පසුගිය හැම මැතිවරණ ප්‍රකාශනයකම තියෙන්නෙ විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීම හා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන. ජනතාව කී වතාවක් ඒකට ඡන්දය දුන්නද? – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර
ලබන අවුරුද්දට නිදහස ලැබිලා අවුරුදු 70ක් සම්පූර්ණ වෙනව. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් යටතේ ජීවත් වුණා. පළවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි හදාපු එකක් නෙමේ. ඒක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් හදලා අපිට එවාපු එකක්. වමේ අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවෙ විරුද්ධ වුණා. එළිසබෙත් රැජිණ අපේ රාජ්‍ය නායිකාව කරන කියපු වෙලාවෙ වමේ අපි විතරයි ඒකට විරුද්ධ වුනේ. වෙන කවුරුවත්වත් කිසිම…