|

මහින්ද රාජපක්ෂගේ තවත් මුදල් ගැහිල්ලක් කෝප් කමිටුවේ හෙළිවෙයි

  කලක් කවරුත් බලාපොරොත්තුව සිටි ඇමැති මණ්ඩල සංශෝධනය ජනාධිපති තුමා සඳුදා සිදුකළා. කළ නොහැකි යැයි ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් සිතා සිටි ඇමැති තනතුරු මාරුකිරීම්ද එහි දී සාර්ථකව සිදු කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකිවුණා. එතුමා තම මැති ඇමැතිවරුන්ට කීවේ නියෝජ්‍ය ඇමැති හා රාජ්‍ය ඇමැති තනතුරුවල වෙනෙසක්ද ඉදිරියේ දී සිදුවන බවයි. මහින්ද අමරවීර ඇමැතිවරයා එම තොරතුරු…

පාදෙණිය මහත්තයෝ කාගෙත් රතු ඉර පනින්න ළඟයි – භාතිය බරුකන්ද

  මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවටවත්, යමක් කමක් තියෙන පුද්ගලයන්ටවත් කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේකෙන් බැට කන්නේ දුප්පත්ම ජනතාව තමයි. මොකද අද රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට එන්නේ ඔවුන්ම පමණයි. අනෙක් පිරිස තමයි විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන්. අද ලංකාවේ විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන්ගෙන් අති බහුතරය තමන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා ගන්නේ රජයේ රෝහල්වලින්. අකමැත්තෙන් හෝ නැවත…

නව ව්‍යවස්ථා යෝජනාවලිය ලබන මසදී පාර්ලිමේන්තුවට – අමාත්‍ය මනෝ ගනේෂන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ යෝජනාවලිය ලබන මස අවසන්වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය  මනෝ ගනේෂන් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ මෙහෙයුම් කමිටුව පසුගිය දින තුනක කාලය තුළ රැස්වී ඒ සඳහා වූ මූලික ඒකඟතාවලට පැමිණ ඇති බවයි. ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව පසුගිය 23…

ජෝන් කොතලාවලගෙන් පසු මෛත්‍රීපාල

ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එරට අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුවක් අද(25) කැන්බරා නුවර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. දෙරට අතර සම්බන්ධතාවය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ජනපති හා ඕස්ට්‍රේලියා අගමැති අතර සාකච්ඡා පැවැත්වෙන අතර දෙරටෙහිම ඇමැතිවරුන් හා නිලධාරීන් අතර ද සාකච්ඡා පැවැත්වේ. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ජනාධිපති මෛත්‍රීපාල…

|

සම්මුතිවාදී ඇමැති මාරුව – සී. ජේ. අමරතුංග

 ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ඇමැති මණ්ඩල සංශෝධනය සඳුදා සිදුවිය . එය සිදුවන තෙක් ප්‍රචාරය වූයේ මහා අවුලක් ඇති බවටය. යහපාලනයට සම්බන්ධ පක්ෂ දෙක අතර මහා ගැටුමක් ඇති බවට පුවත් පළවිය. ඒකාබද්ධ විපක්ෂය බලා සිටියේ ‍මෙයින් ආණ්ඩුව කැඩෙනතෙක්ය. ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ නිසාද එබඳු ප්‍රචාරයන්ට වාසියක් අත්වූ බව පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත් අවසානයේ දෙපාර්ශ්වයට එකඟ විය හැකි…

මහින්ද රාජපක්‍ෂගෙ ආණ්ඩුව ගෙදර යවන්න ගලබඩඅත්තේ ඥාණසාර කියන භික්‍ෂුව තීරණාත්මක සාධකයක් වුණා – ගාමිණි වියන්ගොඩ

නව ව්‍යවස්ථාවක් පිළිබඳ කමිටුව විසින් ඊයේ  (23 දින) පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවති මාධ්‍ය හමුවේ දී පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ විසින් කරනලද කතාව. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාල වැඩ කොටසක් මේ ආණ්ඩුවෙන් දියත් කරල තියනව. ඒක මීට පෙර දකින්න තිබුණ තත්ත්වයක් නෙවෙයි. මීට කලින් ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයේ සිටිය දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්…

