වර්ජනය පාවා දුන්නේ නැහැ – සටන දිනුවා – වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්රිය
මේ වන විට හැම කෙනෙක්ම දන්නවා වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරපු මංගල අයවැය හරහා වැඩකරන පන්තියට ප්රශ්න රාශියක් ඇති වුණ බව. විශ්රාම වැටුම් ගැටළුව, දීමනා වැටුපට එකතු නොකිරීම, රජයේ හා පෞද්ගලික සේවකයන්ගේ සේවා කාලය, දිනකට වැඩ කරන පැය ගණන, සේවකයෙක් අනියම් විදිහට සේවයට බැඳුනම ඒ අය ස්ථිර කරන්න කලින් තිබුණෙ දින 180 කින්, එය දින 365…