මානවහිතවාදී විජයගේ ලෙයින් තෙත් වූ දම්පාට ධජය ජාතිවාදීන්ගේ පා ගමනකට පාවිච්චි කිරීම වැරදියි. – ජාතික මහජන පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් සමන් ධර්මප‍්‍රිය

ජතික මහජන පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් සමන් ධර්මප‍්‍රිය මහතා විසින් ඉහත ප‍්‍රකාශය කළේ, පසුගිය දා නුවර සිට කොළඹට පැමිණි ඒකාබද්ධ විපක්‍ෂයේ පා ගමනේ දී එක්තරා පිරිසක් විසින් අභාවප‍්‍රාප්ත විජය කුමාරතුංගයන්ගේ රුවත්, විජයගේ නායකත්වයෙන් නිර්මාණය කරන ලද ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ වර්ණය වන දම්පාට ධයත් එම පෙළපාලියේ ගෙනයාමට විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. මෙම…

මේ සමාජයේ පිළිකා වර්ග දෙකක් තියෙනව එකක් කායික පිළිකා. අනික ජනවාර්ගික ප‍්‍රශ්නය නමැති මානසික පිළිකා – ප‍්‍රවීන මාධ්‍යවේදී සුනන්ද දේශප‍්‍රිය

මේ සමාජයේ පිළිකා දෙකක් තියෙනව එකක් කායික පිළිකා. එය සුවපත් කළ හැක්කේ වෛද්‍ය ක‍්‍රම මගින්. අනික ජනවාර්ගික ප‍්‍රශ්නය නමැති මානසික පිළිකාව. මේ පිළිකා දෙකම නිසි කලට හඳුනාගෙන, නිසි විදිහට ප‍්‍රතිකා කෙරුවොත් සුව කළ හැකියි. ප‍්‍රවීන මාධ්‍යවේද සුනන්ද දේශප‍්‍රිය මහතා එසේ ප‍්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන කාන්තා අංශ නායිකා තමලිනී විසින් ද්‍රවිඩ බසින් රචනා කරන ලද…

මහින්ද ගේ එකම බලාපොරොත්තුව නැවත ආණ්ඩුවක් හැදීම නොව පරීක්‍ෂණ සිදුකරන නිලධාරීන් හා අධිකරණ විනිසුරුවරුන් බියගැන්වීම යි – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක

නිදහසින් පසු පසුගිය වසර 68ක් පුරා ප‍්‍රධාන පක්‍ෂ දෙක වෙන් වෙන්වත් එකතු වෙලත් අපේ රට පාලනය කළා. ඔවුන් අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිවිපාක තමයි අද රට මුහුණ දෙමින් තිබෙන්නේ. ණය බර වැඩිවීම, රාජ්‍ය ආදායම අඩුවීම, සමාජ අපරාධ වැඩිවීම, ජනතාවගේ ආදායම් විෂමතාවය වැඩිවීම වැනි බරපතළ ප‍්‍රතිවිපාකයන්ට අපේ රට ඇදගෙන ඇවිත් තිබෙනවා. මේ වනවිට ප‍්‍රධාන අර්බුදය වී…

නව ලිබරල්වාදය අවසන්, රනිල් යන්නේ වෙළඳපොල ධනවාදයටය- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

නව ලිබරල්වාදය අපේ රටේ පමණක් නොව පැහැදිළිවම ලෝකය පුරාම අර්බුදයට ගොස් ඇත. ජාත්‍යාන්තර ධනවාදය විසින් ම එය ඉදිරියට ගෙනයෑමට නොහැකි බව තේරුම්ගෙන තිබේ. ඒ නිසා දැන් නව ලිබරල්වාදය කියන පදනමේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කථාකරන්නේ නැත. ඒ අය මීට පෙර පැවසුවේ ඒ අය කියන සියලුම දේ ඉටුකළයුතු බවය. එහි දී එයට විරුද්ධවන අයට තුවක්කු ගෙන…

1983 ජුලි: යුද්ධය සහ එහි අනිටු පසු-විපාක- රවි පෙරේරා

1983 නැමැති ඒ ඉරණම්කාරී වසර ගැන බොහෝ දේ ලියැවී තිබේ. ඉන් බොහොමයක් හරහා එම කළු ජුලියට පාදක වූ හේතු කාරණා ගැන මෙන්ම එකී ජාතිවාදී ප්‍රහාරයන්හි ක්‍රෑරත්වයේ තරමත්, පාලකයන් විසින් එම සිදුවීම් පාලනය කිරීමට අසමත් වීමත් සාකච්ඡාවට ගෙන තිබේ. එහෙත් එම සිද්ධියේ කෙටි කාලීන සහ දිගු කාලීන ආදීනව ගැන ඒ තරමට සාකච්ඡා වී නැත. එවැනි මහා…

නිර්මාල්ගේ මාක්ස්වාදයෙන් ගැලවීම හා රෑට බත් නො කෑම – අජිත් පැරකුම් ජයසිංහ

කර්තෘ ප්‍රකාශනයකි. විමසීම්: shan.info1978@gmail.com පිලිප් ශාන්තගේ අප්පුහාමිලාගේ ඉඹලා පිළිගැනීම පොත දොරට වඩින මොහොතේ ඇති වූ සංවාදයේදී නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් අදහස් රැසක් ඉදිරිපත් කළා. ඒ අතරින් එක් කරුණක් ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට අදහස් කරනවා. ඒ තමයි වාමාංශිකයන් රැඩිකල් ලෙස මාක්ස් ලෙනින්වාදයෙන් කැඩීමේ අවශ්‍යතාව. ඇත්තම කිව්වොත් වාමාංශිකයන් වැඩිදෙනෙක් භාවිතාවේදී ස්ටාලින්වාදියෝයි. ස්ටාලින්වාදය කොහොමත් මාක්ස් ලෙනින්වාදය නොවන…

