දේශපාලන ව්‍යාපෘතිය බංකොළොත් වීමෙන් වියරු වැටුණු අය මඩ ගහනවා – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

අනතුරට භාජනය වූ වාහනය මාගේ දේශපාලන කටයුතු සඳහා පක්ෂය විසින් මට ලබාදුන් වාහනයක්. 2012 වර්ෂයේ සිට එය මා භාවිතා කරනවා. එම වාහනය ලංකා බැංකුවේ ණයක් මත මාගේ නමින් මිලදී ගත් වාහනයක්. එය රජයේ වාහනයක් නොවේ. ඒ වගේම මේ සිදුවූ රිය අනතුර සාමාන්‍ය මාර්ග අනතුරක්. එවැනි සිදුවීමකදී පොලිස් පරීක්ෂණ අවසන් නම් පොලිසියට ඇප ලබාදීමේ හැකියාවක් තිබෙනවා….

|

සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත… – පෝද්දල ජයන්ත

විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ ඉරියව්වෙන් කොපමණ වෙලාවක් ඉඳ සිටියාදැයි නොදනිමි. ඒත් කඩදාසිය හිස් ය. මිනිසුන් දහස් ගණනකගේ කතාත්, තව බොහෝ දේත් හනි හනික ලියා පුරුදු මට, ලිවීම…

ඇමති ඩිලාන් පෙරේරා ජනවාරි 8 ජයග්‍රහණයේ සතුරෙක්-ජේ්‍යෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

ඩිලාන් පෙරේරා ඇමතිතුමා වරින් වර කරනු ලබන ප්‍රකාශ තුළින් ඔහු මෙම රජයේ වගකිව යුතු ඇමති වරයෙකු ද යන ප්‍රශ්නය මතු කරයි. ඔහු මෑතක දී විධායක ජනාධිපති ක්‍රමය එලෙසම පවත්වගෙන යා යුතු යැයි කරන ලද ප්‍රකාශය ඉතා භයානක ප්‍රකාශයකි. ඔහු එම අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස ලෙස ගෙන හැර දැක්වීම තුළින් දේශපාලන අර්බුදයක් ද නිර්මාණය…

සාම්පූර්හි නසීර් අහමඞ් සිද්ධිය පිළිබඳ පශ්චාත්-මරණ පරීක්ෂණය

පසුගිය මැයි 20 වැනි දා, සාම්පූර් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී නාවුක හමුදා නිලධාරියෙකුට නැගෙනහිර පළාතේ මහ ඇමති හෆීස් නසීර් අහමඞ් බැණ වැදීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයේ ආන්දෝලනය බොහෝ දුරට දැන් වියැකී තිබේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලියන ලද ලිපියක් මගින් මහ ඇමතිවරයා අදාල නාවුක හමුදා නිලධාරියා ඇතුළු සියල්ලන්ගෙන් සමාව අයැද සිටීම ඊට හේතු වන්නට ඇත….

අයර්ලන්තෙ ගියයි කියන අනුර ජනාධිපති කරමු. බිව්වයි කියන විජිත අගමැති කරමු. – අජිත් පැරකුම් ජයසිංහ

පිංතූර බලා බීලා ද නැද්ද කියන සාත්තරය අපි දන්නේ නැත. මේ දවස්වල විජිත නිසා ජවිපෙ නැවතත් මාතෘකාවක් වෙලා. ඒකට හේතුව පොඩි ක්‍රෑෂ් එකක්. ඒ වුණාට, ඒක හරියට උඩින් ගිය රහතන් වහන්සේ කෙනෙක් ගෑනු නාන තොටක් ගාවදි ක්‍රෑෂ් ලෑන්ඩ් වුණා වගේ සිද්ධියක් වෙලා. ඒ නිසා මම ටික දවසක ඉඳලා ලියන්න අදහස් කරමින් සිටින අදහසක් ලියන්නයි හදන්නේ….

අත්අඩංගුවට ගතයුතු අලි හොරු තව ඉන්නවා ;ඔවුන් ළග තවමත් අලි ඉන්නවා ; නීතිපතිවරයා නඩුව ඉදිරියට ගෙන නොගියහොත් අපි නඩු පවරනවා – ශ‍්‍රී ලංකා සොභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම්

සාම්පූර් ගල්අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම්  දිගටම කෙරීගෙන යනවද? ඒ පිළිබඳ පරිසර සංවිධානවල ස්ථාවරය කුමක්ද? මේ පිළිබඳව නඩුවකුත් පවරල තියෙනව. මේ පිළිබඳව රජය ඉන්දියාවත් එක්ක සාකච්ඡුා කරනව. යෝජිත ගල් අ`ගුරු බලාගාරය වෙනුවට එන්.එල්.ජී. කියන ස්වභාවික ද්‍රව ගෑස් පාවිච්චි කරල එල්.එන්.ජී. බලාගාරයක් ඉදිකරන්න පුලූවන්ද කියල. එය පරිසරයට හානිදායක නොවන කටයුත්තක්. එහෙම දේකට රජයට යන්න පුළුවන්නම් අපි ඒක…

මේ ආණ්ඩුවත් රට ගෙනයන්නේ අශිෂ්ටත්වයටයි – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක

