|

කැබිනට් මණ්ඩලය වෙනස් වෙයි ! මංගලට මුදල් හා ජනමාධ්‍යය – රවීට විදේශ

යහපාලන රජයේ පළමු කැබිනට් සංශෝධනය මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී සිදුවිය.එම සංශෝධනයේදී අමාත්‍යවරු දිවුරුම් දුන් ආකාරය මෙසේය. මංගල සමරවීර – මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය රවී කරුණානායක – විදේශ කටයුතු අමාත්‍යංශය මහින්ද සමරසිංහ – වරාය සහ නාවුක කටයුතු ගයන්ත කරුණාතිලක – ඉඩම් හා පාර්ලිමෙන්තු අර්ජුන රණතුංග – ඛනිජ තෙල්…

සෑම පුරවැසියෙකුගේම ජීවිතය ආරක්‍ෂා කිරීම රජය සතු වගකීමකි – පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.එම්.එම්. සල්මාන් (මුස්ල්ලිම් කොන්ග‍්‍රසය)

සෑම පුරවැසියෙකුටම ජීවත් වීමේ අයිතිය තියනවා. පැහැරගැනීමකට ලක්වීමේ දී ඔවුන්ගේ නිදහස ඇතුළු සෑම අයිතිවාසිකමක්ම අහිමිවීමේ තර්ජනයක් තියනවා.  සෑම පුරවැසියෙකුගේම ජීවිතය ආරක්‍ෂා කිරීම රජය සතුයි. ඒ නිසා රාජ්‍යයට මෙහිදී විශාල වගකීමක් තියනවා. ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද, කොළඹ තැපැල් ශ‍්‍රවණාගාරයේ පැවති ‘‘පුද්ගලයන් අතුරුදහන් වීම අපරාධ වරදක් කරනු’’ යන මැයෙන් පැවැත් වූ සම්මන්ත‍්‍රණයේ දී…

රණවිරුවන් වෙනුවෙන් සියලු යුතුකම් ඉටුකිරිමට කැපවෙනවා – ජනපති // VEDIO//

විවේචකයින් කුමක් පැවසුවද ජාතික ආරක්ෂාව පිළිබද දරන්නා වූ වගකීම්වලදී ති‍්‍රවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙළා ඉටුකිරීමට රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණය අසළ පිහිටි රණවිරු ස්මාරකය අබියස පැවති 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමිනි. වසර 30 කට ආසන්න කාලයක් පැවති යුද්ධයේදී මියගිය සහ ආබාධිත වූ…

2015 සිට මේ දක්වා අතුරුදහන් වීම් වාර්තා වෙන්නේ නෑ. ඒක රටම දිනා ගත්තු ලොකු ජයග‍්‍රහණයක් – ආචාර්ය දීපිකා උඩගම

2015 සිට මේ දක්වා අතුරුදහන් වීම් වාර්තා වෙන්නේ නෑ. ඒක සතුටින් අපි ප‍්‍රකාශ කරන්න  ඕන. ඒක රටම දිනා ගත්තු ලොකු ජයග‍්‍රහණයක්. ජනතාව බොහෝ කෑකෝ ගහල තමන්ගෙ මේ නිදහස දිනා ගත්තා. ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද, කොළඹ තැපැල් ශ‍්‍රවණාගාරයේ පැවති ‘‘පුද්ගලයන් අතුරුදහන් 0වීම අපරාධ වරදක් කරනු’’ යනුවෙන් පැවැත් වූ සම්මන්ත‍්‍රණයේ දී ආචාර්ය දීපිකා…

පළාත් සභා සතු බලතල වල වෙනසක් සිදුකරන්නේ නෑ – අගමැති

අධ්‍යාපනය දියුණු කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී පළාත් සභා සතු බලතල මධ්‍යම රජයට පවරා නොගන්නා සේම මධ්‍යම රජය සතු බලතල පළාත් සභාවලට පවරා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජය විශාල මුදලක් වෙන් කරන බවද ගුරුවරුන් බඳවා ගෙන පුහුණු කරන ක්‍රමයට තිත තබා ගුරුවරුන් පුහුණු කර පාසල්වලට යෙදවීමට ක්‍රියා…

|

ජවිපෙ-කොප-පෙරටුගාමී හුණුවටයේ කතාවක්

වෙසක් පෝයට පෙර ඇමැති මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිතුමා සැලසුම්කොට තිබුණා. ඒ සඳහා අගමැතිතුමාගේද කැමැත්ත ලබා ගත්තා. කෙසේ වෙතත් අන්තිමේදී එයට හරස් වූයේ ජාත්‍යන්තර වෙසක් උළෙල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමයි. වෙසක් උළෙල සඳහා ඉන්දීය අගමැති මෝදි මහතා පැමිණෙනවිට මෙරට වැදගත් ඇමැතිවරුන්ගේ වෙනසක් සිදුවීම නුසුදුසු බවට මතයක් පළවුණා. ඊටත් වඩා බරපතළ කාරණය වූයේ වෙසක් උළෙලේ ආරාධිතයන්ගේ ආසන සැලැසුමට…

