සහගහන අපරාධ රණවිරු ලේබලයෙන් සැගවිය හැකිද?- හිටපු ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ

එක්නැලිගොඩ පැහැරගෙන යාම සහ රවිරාජ් ඝාතනය වැනි සිදුවීම් සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් (රණ විරුවන්* පිරිසක් අත්අඩංගුවට ගැනීම ගැන විශාල කෑකෝගැසීම් ඇතිව තිබේ. මේ හමුදා නිලධාරීන් එවැනි සිදුවීම්වලට සම්බන්ධ වූයේ මන්ද යන්න කෙනෙකුගේ හිතේ එක විට නැගෙන ප‍්‍රශ්නයකි. ප‍්‍රභූ ආරක්ෂක සේවාවක කලක් සිටි ප‍්‍රධානියෙකු වශයෙන් මා දන්නා එක දෙයක් තිබේ. එනම්, හුදෙක් පෞද්ගලික කරුණකදී හැරුණු කොට, ඉහළින්…

දෙදාස්ගණන්වල මුලදී වමේ අයගේ කැරැට්ටුව හෙවත් අමතක නො කරමු පැරණි කතා – අජිත් පැරකුම් ජයසිංහ

2002දී එක්සත් ජාතික පක්ෂ රජය කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ ය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡාවලට මුල පුරන ලදී. බටහිර සංවර්ධිත රටවල ණය හා ආධාර ලබා ගනිමින් සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කළේ ය. එය ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වූ දැවැන්ත ආර්ථික වැඩසටහනකි. එවකට ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරව සිටි ප්‍රබල ම නායකයකු වූ…

ඉන්දියාව සමග නිදහස් ආර්ථික හා තාක්ෂණික ගිවිසුම ඉදිරියට ගෙන යනු! – අජිත් පැරකුම් ජයසිංහ

යෝජිත ඉන්දු – ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුම ප්‍රසිද්ධ කළ යුතු ය. එය මහජන සංවාදයට බඳුන් කළ යුතු ය. පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු ය. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බරපතල වගකීමක් ආණ්ඩුවට තිබේ. මේ වන විට මහින්ද රාජපක්ෂගේ මුදලින් යැපෙන මාධ්‍ය හා දේශපාලනය යනු කඩාකප්පල්කාරිත්වය යි සිතා සිටින පක්ෂ හා කල්ලිවලට සම්බන්ධ මාධ්‍ය ගජරාමෙට කරමින් සිටින්නේ…

ETCA ගිවිසුම තවම කෙටුම්පත් කරලත් නැහැ, ඒත් සමහරු​ රට ගිනි තියනවා – රනිල් වික්‍රමසිංහ –

පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් අප ජනතාවගෙන් වරමක් ලබා ගත්තේ මේ රට ඉහළ තලයකට ඔසවා තබන්නයි. එහිදී අලූතින් රැකියා දස ලක්‍ෂයක් නිර්මාණය කරලීමේ වැඩ පිළිවෙලක් අප ජනතාවට ඉදිරිපත් කළා. ඒ සඳහා අපේ වෙළඳපොල පුළුල් කරගත යුතුයි. අපේ ඉලක්කය විදේශීය රටවල් ගණනාවක මධ්‍යම පංතිය ඉලක්ක කරගෙන අපේ නිෂ්පාදන වෙළඳපොල පුළුල් කර ගන්නට අප ක්‍රියා කරනවා. යුරෝපය, ඉන්දියාව,…

කිසිදු පාලනයකින් අපේ ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ නැහැ.

අපේ රටේ ජනතාව කාලයක් රාජපක්‍ෂ පවුල දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ රනිල් මෛත‍්‍රී හවුල දිහා බලාගෙන ඉන්නවා. ඒ කිසිදු පාලනයකින් අපේ ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. මේ කාලයේ කතාබහක් තිබෙනවා, තරුණ තරුණියන් දේශපාලනයට සංවේදී නැහැ කියලා. නමුත් රාජපක්‍ෂ පාලනය ගෙදර යැවීම සඳහා අපේ රටේ තරුණ තරුණියන් විශාල වැඩ කොටසක් කළා. ඒ නිසා අපිට කියන්න පුළුවන්කමක් නැහැ…

රාජපක්ෂලාගේ දේශපාලනයට වලංගුතාවයක් නෑ- මහාචාර්ය කුමාර් ඬේවිඞ්

මා සිතන ආකාරයට ගියවසරේ ජනවාරි 8 ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවය තහවුරුවීමට ඇති ඉඩකඩ විශාල ය. නමුත් එය තහවුරු වෙන්නේ සම්පූර්ණයෙන්ම සතුටුදායක ලෙස නොවේ. රනිල් කිසියම් ආකාරයක තද පාලකයෙකු හැටියට මතුවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. එයින් අදහස් කරන්නේ සිංගපූර්වේ ලීක්වාන් යූ කෙනෙක් තරම් ඉදිරියට ගමන් කරනවාය යන්න නොවේ. නමුත් මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් එල්ල වෙන ජාතිකවාදී,…

පුර්ව නිගමන මත ගිවිසුම්වලට විරුද්ද වීම අමනොඥ ක්‍රියාවක් – වරලත් ඉංජිනේරු සරත් ජයකොඩි

