ඉන්දියාවේ තේරීම කුමක්ද? – රටේ රාළ
|

ඉන්දියාවේ තේරීම කුමක්ද? – රටේ රාළ

පහුගිය දවසක ඉන්දීය ආරක්ෂක උපදේශක හදිස්සියේම ලංකාවේ සංචාරය කළා.ඒ වගේම රෝ ඔත්තු සේවයේ ප්‍රධානීන් කීපදෙනෙක් ඇවිත් ගිය බවට වාර්තා පලවෙනවා.ඉන්දිය ආරක්ෂක උපදේශක ජනාධිපති රනිල් ඇතුළු ආණ්ඩුවේ ඉහල බලධාරීන් හම්බ වෙලා තිබුණා.විපක්ෂ නායක සජිත් වගේම ජවිපෙ නායක අනුර කුමාරත් හම්බ වෙලා තියනවා.හදිස්සියේම ඉන්දීය ආරක්‍ෂක උපදේශක ආපු එක පිටි පස්සේ දේශපාලන කතාවක් නොතිබෙන්න විදිහක් නෑ. මොකද ලංකාවේ…

දැන් තත්ත්වය මොන වගේද? – ඉකොනොමැට්ටා
|

දැන් තත්ත්වය මොන වගේද? – ඉකොනොමැට්ටා

ජනාධිපතිවරණයට තවත් තිබෙන්නේ තෙසතියකට වඩා අඩු කාලයක්. පෙර ලිපි කිහිපයකින්ම විවිධ මත විමසුම් හා සමීක්ෂණ පිළිබඳව තාක්ෂණික පැහැදිලි කිරීම් කළා. ඒ හැම එකකම අඩු වැඩි වශයෙන් අඩුපාඩු තිබුණත් ප්‍රතිඵලය පිළිබඳව යම් අදහසක් ගැනීම සඳහා ඒවා ප්‍රයෝජනවත්. සියලුම මත විමසුම් හා සමීක්ෂණ වල තිබෙන තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුව මට පෙනී යන්නේ මේ වන විටද ප්‍රධාන අපේක්ෂකයින්…

මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ජී. කෝලිත නිශ්ශංක බණ්ඩාර
| |

මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ජී. කෝලිත නිශ්ශංක බණ්ඩාර

රට නිවැරැදි හා ශක්තිමත් මාවතකට අවතීර්ණ කරවීම සඳහා පාලකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරැදි දැක්මක් මෙන්ම බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබිය යුතුය. පවතින තත්ත්වයෙන් ඉහළට රට ඔසවා තැබීමට නම් වේගවත් මෙන්ම ශක්තිමත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රටට වුවමනා කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ ආර්ථික, දේශපාලන ක්‍රියා පිළිවෙත කෙසේ විය යුතු ද…

නන්දලාල් කට වහපන් – රටේ රාළ
|

නන්දලාල් කට වහපන් – රටේ රාළ

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ රනිල්ගේ උවමනාව වෙනුවෙන් කරන ඒවා කියලා ජවිපෙ චෝදනා කරනවා.ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්තී නලින්ද ජයතිස්ස කියන්නේ මහ බැංකු අධිපති නන්දලාල් විෂය ප‍්‍රවීණයෙකු විදිහට දේශපාලඥයන්ට අවශ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම නතර කරන්න ඕනි කියලයි. ජවිපෙ වෙන භාෂාවකින් නන්දලාල් කට වහපන් කියලා කියලා.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අපි අතර එකඟතාවයෙන්…

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ
|

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ

බොහෝ දෙනෙක් කියනවා රට බංකොලොත් වුනා කියලා. බංකොලොත් වුනා කියලා ප්‍රකාශ කරන්නේ කියලා කියන දේ ගැන අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා. මම විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙක් විදියට අවුරුදු 35 ක් වැඩ කළා. 2006 වගේ කාලයක මම හම්බන්තොට වැඩ කළා. මම වැඩ බාරගත් පසුව මට පැවරුණු ප්‍රධාන රාජකාරියක් වුනේ නොලැබී ගිය විදුලිය බිල් අය කරගැනීමයි. ඒ ලැයිස්තුවේ…