ජී.එස්.පී ජයග්‍රහණය – සී. ජේ. අමරතුංග

 යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් වෙළෙඳ සහනය නැතහොත් බදු සහනය ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා යළි හිමිවී ඇත. යළි හිමිවූ බව කියන්ට සිදුව තිබෙන්නෙ මෙය කලින් අපට හිමිව තිබී අපගේ පාලකයන්ගේ වරදින් අහිමිවූවක් නිසාය. 2005 දී ලැබී තිබූ එම සහනය 2010 දක්වා ක්‍රියාත්මක විය. 2010 දී එය අහෝසි වූයේ එවකට සිටි මහින්ද රාජපක්ෂ පාලනයේ කැරැට්ටුව නිසාය. රටේ…

කැප්පෙටිපොල වීරයෙක්ද ? – අනුර සූරියබණ්ඩාර

තමාගේ නිවසේ බිත්තිවල සුදු හුණු ගෑමේ වරදට දඬුවම් නොලබා බේරුණේ තමා එය කළේ නොදැනුමත්කම නිසා බව රජු ද පිළිගත් නිසා බව එදා හෙළදිව කෘතියේ රෝබට් නොක්ස් පවසයි. එකල බිත්තියක සුදු හුණු ගෑමට අවසර තිබුණේ රජුට රදළයන්ට හා ආගමික ස්ථාන වලට පමණි. ඉතිහාස කතාවක් ලෙස බලන කල එහි වරදක් නොතිබුණද මානව හිමිකම් කෝණයෙන් බලන්නෙකුට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට…

ඉන්දියන් විරෝධය අතේ පත්තුවීම – වසන්ත ප්‍රිය රාමනායක

ඉන්දියානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අපේ රටේ වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ අවධානයට ලක් වූ තවත් කරුණක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමකට අනුව ඉන්දියානු අගමැතිවරයා ඔහු මුණ ගැසීමය. එසේ ම උතුරේ මහ ඇමැති විශ්නේෂ්වරම් මහතා සමඟ ඉන්දියානු අගමැතිවරයා ද්වීපාක්ෂික සාකච්ඡාවක් නොපැවැත්වීමය. හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ජාත්‍යන්තර වෙසක්…

අපේ සිහින රාජ්‍ය සේවය – නිශාන්ත කමලදාස

 රාජ්‍ය සේවය වනාහි වැඩක් ඇත්තේත් නැති නැත්තේත් නැති තැනකි. එහෙමට ගෙවන්නේත් නැති නොගෙවන්නේත් නැති තැනකි. ඒ වුණාට වැඩි පඩි තනතුරු ද අත්හැර මේ අරුම පුදුම භූමියට රිංගා ගැනීමට කැමති අය බොහෝ ය. හේතු ගොඩකි. එකක් ලෙහෙසියෙන් ඉවත් කිරීමට කිසිදු ජගතෙකුට පුළුවන් නොවීම ය. දෙවැන්න වැඩ නොකර පවතින්නට පුළුවන් වීම ය. තෙවැන්න වයසට ගියහම රැකෙන්නට අවසානයේ…

ආණ්ඩුව පෙරළා දැමීම සඳහා රාජපක්‍ෂවාදීන් විවිධාකාරයේ කුමන්ත‍්‍රණ කරනවා – වමේ පෙරමුණේ කැඳවුම්කරු චමීර පෙරේරා –

හින්ද රාජපක්‍ෂ වගේ බල තණ්හාවක්, වස්තු තන්හාවක් තිබුණු දේශපාලන නායකයෙක් අපි මෑත ඉතිහාසයේ දැකල නැහැ. මෑත ඉතිහාසේ නෙමේ මහාවංශයේවත් දැකල නෑ, තමන්ගේ බලය අහිමි වුනාට පසුව ඉතා කුමන්ත‍්‍රණකාරී විදිහට කටයුතු කරන රාජ්‍ය පාලකයෙක්  මහාවංශය තුළවත් අපි දැකල නෑ.  එවැනි අය ඉන්නව නම් අපි දකින්නේ ඉතාම පහත් ආකාරයේ රාජ්‍ය පාලකයන් විදිහට. මහින්ද රාජපක්‍ෂ මහත්තය තමන් පාරාජ…

|

කළු කොඩි ඔසවන්නැයි ජනතාව කුපිත කරපු අය හොරෙන්ම මෝදි හමුවුණා – ජනපති // vedio//

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළකර වෙසක් දිනයේ කළු කොඩි දමන ලෙස පැවසූ අය “රාත්‍රී එකොළහට ගොස්” ඉන්දීය අගමැතිවරයා හමුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අගමැතිවරයා අතර සිදුවූ හදිසි හමුව ගැන ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ අද (මැයි 15) පොළොන්නරුවේ පැවති උත්සවයකදී ය. “හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට…