ලේ බින්ඳුවක් නොසොල්වා නිදහස ලබා ගත් රට අවුරුදු 30ක්ම ලේ ගලන රටක් බවට පත් වුනේ ඇයි? – රාවය ආරම්භක කර්තෘ – ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන්
ජාතිය ගොඩනැගීම ගැන කතාකරනකොට, මම මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ජාතිය ගොඩනැගීමට අසමත් වීම, ගැනත්, ඉන්දියාවෙ ජාතිය ගොඩනැගීමට සමත් වීම ගැනයි. නූතන අර්ථයෙන් ජාතිය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් දේශයක ජීවත්වෙන, ඒ දේශය ගැන ඇතිකරගත් පොදු හැ`ගීමකින් හා බැඳීමකින් ක්‍රියා කරන, සමාන තත්ත්වයකට පත්කරනු ලැබූ, එම දේශයේ විවිධ වර්ගවලට හා කුලවලට අයත්, විවිධ ආගම්…