කජු කන්න ගිය ඇත්ත වියදම කීයද? – ඉකොනොමැට්ටා
කජු කන්න ගිය වියදමක් ගැන පසුගිය දවස් වල යම් කතාබහක් ඇති වී තිබුණා. කජු කන්න යන වියදම් පියවන එක කජු කන තරම් ලේසි නැහැ. පසුගිය 2023 වර්ෂයේදී කජු සංස්ථාවේ පාඩුව හරියටම රුපියල් 5,020,580.05ක්. ඒ කියන්නේ මිලියන පහක් නැත්නම් ලක්ෂ පණහක් වගේ. රජයේ සමස්ත වියදම එක්ක බලද්දී කජු ඇටද කොස් ඇටද කියලා අහන්න පුළුවන් තරමේ ලොකු…