ජයගත යුතු අභියෝගය – මහින්ද රත්නායක

අපේක්ෂාවන් ඒ ආකාරයට ම ඉටු නොවූ නමුත් මෑතක දී  එය ඉටුවණු ඇති බවට ජයග‍්‍රහණයට උරදුන් ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමට තරම්  වූ ප‍්‍රතිසංස්කරණ කිහිපයක් 2015 ජනවාරි 08 වෙනිදා ලැබූ ජනතා ජයග‍්‍රහණයෙන් අනතුරුව සිදුවිය. 19වෙනි සංශෝධනය මගින් සිදුකෙරුණු ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ කිහිපය  වසර 2කකට ආසන්න කාලයක් පුරාවට විකුණා ඇති නමුත් තවදුරටත්  අලෙවි කිරීමට නොහැකි තරමට ඒ…

කේන්ද්‍ර-පරිධිය වාර්තාවේ වරද කවරේද?- ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

මධ්‍ය-කේන්ද්‍ර සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ව්‍යවස්ථා සභාවට සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇති එක් ප්‍රධාන දෝෂයක් වන්නේ, නිසි සංකල්පීය රාමුවක ඇති අඩුවයි. එම අනුකමිටුවට පැවරී තිබූ කාර්ය භාරය, වඩාත් දුෂ්කර වූත්, වඩාත් විවාදාපන්න වූත් කාරණය බව අප තේරුම්ගත යුතුය. එම අනුකමිටුව සැළකිල්ලට ගෙන ඇති ප්‍රධාන තේමාව වශයෙන් පෙනී යන්නේ, ‘පළාත් සභාවල සාර්ථක…

නුවර උපන් එම්.ජී.ආර්. මහ ඇමති වූ තමිල්නාඩුව අපට මග හැරුණේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

තමිල්නාඩු වෙරළ පිහිටා තිබෙන්නේ දක්ෂ පිහිනුම්කරුවකුට පිහිනා යා හැකි තරම් ලංකාවට කිට්ටුවෙනි. වැල්වැටිතුරෙයි මිනිස්සු චිත්‍ර‍පට බලන්නට බෝට්ටුවෙන් තමිල්නාඩුවට යන කාලයකුත් තිබිණි. සිංහලයන්ගේ අනගාරික ධර්මපාල වැනි භූමිකාවක් දෙමළ ජාතික පුනරුද ව්‍යාපාරයේ සිදු කළ දෙමළ පඬිවරයකු වූ ආරුමුග නාවලර් සිය ජීවිත කාලය තුළ කිසි විටෙක කොළඹට පැමිණ නැති බව කියැවේ. එහෙත්, ඔහු තමිල්නාඩුවේ ද සම්භාවනාවට පත් වූයේ…

රට දියුණු කළ නොහැකි කළමනාකරණ කාරණා – නිශාන්ත කමලදාස

  අපේ රට දියුණු කළ නොහැක්කේ කුමක් නිසා ද යන්න කළමනාකරුවෙකුගේ ඇසින් බලා උත්තරයක් ගොනු කරන ලෙස මිත්‍රයෙක් මට ආරාධනා කළේ ය. මේ බ්ලොග් අඩවියේ හැම සටහනක්ම වෙන්වුනේ ඒ සඳහා වුව ද සියල්ල සාරාංශ ගත කොට එක් සටහනකට ගොනු කිරීමේ වැදගත් කමක් ඇතැයි ඔහු මට නොකියා කිව්වේ යැයි මම සිතමි. මේ සටහන ඒ වෙනුවෙනි. මගේ…

මෙන්න මහින්ද – සී. ජේ. අමරතුංග

 “හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා වාගේ” යැයි කතාවක් ජනවහරේ ඇත. එය මේ අවස්ථාවේ මතකයට නැඟුණේ හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක් කියැවූ විටය. එම නිවේදනයෙන් කියා තිබුණේ “හදිසි ව්‍යවස්ථා සංශෝධනය බෙදීම නොකියා රට බෙදීමක්” බවයි. ඔහු කියන්නේ ආණ්ඩුව හදිසියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට යන බව හා එමඟින්…

ඝාතකයන්ට දඬුවම් කිරීමට අපට බැරි වන්නට පුළුවන. එහෙත්, ඔවුන් අපගේ නායකයන් වීම වළක්වන්නට අප වග බලා ගත යුතු ය – අජිත් පැරකුම් ජයසිංහ

යාපනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සිංහලයන්ට ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කළ, ප්‍රියමනාප, ලස්සන, සොඳුරු මිනිසෙකි. දෙමළ ජාතිවාදියකු ලෙස සැලකිය නො හැකි ඔහු දන්නා සිංහලෙන් සිංහලයන්ට කතා කළේ එයින් ඔහුගේ ඡන්ද පදනමට ලැබෙන කිසිදු වාසියක් නිසා නොව, දෙමළ ජනයාගේ දුක්ගැනවිල්ල සිංහලයන්ට සංවේදී කිරීම වෙනුවෙනි. ඔහු හා සම්බන්ධ රසවත් සිදුවීම් කීපයක් මතක් වේ. ඔහු සිතා සිටියේ ජනාධිපතිතුමා…