මේ පාද යාත‍්‍රා වලින් කරන්නේ වෛරය වැපිරීම පමණයි – මහාචාර්ය අජන්තා හපුආරච්චි

පසුගිය මැතිවරණයේ දි පැපරල් සංවිධානය ඇතුළු සංවිධාන රැුසක් විසින් උගත් බුද්ධිමත් පුද්ගලයන් පමණක් තමාගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර එවන්න කියල හඬක් රට පුරා ගෙනගියා. එහෙත් එය ඉටු වුණ බවක් පෙනෙන්න තිබුණෙ නෑ. ජනතාව තම අපේක්‍ෂකයන් පත්කර ගැනීමේ දී බුද්ධිමත් වී නැති බවයි පෙනෙන්න තියෙන්නෙ. පැපරල් සංවිධානය විතරක් නෙමෙයි මාදුලාවේ සෝභිත හාමුදුරුවොත් ඔය දේම කිව්වා. ලංකාවේ ඡුන්ද…

විපක්ෂ විරෝධතා පා ගමන මගින් ආණ්ඩු සන්ධානය තවත් තහවුරු කළා- ආචාර්ය ජෙහාන් පෙරේරා

විරෝධතා පා ගමනට නායකත්වය දුන් විපක්ෂයේ දැඩි අධිෂ්ඨානය ඔවුන්ගේ ශක්තිය විදහාපාන දර්ශකයක් නොවිණ. සිංහලයන්ගේ අවසාන රාජධානිය වූ මහ නුවර කඳුකරේ සිට වර්තමාන අග නගරය වන කොළඹට පැමිණි එම පා ගමන වැඩි අරුතක් දැනැවූ බවක් නොපෙනුණි. කෙසේ වෙතත්, විරෝධතාවයේ එක් සටන් පාඨයක් වූ විදේශිකයන්ට රට පාවා දීම යන චෝදනාව අනුව ගත් විට, නුවර සහ කොළඹ අතර…

ලෝකයේ දියුණු රටවල ගුරුවරයෙකුට පවා වෛද්‍යවරයෙකු විය හැක. ඒ නිදහසවත් අපේ රටේ නෑ- වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

මේ මොහොතේ රාජපක්ෂගේ කණ්ඩායම තුළ කථා වෙන මාතෘකා කිහිපයක් තිබේ. එයින් එකක් වන්නේ නව ව්‍යවස්ථා ය. දෙවැන්න වන්නේ ඝාතකයින් නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් ලබාදීම ය. පසුගිය දවසක නීෂා බිස්වාල් මහත්මියගේ පැමිණිම ද මේකට හේතු වි ඇත. ඇය දකුණු ආසියානු කලාපය භාර ඇමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියකි. ඇය ඇවිත් දුන් පොරොන්දු ඉටුකරන ලෙස ආණඩුවට මතක් කළා ය….

බලයෙන් පහකරපු දුෂිත දේශපාලඥයෙක් පසසෙ යන්නේ විලි ලැජ්ජා නැති පිරිසක් – මහාචාර්ය අජන්තා හපුආරච්චි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව ජනාධිපතිවරණයෙන් පරාජය කරමින් ජනතාව පැහැදිලි තීන්දුවක් දුන්නා. ඉන්පසුව පැවති මහ මැතිවරණයේදීත් මහින්ද කණ්ඩායම පරාජයට පත් වුණා. වත්මන් රජයේත්, වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය 2020 දක්වා වළං`ගුයි. දැන් මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමට උවමනා වෙලා තියෙනවා යළිත් ඉක්මනින් පාලන බලය අල්ලා ගැනීමට.  ඒ සඳහා පාද යාත‍්‍රාවක් පවා දියත් කරල තිබුණා….

විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කිරීමට ජනාධිපතිවරයා එකඟයි- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

1978 ව්‍යවස්ථාව හදන මොහොතේ සිට වමේ පක්ෂ එයට තදබල විරෝධයක් දැක්වී ය. මක්නිසා ද යත් අපි හැමදාම එය දුටුවේ මේ රටේ ඒකාධිපති පාලනයක් ඇති කිරීමට අවශ්‍ය නීතිමය පදනම හදන ව්‍යවස්ථාවක් ලෙසට ය. ඇත්ත වශයෙන්ම එය ඒ ආකාරයෙන්ම සිදු වූ බව ඉතාමත් ඉක්මනින්ම පෙනුනි. වෙනත් ආකාරයට කියන්නේ නම් 1980 ජූලි වැඩජනය පරාජය කිරීමට ඒ නීති රාමුව…

නීතියේ ආධිපත්‍යයට එරෙහිව මහින්ද රාජපක්ෂගෙන් නග්න ප්‍රහාරයක්- දකුණු ආසියානු මානවහිමිකම් කොමිසම

  ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සන්නද්ධ හමුදා පාවා දීමක් ය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය, හිටපු රාජ්‍ය නායකයෙකුට සහ රටේ ප්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට නොහොබිනා කතාවක් බව ‘ආසියානු මානව හිමිකම් කොමිසම’ ඊයේ කියා සිටියේය. එම ප්‍රකාශය මගින් සෘජුවම කියැවෙන්නේ, ජාත්‍යන්තර වශයෙන් දරුණු අපරාධයක් සේ සැළකෙන බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලට ඇතැම් සන්නද්ධ…