මේ ආණ්ඩුව ගොඩනැගෙන විට ප‍්‍රධාන සටන් පාඨය වූයේ ඔවුන් යහපාලනය ගොඩනනගන බවයි. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් දේශපාලන අදහසක් තිබුණා. පවතින පාලනය අශිෂ්ට වී ඇත්නම් ඊට හේතුව පවතින සමාජ ආර්ථික දේහය බිඳවැටීම නිසා ඇතිවූ දෙයක් බව අපි දැනගෙන හිටියා. එම සමාජ ආර්ථික දේහය ගොඩනගන්නේ නැතිව ශිෂ්ට සම්පන්න පාලනයක් හදන්න බැරි බවත් අපි කිව්වා. එනිසා වත්මන් ආණ්ඩුව…

ඩිලාන් පෙරේරා සැරසෙන්නේ ජනාධිපතිවරයාව ගොනාට අන්ඳවන්ටයි- ආචාර්ය උපුල් අබේරත්න (දේශපාලන විද්‍යා අංශය රුහුණු විශ්වවිද්‍යාලය)

වර්තමාන ශ්‍රි ලාංකික දේශපාලන සන්දර්භය විමසා බැලුවොත් දේශපාලන විද්‍යාර්ථියෙක් ලෙසට කාරණා දෙකක් නිරික්ෂණය කළ හැක. පළවෙනි කාරණාව තමයි පසුගිය ජනාධිපතිවරණය හා මහා මැතිවරණයෙන් පසුව ලංකාවේ ඇතිවෙමින් තිබෙන සාධණීය දේශපාලන සංවර්ධන ක්‍රියාවලි ය. 1978න් පසුව ලංකා දේශපාලනය වෙලාගත්ත පුද්ගල අභිවාදනය මුල්කරගත් දේශපාලන සංස්කෘතියේ එන, එක පුද්ගලයෙකු වටා බලය සංකේන්ද්‍රගත කිරිමේ උත්සාහය තවමත් අඛණ්ඩව ගෙනයෑමට ඇතැම් පාර්ශව…

බලය බෙදන්නේ නම් ඒකීය භාවය හා බුද්ධගම නව ව්‍යවස්ථාවට ද ඇතුල් කිරීමට ඔවුන් එකඟයි- මහජන අදහස් විමසීමේ කොමිසමේ සභාපති- ජ්‍යෙෂ්ට නීතිඥ ලාල් විජේනායක

නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීමේ කොමිසම හැටියට අපි දැන් භාෂා තුනෙන් ම වාර්තාව සකස්කර අවසන් ය. දැන් තිබෙන්නේ එම වාර්තාව ව්‍යවස්ථා සභාවට භාරදීමට ය. ව්‍යවස්ථාවක් ගැන මහජනයා කියන්නේ මොනවා ද යන්න, අපගේ නිර්දේශත් සමග වාර්තාවක් සකස්කර ව්‍යවස්ථා මණ්ඩලයට භාරදීම තමයි අපිට නියම වී තිබෙන කාර්ය වන්නේ. ඒ අනුව අපි ජනතාව ඉදිරියට ගොස් අදහස් ලබාගත්තෙමු….

අධිවේගි මාර්ගයේ වැරදි ඉදිකිරීම් රටාව ගංවතුර ඇති වීමට හේතුවක් – ශ‍්‍රී ලංකා සොභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම්

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලින්, විශේෂයෙන් කොළඹ – වටරවුම් , කොට්ටාව – මාතර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ක‍්‍රමවේදයේම වැරැුද්දක් තියෙනව. කඳු කපල බිම පුරෝල කරන ක‍්‍රමය මේ රටට ගැලපෙන්නෙ නෑ. ප‍්‍රධාන ජල මාර්ග කිහිපයක් හරහා තමයි ඔය අධිවේගී මාර්ගය ගමන් ගන්නෙ. කලූ ග`ග, බෙන්තර ග`ග, ගිං ග`ග, පොල්අතුරමෝදර ග`ග ඒවායි. ඒ ප‍්‍රදේශ පුරවල තමයි අධිවේගි මාර්ගය ඉදිකරල තියෙන්නෙ….

ප්‍රොටොකෝල් නො දන්නා අාණ්ඩුකාරයාට හා හමුදාවට නැගෙනහිර මහ ඇමතිවරයා ඒවා කියා දීම වැරදි ද? – අජිත් පැරකුම් ජයසිංහ

නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්නට උත්සවයකදී බැන වදින දර්ශනයක් පිළිබඳ ලොකු හාහූවක් ඇති වී තිබේ. මෙම සිද්ධිය වී ඇත්තේ පාසලක පැවැත්වුණු උත්සවයකදී ය. නැඟෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු සහ ඇමරිකානු තානාපති අතුල් කේශාප් ද උත්සවයට සහභාගි වී තිබේ. මෙම උත්සවයට මහ ඇමතිවරයාට ආරාධනා කර නො තිබුණු බව වාර්තා…

නැගෙනහිර මහඇමතිගේ “නොමනා“ හැසිරීම – නිශාන්ත කමලදාස

නැගෙනහිර මහ ඇමති විසින් නිල ඇඳුම ඇඳ සිටි නාවික නිලධාරියෙකුට බැණ ඔහු එලවා දමන සිද්ධියක් උණු කැවුම් මෙන් මූණු පොතේ විකිණුනේ ය. ඒ හැසිරීම බොහෝ අය හෙලා දුටුවේ සිදු වූ සිදු වීම ගැන පවා හරි හැටි නොදැන ය. ඔවුන් ඒ බව නොදැන සිටි බවට මා උපකල්පනය කළ හේතුව වූයේ ඒ බැණ වැදීමට හේතුව හෝ ප්‍රස්තූතය…