මහින්දට යළි බලය දෙන්නට නම් – අජිත් පැරකුම් ජයසිංහ

මහින්ද රාජපක්ෂ පසුගියදා හයිඩ් පිටියේදී පැවති රැස්වීමේදී තමන්ට නැවත බලය දෙන්නැයි ඉල්ලා සිටියේ ය. වත්මන් ආණ්ඩුව අසාර්ථක බව ඔහු පවසයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන කාලය තුළ අධික ලෙස විවෘත වෙළඳපොළෙන් ගත් ණය හා පොළී ගෙවන්නට රජයේ සමස්ත ආදායමත් මදි වී ඇති සංදර්භයක් තුළ ආණ්ඩුවකට අතිශය සාර්ථක වන්නට බැරි ය. ඔහු කළ බව කියා උදම් අනන…

රාජපක්ෂ පෙන්නා ගොඩ යන්නට ආණ්ඩුවට හැකි වේ ද? – අජිත් පැරකුම් ජයසිංහ

දූෂිත හා දේශපාලනික වශයෙන් උම්මත්තක ප්‍රතිගාමී බලවේගය නැවත හිස ඔසවන්නට අසීරු උත්සාහයක් දරමින් සිටින බව පෙනේ. තමන්ගේ අතීත සොරකම් හා දූෂණ හේතුවෙන් නීතියේ හා යුක්තියේ අභියෝගයට මුහුණ දී සිටින සොරුන් විසින් මහජනතාවගෙන් සොරකම් කරන ලද මුදල් වීසි කරමින් බත් පැකට්, අරක්කු බෙදමින් කරන මෙවැනි සංදර්ශනවලට බිය විය යුතු නැත. මෙම බලවේගයට එරෙහිව ශ්‍රීලනිපය අධිෂ්ඨානයෙන් යුතුව…

සැබෑ විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් කතිකාවක් අරඹමු! – අජිත් පැරකුම් ජයසිංහ

මේ වන විට ආණ්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දීමට යම් පියවර ගනිමින් සිටියි. එය අතිශය දුෂ්කර ව්‍යායාමයකි. රටක් සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම සාධාරණ ය. එහෙත්, ගත් ණය එම ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායමෙන් ගෙවන්නට හැකි විය යුතු ය. රාජපක්ෂලා කර තිබෙන්නේ අසාර්ථක ව්‍යාපෘතිවලට ණය අරගෙන, ගත් ණය ගෙවන්නට තවත් ණය ගැනීමයි. 2005 දක්වා සමස්ත ඉතිහාසය තුළ ලංකාව…

යහපාලන පාලනයක් ලැබුණෙ හිතුවක්කාරව, දඩබ්බරව ක‍්‍රියාකරන්න නෙමෙයි – අමාත්‍ය පාඨලී චම්පක රණවක

අපේ රට සෑහෙන අවස්ථා ප‍්‍රමාණයක් අහිමි කරගත්ත රටක්. අපිට ලැබිය යුතුව තිබූ ස්ථානය අහිමි වූ රටක්. එහෙම වුනේ ඇයි කියන එක පිළිබඳව අපි මැදිහත්ව කල්පනා කර බැලිය යුතුයි. අපිට නිදහස ලැබෙන විට ඉන්දියානු සාගරයේ කොළඹ වරායට හිමි වුනේ මේ මුළු ලෝකෙන්ම පස් වෙනි ස්ථානය. අපි අද සිටින්නේ 34 වෙනි ස්ථානයෙ. එදා සිංගප්පූරුව නමින් මහා වාණිජ…

මහජන මුදලින් දුන් පොහොර හා වෙනත් සේවාවලින් ගොවීන් රටට දී ඇත්තේ කුමක් ද? – අජිත් පැරකුම් ජයසිංහ

මා ජීවත් වන්නේ ගමක ය. මගේ බිරිය රජයේ සේවිකාවකි. පාට් ටයිම් ගෙවිලියකි. ඇය ගෙවතු වගාව කරන්නී ය. එළවළු වවන්නේ නම් හුදෙක් ම මානසික තෘප්තිය සඳහා ය. නැතිනම් ඒ යන වියදම්වලින් එළවළු කඩෙන් ගන්නට පුළුවන. හැබැයි අප විසින් වවන ලද පලතුරු ගස්වල ඵලදාව නරක නැත. අල වර්ග අස්වනු නම් නෙළා ගන්නේ අල බහින බවට අන්ඩර් ග්‍රවුන්ඩ්…

පව් අනේ චම්පික! එයා ගැන කතා කරන්න කවුරුවත් නැහැ – අජිත් පැරකුම් ජයසිංහ

2003දී අපි හිරු කණ්ඩායමේ මූලිකත්වයෙන් සිහල දමිල කලා හමුව සංවිධානය කළෙමු. එය වනාහි උතුරේ, නැගෙනහිර, කඳුරට හා දකුණේ සිංහල හා දෙමළ භාෂා පදනම් කර ගත් කලාකරුවන්ගේ කතිකාවක් වූ අතර අපගේ අරමුණ වුණේ කලාකරුවන් අතර සාම දේශපාලනය ඉදිරියට ගෙන යාමයි. එයට කොටි සංවිධානයට හිතවත් කොටස් ද සහභාගි වූ හ. එහෙත්, එය අපගේ දේශපාලන වැඩසටහනෙහි කොටසක් මිස…

පන්සලට ආ පුසා හා අලියෙක් වගේ කෙල්ලක් ආවොත් එයත් බලාගන්නවා ද?- රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු

පන්සලට ආ පුසා හා අලියෙක් වගේ කෙල්ලක් ආවොත් එයත් බලාගන්නවා ද?- රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු චීවරධාරින් මේ රටේ ජනතාව නොමග යවන්නට දරණ උත්සහායන් පිළිබඳව යමක් කිව යුතු ය. කෙටියෙක් කථා කළොත් උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා එයාගේ පන්සලට මිනිහෙක් ආවලූ එයා බලාගත්තා, පූසෙක් ආවා එයා බලාගත්තා, බල්ලෙක් ආවා එයා බලාගත්තා, අලියෙක් ආවා අලියා…

නව සමාජයක් සඳහා මේ සමාජය විලිරුදාවෙන් ඇඹරේන සමාජයක්- ලූෂන් බුලත්සිංහල

අපි කලාකරුවෝ හැටියට අපි මේ සමාජය දෙස බලන්නේ කිසියම් සමාජ පරිවර්තනයක්, සංස්කෘතික පරිවර්තනයක් වෙන්නට විලිරුදාවෙන් දඟලන සමාජයක් හැටියට ය. අපි ජනවාරි 08වෙනිදා මේ පරිවර්තනය තුළින් අපේක්ෂා කළේ ඒ සමාජ පරිවර්තනයයි, සංස්කාතික පරිවර්තනයයි. අපේ අධිකරණයේ සංස්කෘතිය පිළිබඳ කථාකරන විට බොහෝ දේවල් අද හෙළිදරව් වේ. අපේ දේශපාලන සංස්කෘතිය ගැන කථාකරන විට අද අපිට බොහෝ දෙවල් ගැන කථා…

ඇඞ්වර්ටයිස් ෆර්ම් එකක් විදිහට ජ.වි.පෙ. ගොඩක් ඉස්සරහින් ඉන්නව – සර්පයා (කේ. කේ. සමන් කුමාර) සමග පිළිසඳරක්

  ඇඞ්වර්ටයිස් ෆර්ම් එකක් විදිහට ජ.වි.පෙ. ගොඩක් ඉස්සරහින් ඉන්නව. ඔවුන් නිර්මාණශීලීව, සැලසුම් සහගත ඉදිරිපත් කරන්නන්. ජ.වි.පෙ. පසුගිය කාලයේ රටේ දේශපාලනය උදෙසා යම් කාර්යභාරයක් කෙරුව. ඉන් එහාට දෙයක් කරන්න ඔවුන්ට ඉතිරිවෙලා නැහැ කියලයි මම හිතන්නෙ.  ඔවුන් සමාජ සාධාරණත්වය වෙනුවෙන්, ඒ සඳහා අවශ්‍ය වචන ටිට වෙනුවෙන් පෙනී සිටින එක පමණයි ජ.වි.පෙ. ට ඉතිරිවෙලා තියෙන්නෙ. ඔබ කලා ලෝකයට…

කිරිඇල්ලගේ පැණි ලියුම – අජිත් පැරකුම් ජයසිංහ

විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් මෙවැනි ලියුමකට කථිකාචාර්ය පත්වීමක් දෙනු ඇතැයි මම නො සිතමි. එහෙම දෙන්නට සිදු වන තරමේ මැරවර බලයක් හා නායකත්වයක් මේ ආණ්ඩුවට නැත. තමන්ගේ වැරදි නැතිනම් උප කුලපති බිය විය යුතු නැත. මේ ලියුම මාධ්‍යවලට දෙන්නටත්, සමාජ මාධ්‍ය ඔස්සේ උසස් අධ්‍යාපන ඇමතිගේ රෙදි ගලවන්නටත් දැන් අපට පුළුවන. මෙවැනි ලියුම්වලින් වැඩක් ඇතත්, නැතත්, දේශපාලකයන් මෙවැනි ලියුම්…

මේ හයිබ්‍රිඩ් ආණ්ඩුවට ගොඩක් දුරයන්න පුළුවන් – පුණරුත්ථාපන හා නැවත පදිංචිකිරීමෙ රාජ්‍ය අමාත්‍ය මුහමුද් හිස්බුල්ලා

පසුගිය ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජනතාවගේ ඡුන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය කවදාවත් නැති විදිහට වැඩි වුණා. ඒ මහින්ද රාජපක්‍ෂව ගෙදර යැවීමේ අවශ්‍යතාවය නිසා, මුළු මුස්ලිම් ඡුන්ද ප‍්‍රමාණයෙන් 90% ක් පමණ මෙවර ඡුන්දය පාවිච්චි කෙරුවා. ඇවිදින්න බැරිව සිටින අය, ඔත්පලව සිටින අය පවා මෙවර ඡුන්ද පොළට එක්ක ගිහින් ඡුන්දය පාවිච්චි කරන්න ඉඩ සැලැස්වුවා. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ යුතුයි…

මහින්ද මෙල්ල වූ පසු ජනාධිපති සමග එකගතාවකට ඉඩ ඇත- ගාමිණි වියන්ගොඩ

ජනතාවගේ අපේක්ෂා ඉටු නොකිරීම පිළිබඳ වත්මන් ආණ්ඩුව කෙරෙහි කළකිරීමක් ලියලමින් ඇති බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුමට එරෙහිව වෘත්තිකයෝ පෙළගැසෙමින් සිටිති. තවත් පැත්තකින් ගොවි ජනතාව අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව වැසිවිලි නගති. පොහොර සහනාධාරය ද මේ වනවිට මහත් අවුලක් බවට පත්වී ඇත. තේ සහ රබර් මිල පහත වැටීම පිළිබඳව ද ඇත්තේ ද…