සිදු නොවී තිබෙන දෙයක් පිළිබඳව  තර්ක කිරීම කාලය කා  දැමීමක් නොවේද? රටෙහි ආර්ථිකය දියුණු කිරීම සඳහා අවශ්‍ය බලය ජනතාව විසින් තමන් පත් කරන ලද ආණ්ඩුවට ලබා දී තිබේ. ඒ සඳහා සුදුසු යයි හැඟෙන ක්‍රියාමාර්ග ගැනීමේ ආණ්ඩුවට ඇති බලයට අභියෝග කිරීමේ කොතෙක් දුරට නිවැරදිද?   අනෙක ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක් සමග ගිවිසුම් වලට එකඟ වීමේ…

අපි හදාගෙන තියෙන්නේ ලෝකෙම නැති ප්‍රශ්න ; විසදන්න වෙන්නෙත් ලෝකේ නැති ක්‍රමවලට – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

හැම දේශපාලන පක්‍ෂයක්ම  අපි අද මුහුණ දෙන ප්‍රශ්න ඇති කිරීමට වගකිව යුතුයි.  ඔවුන් යම්කිසි අන්දමකින් දායක වෙලා තියෙනව. ඒ නිසා ඔවුන් ඉදිරිපත්විය යුතුයි. ඒ වගේම දෙමළ නායකයිනුත් වගකිව යුතුයි. ඔවුනුත් ජාතික ප‍්‍රශ්නය යොදා ගත්තා ඔවුන්ට බලයට පත් වීම සඳහා. වෙනසක් සඳහා ඇති කරගන්නා ලද යහපාලන රජයේ ප‍්‍රධාන පොරොන්දුවක් වූවේ, පවතින ඒකාධිපති ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක්…

|

අඩු වැටුපට ඉන්දියානුවන් ගෙනත් අපේ වැටුප් වැඩිකරන හැටි – සී ජේ අමරතුංග

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යන ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහිව මේ වනවිටත් වෘත්තීයවේදීන් අවි අමෝරාගෙන සිටින බව පෙනෙන්නට ඇත. එට්කා ලෙස හඳුන්වනු ලබන මෙම ගිවිසුම අත්සන් කළහොත් ලංකාවේ සේවයට ඉන්දියානුවන් බුරුතු පිටින් පැමිණීමෙන් ශ්‍රී ලාංකිකයන්ට රැුකියා නැතිවන තත්ත්වයක් ඇතිවන බවත් කියති. ඉන්දියාවේ අති විශාල රැුකියා විරහිත ප‍්‍රශ්නයක් තිබීමත් එරටෙහි අඩු වැටුප්…

ප්‍රභාකරන් තහනම් කල ගිය අද ගයන හැටි – ඩී බී එස් ජෙයරාජ්

1959 සැප්තැම්බරයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කරනු ලැබීය. 1960 මාර්තු මැතිවරණයේදී බිහිවූයේ කිසිවකුට වැඩි බලයක් නැති පාර්ලිමේන්තුවකි. නැවතත් මැතිවරණයක් කැඳවනු ලැබීය. 1960 ජූලි මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලයට පත්වීය. බණ්ඩාරනායක මහතාගේ බිරිඳ සිරිමා මැතිණිය අගමැති ලෙස පත්විය. අලූතින් පත්වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයට එරෙහි ව්‍යාපාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත්තේය….

සිරිසේන ජනාධිපතිවරයාගේ පත්වීම විප්ලවීය පරිවර්ථනයක්. – පොළොන්නරුව හිටපු මහ දිසාපති, ගන්ථ කර්තෘ අමරදාස ගුණවර්ධන

ඔබ පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ මහ දිසාපති තනතුරේ දිගු කාලයක් සේවය කරනු ලැබූ අයෙක්. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ කාලයේ දිසාපති කාර්යාලයේ විෂය පථයට අයත්වන ග‍්‍රාම නිලධාරී තනතුරක සේවය කළ කෙනෙක්. අද ඔහු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරවැසියා බවට පත් වී තිබෙනවා ඒ පිළිබඳව ඔබට දැනෙන හැ`ගීම. ඇත්තෙන්ම එය සතුටට කරුණක්. ඒ දිනවලත් ඔහු වෙලාවට වැඩ කරන…

අපට අපේම ජාතික ගීයක් තෝරාගත් හැටි – ඩී බී එස් ජෙයරාජ්

ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ග‍්‍රහණයේ තිබූ ප‍්‍රදේශ මුදාගත් විට එම ප‍්‍රදේශවල කොළඹ ආණ්ඩුවේ ආධිපත්‍ය හා අධිකාරිය නැවත ඇතිවිය. උතුරු නැගෙනහිර පළාත්වල ජාතික ගීය ගැයීම විශාල ලෙස නැවතී තිබුණද 2009 මැයි මාසයේදී එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව නැවත වතාවක් ජාතික ගීය ගැයීම වර්ධනය විය. එම ප‍්‍රදේශවල ජාතික කොඩිය ඉහළින් එසවීමත් සමඟ ජාතික ගීය ගැයීමද වැඩි…