ගොවිතැනේ සමාජවාදය මොකක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ඉඩම්, ජලය ගොවීන්ගේ විතරක් නෙමෙයි, පොදු අයිතියක්. රජය ඒ අයිතිය කළමනාකරණය කරන්නෙ ඒ පදනමින්. රජය කියන්නෙ ජනතාව පත්කරගත් පොදු ආයතනයක්. රජයක් නැති සංදර්භයක් ගැන අපට තවම හිතන්නට බැහැ. අපේ රටේ ඈත ඉතිහාසයේදී පවා රජවරු වැව්, අමුණු ඇතුළු වාරි කර්මාන්ත ඉදි කිරීම හා නඩත්තුව වෙනුවෙන් ගොවීන්ගෙන් බදු අය කළා. ඒක කළේ කෙළින්ම අස්වැන්නෙන් කොටසක් රජයට පවරා…