පව් අනේ චම්පික! එයා ගැන කතා කරන්න කවුරුවත් නැහැ – අජිත් පැරකුම් ජයසිංහ
2003දී අපි හිරු කණ්ඩායමේ මූලිකත්වයෙන් සිහල දමිල කලා හමුව සංවිධානය කළෙමු. එය වනාහි උතුරේ, නැගෙනහිර, කඳුරට හා දකුණේ සිංහල හා දෙමළ භාෂා පදනම් කර ගත් කලාකරුවන්ගේ කතිකාවක් වූ අතර අපගේ අරමුණ වුණේ කලාකරුවන් අතර සාම දේශපාලනය ඉදිරියට ගෙන යාමයි. එයට කොටි සංවිධානයට හිතවත් කොටස් ද සහභාගි වූ හ. එහෙත්, එය අපගේ දේශපාලන වැඩසටහනෙහි කොටසක් මිස…