවයයි. අපේ රට නිදහස ලබා වසර 68 ක් පසුකර තිබෙනවා. අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද දසක හතකට ආසන්න කාලයක් පුරා අපේ රට ලබා තිබෙන දියුණුව ගැන….

හොර පොල් ගැහිල්ල හා තුන් මුල්ල පැනීම (ජන ක්‍රීඩා දෙකක්) – අජිත් පැරකුම් ජයසිංහ

මහින්දගේ හොර නඩය ඊයේ නාඩගම් කීපයක් රඟ දැක්වූ හ. නාට්‍යමය පුවත් නැතිව වේලෙන මාධ්‍යකරුවන්ට ඊයේ දිනය අමන්දානන්දයට හේතු වූ දිනයකි. විමල් වීරවංශ රඟ පෑ එක්සත් ජාතීන්ට එරෙහි නාඩගම සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ සුළු දෙයකි. ඔහු හා ඔහුගේ අනුග්‍රාහකයා වූ මහින්ද රාජපක්ෂ ලංකාවේ ඒකාධිපතිකම් කළ සමයේ ඔවුන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ගන්නට තිබිණි….

“ජැක් සන්ලා ” ට කලාකරුවන් කියා කියන්න බැහැ. ඔවුන්ට කියන්න පුළුවන් ‘මුක්කු කරුවන්’ වගේ නමක්.- කලා මණ්ඩලයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

“ඥාණසාර කියන්නෙ බුද්ධ ශ‍්‍රාවකයෙක්ද කියන ප‍්‍රශ්නය පැන නගිනවා. ඔහු සිවුරු දරන්නෙක් බව ඇත්ත. ඔහුගේ ඇඳුම චීවරය මිසක් ඔහු බෞද්ධ භික්‍ෂුවක් නෙමෙයි. ඔහු චීවරධාරියෙක් ලෙසයි හඳුන්වන්න පුළුවන්. බුද්ධ පුත‍්‍රයන් කළ යුත්තේ ගිහියන් අතර ඇති භේද, ගැටුම්, වෛර සංසිඳුවමින් නිවන් මාර්ගය පෙන්වා දීමයි. ඥණසාර කරන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඒ අනුව බලන කොට ඥාණසාර බුද්ධ පුත‍්‍රයෙක් නෙමෙයි.” ඔබ…

සොරකම, නීතිය හා කඳුළු – අජිත් පැරකුම් ජයසිංහ

යෝෂිත ඇතුළ සීඑස්එන් නඩයට තමන්ගේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය හා වෙනත් මුදල් ලැබුණු හැටි පැහැදිලි කරන්නට බැරි වී තිබේ. එසේ නම් ඒ කළු සල්ලි බව පැහැදිලි ය. මේ මුදල් උපයා ගත්තේ කෙසේ ද? ඒවා දුන්නේ කවුරු ද? කිසිවෙක් ඒ තරම් මුදල් ඔවුන්ට පිරිනමන්නට හේතුව කුමක් ද? මේ මුදල් මේ රටේ මහජනතාවගෙන් සොරකම් කළ ඒවා හෝ මේ රට…

රාජපක්‍ෂ පාලනය දුෂණ, වංචා, අපරාධ සිද්ධ කරල තියෙන ආකාරය අනුව නීතිය අභිමුවට ගෙන ඒම ලේසි නෑ – මහාචාර්ය සරත් විජේසූරිය

රාජපක්‍ෂ පාලනය තුළ දුෂණ, වංචා, අපරාධ සිද්ධ කරල තියෙන ආකාරය අනුව නීතිය අභිමුවට ගෙන ඒම සරල කටයුත්තක් නෙමේ. රාජ්‍ය බලය යොදලා විවිධ සියුම් ක‍්‍රම විධි පරිහරණය කරල තමයි මේ සියලූ දේවල් කරල තියෙන්නෙ. යම්කිසි ආකාරයකට තමන්ගෙ අණසකට යටත් කරගෙන පොලීසිය, නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන සාධාරණ ආකාරයකට මේ පරීක්‍ෂණ සිදු කරයි ද කියන සැකය තිබුණා. පහුගිය…

රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

අගමැති රනිල් වික්‍රමසිංහ කබ්බන් ෆෝම් කරමින් පාර්ලිමේන්තුවේ පවත්වන ලද දිග කතාව සම්පූර්ණයෙන් ම කියවීමි. රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් එය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට සිදු වූ හෙයින් අකුරක් නෑර කියවූයෙමි. රජයේ සන්නිවේදන අසාර්ථකභාවයට රනිල්ගේ කතාව ම නිදසුනකි. රනිල් ඒ කතාව පුරා ම දඩයමේ යාමක් ගැන කියයි. එහි තේරුම කුමක් ද යන්න මම නම් නො දනිමි. මාධ්‍යකරුවන් දඩයමේ යනවා…

ඥානසාර සංසිද්ධිය – නිශාන්ත කමලදාස

ඥානසාර බෞද්ධ භික්ෂුවක් නොවේ. භික්ෂුවකට අවශ්‍ය ප්‍රධානම ශික්ෂාව වෙන උපේක්ෂාව ඔහු ළග නැත. තැන්පත් බව ඔහු ළග නැත. ඔහු සිවුර දරන්නේ එහි බලය දැන ගෙන මිසක එයින් වෙනත් කිසිවක් අගවන්නට නොවේ. මේ සියල්ල වටහා ගැනීමට ඔහුගේ හැසිරීම නිරීක්ෂණය පමණක් ප්‍රමාණවත් ය. ඥානසාර පුද්ගලයෙකු ඉක්මවයි. ඔහුගේ ශරීර කුඩුව ඉක්මවයි. ඔහු සිංහල බෞද්ධ ජාතිකත්වයේ නූතන සංකේතය වී…

ප‍්‍රගීත් අතුරුදහන් කිරීම රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ අනුදැනුමෙන්, ඔහුගේ සහෝදරයා අණ දුන් සිදුවීමක්. – සුජිත් අක්කරවත්ත.

ප‍්‍රගීත් එක්නැලිගොඩ කියන්නෙ මේ රටේ සමාජ මතමාන ව්‍යාපාරයේ දිගු අත්දැකීමක් තිබුණු, බුදු දහමේ කියැවෙන පිරිදි නිස්සරණඅධ්‍යාශයෙන්, තමන්ගේ කියල කිසිවක් අපේක්‍ෂා නොකර සමාජ විමුක්තිය සහ සමාජ මුක්තිය සාධනය කර ගැනීමේ සාධු චේතනාවෙන් කටයුතු කරපු ලේඛකයෙක්, නිර්මාණ ශිල්පියෙක්. ඔහු මට මුණගැසෙන්නේ ලංකාවේ ඝණදුරු දශකය කියල නම් කරන, 2005 සිට 2015 දක්වා ගෙවා දැමූ අන්ධකාර දශකය තුළ. ඔහු…

සමස්ථ ජනතාවම එක්කාසු කරන්න පුළුවන් ප‍්‍රජාතන්ත්‍රවාදයක අවශ්‍යතාවක් නොපෙනෙන පක්‍ෂයකට ලංකාවේ දීර්ඝ කාලීනව පාලන බලයක් හිමිකරගන්න බෑ – දයාපාල තිරාණගම

දින 100 ආණ්ඩුව ජනතාවට දැනෙන වැඩ කොටසක් කරල, මීට වඩා සහන දීල, කුස්සයෙ බර සැහැල්ලූ කෙරුව නම්, එක්සත් ජාතික පෙරමුණට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණ කියල ජනතාව අතර මතයක් තියෙනව. ඔව්. එහෙම කෙරුව නම්, ආණ්ඩුවක් පවත්වාගෙන යාමට හැකි බහුතරයක් හදා ගන්න තිබුණ. එත් 2/3 ක බලයක් ලබාගැනීමේ හැකියාවක් ලැබෙන්නෙ නැහැ. දින 100 ටත් නොගිහින් අපිට ශක්තිමත්…