නොපෙනෙන බලය – අනුර සූරියබණ්ඩාර

දුම්රියක පූජ්‍ය පක්‍ෂයට වෙනු කෙරුණු ආසන දෙකෙන් එකක භික්‍ෂුවක්ද අනෙකෙහි ගැලවීමේ හමුදාවේ පූජක වරයෙකුද වාඩි වී සිටි අතර තවත් භික්‍ෂුවක් නැග පූජ්‍ය පක්‍ෂයට වෙන් කළ ආසන දෙක අසලට පැමිණියේය. සිය අසුනින් නැගිට භික්‍ෂුවට දී වෙනත් අසුනක වාඩිවීමට ගැලවීමේ හමුදාවේ පූජකවරායට සිදුවිය. එකී පූජකයා වාඩි වූ අසුන ගැබිනි මවුවරුන්ට වෙන් කළ එකකි. එකී අසුන හිස්ව පැවතියේ…

අපේ සිහින සිපිරිගෙය – නිශාන්ත කමලදාස

   සිරකරුවෝත් මනුෂ්‍යයෝ ය. ඒ හිරගෙදර බිත්තියට ය. ඇතුළත කතාව ඒ තරම් සොඳුරු නැත. හිරගෙදර බාරකරුවන් සිතන්නේ ඔවුන් මිහිපිට අපාය තනන්නට දෙවියන්ගෙන් වරම් ලැබූ කොටසක් හැටියට ය. පව්කාරයින්ට දඬුවම් දීමට සිටින යමපල්ලන් හැටියට ය. (සෑම නිලධාරියෙකුම මේ ගොඩට දැමිය නොහැකි ය. එහෙත් එසේ නොවන ස්වල්ප දෙනෙකුට ද ඒ හැටි බලයක් නැත. ) හිරේට ගිය බොහෝදෙනකු…

ජනපති ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක …

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදිනක රාජ්‍ය සංචාරයක් සඳහා මැයි 23 දා ඔස්ට්‍රේලියාව බලා පිටත්වේ. මෙහි ඇති සුවිශේෂත්වය නම් රාජ්‍ය මට්ටමේ චාරිකාවක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය අවසන් නායකයා වන්නේ මීට අවුරුදු 63 කට පෙර එරටේ චාරිකා කළ අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා වීම ය. පසුගිය වසර දෙක තුළ දී ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා ක්‍රමානුකූල ලෙස වර්ධනය වූ…

තෙලේ බලේ කුමක් කළේ – භාතිය බරුකන්ද

ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති මහා වැඩවර්ජනයකට සූදානම් බව පසුගිය දා නිවේදනය කළේය. තම වැඩවර්ජනය සමග රටේ සියලූ ආර්ථික හා එදිනෙදා සාමාන්‍ය ජනජීවිතය බිඳ වැටෙනු ඇතැයි වහසිබස් දොඩවන ඛනිජ තෙල් වෘත්තීය සමිති තම වැඩවර්ජනය සාධාරණීකරණය කිරීමට වෑයම් කරන්නේ ‘කිතුලට නැග්ග මිනිහාගේ න්‍යාය’ භාවිත කරමිනි. මේ තත්ත්වය හමුවේ මෙම වැඩවර්ජනයේ අරමුණු හා සැඟවුණු න්‍යාය පත‍්‍ර ගැන…

බාබර්ලාගෙන් දේශපාලනය ඉගෙනගන්නා මහින්දවාදී බොරුකාරයෝ – අනුර සුරියබණ්ඩාර

මැයි 12 සිකුරාදා ලංකාදීප පුවත්පතෙහි කිවිදා දැක්ම පිටුවට ලිපියක් ලියමින් පෙරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චරිත හේරත් මහතා අපූරු තර්ක කීහිපයක් මතුකොට තිබිණ ඉන් කිහිපයක් මෙසේය. 1. මෙවර මැයි දිනයේ ගෝල්ෆේස් රැුස්වීම හරහා ආණ්ඩුවට බලයක් නැතැයි ද ආණ්්ඩුව ඉවරයි යැයිද දේශපාලන අවිඥානයක් රටේ මතුවී ඇත. 2. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳ බරපතල නැ`ගිටීමක් රටේ සිදු…

දවල් මිගෙල් රෑ දනියෙල් – භාතිය බරුකන්ද

‘දවල් මිගෙල්, රෑ  දනියෙල්’ කියලා උපහැරණයක් ගමේ තියෙනවා. මේ උපහැරණයෙන් එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත ලක්ෂණ ප‍්‍රකට කරන පුද්ගලයින් හෙළා දැකීම සිද්ධ වුණා. මේ කතාවේ හැටියට නම් ‘මිගෙල්’ කියන පුද්ගලයා දවල්ට ඉන්නේ උපාසකයෙක් වාගේ. ඒත් මිනිහා රෑට හොරකම් කරන ‘මිගෙල් ’ කියන පල් හොරා. මේ වාගේ තවත් හොඳ උපහැරණයක් තමයි ‘කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා කරනවා’…