අවශ්‍යම විකල්පය කුමක්ද ? – ආචාර්ය ජෙහාන් පෙරේරා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමට පෙර පැවැති ආර්ථික හා දේශපාලන අවුල්සහගත තත්ත්වය සහ ඉන් පසුව ඇති වූ ස්ථාවරත්වය අතර නිතර නිතර කෙරුණු සැසඳීම මේ වන විට තුනී වී ඇත. රටේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ආණ්ඩුවේ නායකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රකාශ කරන වත්මන් සන්දර්භය තුළ, කුසගින්නෙන් පෙළෙන මිනිසකුට දේශනා කිරීම ඵලදායී නොවන…