ජාතිභේදවාදය යළි වැපිරීමෙන් තර්ජනයට ලක්වන ආර්ථිකය- නිමල් සඳරත්න

ජාතිභේදවාදී ප්‍රචණ්ඩත්වය තරම් වෙන කිසි තනි සාධකයක් රටේ ආර්ථික සංවර්ධනයට බාධා පමුණුවා නැත. දැනට රටේ ඇතැම් පළාත්වල මතු වන වර්ගවාදී හැලහැප්පීම් නිසා ආපසු ගොඩගත නොහැකි පරිද්දෙන් ආර්ථිකය අස්ථායී විය හැකිය. එයම රටේ අස්ථාවරත්වය සහ අවදානම වැඩි කොට, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වර්තමානයේ ගන්නා ප්‍රයත්නයන් වෙත එල්ල කළ හැක්කේ මරු පහරකි. ආණ්ඩුව අස්ථාවර කිරීමේ සහ…

ශ්‍රී ලංකාව: වාර්ගික සංහිඳියාව ද්විත්ව අබග්ගයට මුහුණපෑම – ආර්. හරිහරන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන-අගමැති රනිල් වික්‍රමසිංහ සන්ධාන ආණ්ඩුව බලයට පත්කර ගැනීමට වෙහෙස වූ බොහෝ දෙනා, යහපාලනය ස්ථාපිත කිරීමෙහි ලා එම ආණ්ඩුවේ අසමත් භාවය ගැන අපේක්ෂා භංගත්වයට පත්ව සිටිතැයි කීම, පුනරුච්චාරණයෙන්ම තෙරම්පරාදු වී ඇති කතාවකි. එහෙත් එම සත්‍යය අමතක කිරීම යනු, වාර්ගික සහජීවනය සහ ආණ්ඩුකරණයේ ප්‍රති-ව්‍යුහගත කිරීම නම් වූ ද්විත්ව කාර්ය භාරයන්හි බරපතලකම නොතකා හැරීමකි. ව්‍යුහාත්මක දුර්වලතාවන්…

අතීතයට නැවත හොල්මන් කිරීමට ඉඩ නොදෙමු

ශ්‍රී ලංකා භූමියේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කළ බිහිසුණු දෙමළ ඊලාම් කොටි සංවිධානය 2009 දී පරාජය කිරීමෙන් පසු පළමු වරට, එම සංවිධානය මගින් එතෙක් ප්‍රකාශයට පත් කොට තිබූ ‘මහා වීර සතිය’ සහ ‘මහා වීර දිනය’ ආරක්ෂක අංශවල බාධාවකින් තොරව උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට මෙවර අවස්ථාව ලැබුණු බව දෙමළ මාධ්‍ය වාර්තා කෙළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය…

සල්ලි තියෙන හැමෝ ම ධනපතියෝ ද? පෙති නො බොන හැමෝ ම පිස්සෝ ද? – අජිත් පැරකුම් ජයසිංහ

  ඖෂධ මිළ අඩු කිරීම පිළිබඳව වෛද්‍ය ගිශාන්ත දිසානායක කරන  පැහැදිලි කිරීම අනුව, රජයේ ඖෂධ මිළ අඩු කිරීමේ රෙගුලාසි අනුව ඔසු මිළ අඩු වී තිබෙන්නේ අධි මිළ වෙළඳ නාමවලින් අලෙවි කරනු ලබන ඖෂධවල පමණි. ඔහු පවසන පරිදි රාජ්‍ය ඔෂධ සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම විසින් අලෙවි කරනු ලබන ඖෂධ කිසිවක මිළ අඩු කර නැත….

|

මාධ්‍යයට ප්‍රහාරය! – සී. ජේ. අමරතුංග

ජනමාධ්‍ය වගකීමෙන් යුතුව හැසිරීම සහතික කිරීම සඳහා ස්වාධීන ජනමාධ්‍ය කොමිසමක් පිහිටුවීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගන්නා බවද ඇමැතිවරයා පැවැසීය. ඒ සඳහා වන පුවත්පත් දැන්වීමක්ද පසුගියදා පළවිය. දියුණු මාධ්‍ය සංස්කෘතියක් සංවර්ධනය කිරීම සඳහා එමගින් මහජන අදහස් හා යෝජනා කැඳවා තිබිණි. මාධ්‍ය නිදහස ඇතුළු කාරණා…

සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය: – අයිංකරන් කුගදාසන්

බෙහෙවින් භේදභින්න වූ ඕනෑම රටක ජනතාව අතරේ බිඳී ඇති විශ්වාසය සහ පැහැදීම යළි ගොඩනගා ගැනීම සඳහාත්, එම අවිශ්වාසය ඇති වීමේ එක් ප්‍රධාන හේතුවක් වන අන්‍යොන්‍ය අවබෝධයේ නොගැළපීම පියවා ගැනීම සඳහාත්, එකම කාර්ය කරන විවිධ කාර්යාල පිහිටුවාගෙන යනවාට වඩා කළ යුතු බොහෝ දේ තිබේ. බෙහෙවින් කල් ගතව ඇති ජාතික සංහිඳියාවට සහ ප්‍රතිසංස්කරණවලට සහාය දීමට සහ ඒවා…