අවසන් සටනට රනිල් සහ අනුර – රටේ රාළ ජවිපෙ ඉතා සියුම් විදිහට පතුරවන මේ වෛරය සහ භීතිය නිසා ඡන්ද ව්‍යාපාරය සමබර එකක් වෙන්නේ නෑ.
|

අවසන් සටනට රනිල් සහ අනුර – රටේ රාළ

ජවිපෙ ඉතා සියුම් විදිහට පතුරවන මේ වෛරය සහ භීතිය නිසා ඡන්ද ව්‍යාපාරය සමබර එකක් වෙන්නේ නෑ.

රටේ රාළ කිව්ව ජනාධිපතිවරණ කැම්පේන් එකේ දෙවෙනි අදියරත් අවසන් වෙමින් තියනවා.ඒ නාමයෝජනා බාරදීමෙන් පස්සේ අගෝස්තු 31 දක්වා කාලයයි.මේ කාල පරිච්ඡේදය ඇතුලේ ප්‍රධාන අපේක්ෂකයන් තුන් දෙනා අතර තියුණු තුන් කොන් සටනක් ඇවිලිලා ගියා.රනිල්,සජිත්, අනුර අතර ඇති උන තුන් කොන් සටනේ ප්‍රතිපලත් අරගෙන තමයි අපිට ජනාධිපතිවරණයේ අවසන් අදියරට යන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා සිට සැප්තැම්බර්…

IMF නැතුවම බැරිද? – අජිත් පැරකුම් ජයසිංහ
|

IMF නැතුවම බැරිද? – අජිත් පැරකුම් ජයසිංහ

රටක් දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම් සහ කොන්දේසි සහිත රාමු නොමැතිව ඉදිරියට යාම කළ නොහැක්කක් බව වඩ වඩාත් පැහැදිලි වේ. මූල්‍ය කැළඹිලිවලට මුහුණ දෙන ආර්ථිකයන් ස්ථාවර කිරීමට සහ නැවත ගොඩනැගීමට IMF හි ව්‍යුහාත්මක සහයෝගය සහ අධීක්ෂණය අවශ්‍ය බව ගෝලීය අත්දැකීම් නැවත නැවතත් පෙන්නුම් කර ඇත. IMF සම්බන්ධ ගෝලීය අත්දැකීම ලොව…

තෝරාගත යුත්තේ කව්ද? – වික්ටර් අයිවන් ලංකාවේ ඡන්ද දායයකයින් ලංකාව ලෙබනනයක්, බංගලි දේශයක් හෝ මාල දිවයිනක් බවට පත් නොකල යුතුය
|

තෝරාගත යුත්තේ කව්ද? – වික්ටර් අයිවන්

ලංකාවේ ඡන්ද දායයකයින් ලංකාව ලෙබනනයක්, බංගලි දේශයක් හෝ මාල දිවයිනක් බවට පත් නොකල යුතුය

එළබෙන ජනාධිපතිවරණයේදී රටේ හා ජනතාවගේ යහපත පිනිස තරඟ කරන අපේක්ෂකයින් අතුරින් ජනාධිපති ධුරයට තෝරාපත් කර ගත යුතුව තිබෙන්නේ කාවද? මට පෙනෙන අන්දමට ලංකාව යහපත් ඉදිරි ගමනක් සඳහා විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙන්නේය. සම්පූර්ණ වශයෙන් අවසන් කරගෙන නැති බංකොලොත් භාවය පිළිබඳ ප්‍රශ්නය අවසන් කරගැනීම එක ප්‍රශ්නයකි. ලංකාවේ රාජ්‍යය, දේශපාලන හා සමාජ ක්‍රමය තිබෙන්නේද උපරිම…

ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් ජවිපෙ ඇණගෙන – රටේ රාළ
|

ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් ජවිපෙ ඇණගෙන – රටේ රාළ

ජනාධිපතිවරණයෙන් දිනුවට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක යන වැඩපිළිවෙල දිගටම කරගෙන යනවා කියලා ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රංශ පුවත් සේවයට කියලා තිබුණා. IMF වැඩපිලිවෙලට අපි ගියේ රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පස්සේ හින්දා ඒ එකඟතා පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා කියලත් කියලා තිබුණා.ඒ වෙලාවේ IMF යන එක හැර වෙනත් විකල්ප තිබූණා කියලත් අනුර කියනවා. රනිල් දැන් සියලු…

සාගතයකට ලේ වැගිරීමකට ඡන්දය දෙනවාද? – රටේ රාළ
|

සාගතයකට ලේ වැගිරීමකට ඡන්දය දෙනවාද? – රටේ රාළ

පහුගිය 26 වෙනිදා මාලිමාවේ ප්‍රතිපත්තියක් නැති ප්‍රතිපත්ති ප්‍රකාශණ එළි දැක්වුවා.අද (29) රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිට දැම්මා. සජිත්ගේ එක තවම නැතත් ළඟදීම එළියට එයි. ලංකාවේ ගොඩක් මැතිවරණ ප්‍රකාශණ හුදු ලියවිලි විදිහට කුණු බක්කියට ගියා.මේ දක්වාම අපේ රටේ දේශපාලන පක්ෂ සහ පක්ෂ නායකයෝ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශණවලින් උනේ ඒ පක්ෂවලට සහ නායකයන්ට කිසිම ප්‍රතිපත්තියක් නැති බව ඔප්පුවීම…

බඩගින්න හා හාමත : කලිසම එල්ලා ගත් රනිල් සහ ස්මාර්ට් අනුර – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

බඩගින්න හා හාමත : කලිසම එල්ලා ගත් රනිල් සහ ස්මාර්ට් අනුර – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජාතික ජන බලවේගයේ ආර්ථීක විමර්ශකයන්ට (1) ලංකාව කියන්නේ මහ පුදුම රටක්. (2) ඒ රට බංකොලොත්ය. (3) ලෝක බැංකුව කියන විදියට සමහරු කන්නේ දවසටම එක වේලකි. යන කරුණු වලින් ලංකාව කියන්නේ මහ පුදුම රටක් යන්න හැර අනෙක් සියලු ප්‍රකාශයන් විවාදිත කරුණු වේ. ලෝක බැංකුවේ සහ බටහිර රටවල සියලු දේ ප්‍රතික්ෂේප කරන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාධරයන් ලෝක…

මූල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබසරණයි. ඊටපස්සේ IMF එකට දෙස් දෙවොල් තියලා වැඩක් නෑ – අසෝක හඳගම
|

මූල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබසරණයි. ඊටපස්සේ IMF එකට දෙස් දෙවොල් තියලා වැඩක් නෑ – අසෝක හඳගම

දාස හපුවලාන ගේ මේ කාටුන් එක මාරය. IMF පෝඩියම් එක මත ඉඳගෙන රනිල් වික්‍රමසිංහ අනුර කුමාරටත්, සජිත් ප්‍රේමදාසටත් මයික්‍රෆෝන් දෙකක් අල්ලාගෙන සිටි. IMF සමග සාකච්ඡා කරන්න යනකොට තමනට වඩා වෙනස් කතාවක් මේ දෙදෙනාට කියන්න ඇත්දැයි රනිල් බලා සිටි. ඔවුන්ගේ මුහුණු කියා සිටින්නේ මොකක්ද? . 1930 ගණන්වල පැවැති මහා (ආර්ථික) අවපාතය (Great Depression) ට මුහුණ දීම…