|

පෙහොට්ටු පක්ෂයේ බැසිල්ගේ වැඩ ගැන ඇතුළෙන් විරෝධයක්

  ජනාධිපතිතුමා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වූයේ සැහැල්ලුවෙන්. යහපාලන ආණ්ඩුවේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වන හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා චීන සමාගමක් සමග ඇතිකර ගැනීමට නියමිත ගිවිසුම මේ වනවිට සකස්කොට අවසන්. වරාය ඇමැති මහින්ද සමරසිංහ මහතා එය අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත්කොට තිබුණා. චීන සමාගමට මුලින් යෝජනා කර තිබූ සියයට 80 කොටස් සියයට 70 දක්වා අඩු කරගෙන…

වරාය වර්ජනයත් නවතී

වරායේ වෘත්තීය සමිතියක් අද කැදවා තිබු වැඩ වර්ජනය නැවත දම ඇත . හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව කැදවා තිබු මෙම වර්ජනයට වරාය සේවකයන් බහුතරයකගේ විරෝදය ප්‍රකාශ වී තිබිණි .

දූෂණයට විරුද්ධ වෙන්න බැරිනම් ඒ ගැන කතා කරන්න එපා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා

දූෂණයට විරුද්ධව නැගී සිටින්න සූදානම් නැත්නම් ඒ ගැන කතා කරන්නට එපා, යැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ව්‍යපරික පරජාව අමතා පරකාශ කළේය. තමන් දූෂණ ක්‍රියාවලට දායක වෙමින් දූෂිත කරමයට ඇඟිල්ල දික්කිරීමෙන් වළකින ලෙස ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. කොළඹ දී දැන් පැවැත්වෙන 2017 ශ්‍රී  ලංකා ආර්ථික සමුළුව අමතමින් ඒ මහතා මෙම ප්‍රකාශය කළේය….

ආර්ථික ඝාතකයන්ගේ නූතන ප්‍රවේශය – භාතිය බරුකන්ද

වර්ජන තර්ජන කිරීම මගින් සිදුවන්නේ ආණ්ඩුවේ සියලු සංවර්ධන ප්‍රවේශයන් පමණක් නොවෙයි සමස්ත පොදුජන ජීවිතයම අඩාල කිරීමයි. මෙය ආර්ථික ඝාතනයේ අලුත්ම ප්‍රකාශනයක් ලෙස හැඳින්විය යුත්තේ මේ නිසයි. ඒ නිසා දැන් ප්‍රශ්නය වන්නේ මේ ආර්ථික ඝාතකයන්ට කොතරම් කල් නිදැල්ලේ සිටීමට ඉඩ දෙනවාද ? යන්නයි. හම්බන්තොට වරාය සේවකයන් කළ වැඩවර්ජනය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට ගෙන ඇති…

හැත්තෑ හතේ දෙවන ඉනිම – සී. ජේ. අමරතුංග

 එක්දහස් නවසිය හැත්තෑ හත යනු මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයකි. එම වසරේ ජූලි 21 දා පැවති මැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂය මේ රටේ දේශපාලන හා ආර්ථික පරිවර්තනයක් සිදුකළ බව අවිවාදිතය. එකල එම පරිවර්තනයට විවිධ විරෝධතා පැවැති බව ද අමතක කළ නොහැකිය. කෙසේ වෙතත් එම පරිවර්තනයේ වැදගත්කම පෙනී යන්නේ වසර හතළිහක් ගතවන විට ආපසු හැරී බැලීමේදීය. එම…

නූල් සූත්තර අනුව නැටවෙන ඊනියා රූකඩ විරෝධතා – භාතිය බරුකන්ද

ඛණිජ තෙල් සංස්ථා සේවකයෝ යළි දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නියැලී සිටිනවා. සුපුරුදු පරිදි ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැකිය හැකියි. රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීමට ද බොහෝ විට ඉඩ තිබෙනවා. වැඩවර්ජනය තුළින් ඔවුන් අපේක්ෂා කරන්නේ ද එම තත්ත්වය නිසා ඒ ගැන පුදුම විය යුතු ද නැහැ. එහෙත් අප රටක්, සමාජයක් හා පුද්ගලයෙක් ලෙස කනගාටු විය…

රාජපක්ෂ ආණ්ඩුව කිව්වා උමා ඔයට දකුණට හැරෙන් කියලා ඒකෙන් සිදුවෙච්ච ව්‍යසනයේ තරම කියන්න බැහැ – සමන්ත විද්‍යාරත්න

ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම සංවිධානය කළ, 24 වනදා මහවැලි කේන්ද්‍රයේ දී පැවති, උමා ඔය ව්‍යාපෘතිය හා අනාගත ඉරණම සම්මන්ත‍්‍රණයේ දී, උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න කළ කතාව. මේ වන විට උමාඔය ව්‍යාපෘතිය නිසා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක ගම්මාන අවදානමකට ලක්වෙලා. නිවාස හත්දහස් පන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් විනාශයට පත්වෙලා. දිය උල්පත්…

සයිටම් සටන ලෙඞ්ඩුන්ගෙ යහපත සඳහා කරන සටනක් ද? වෙනත් අරමුණකින් කරන සටනක් ද කියල ප‍්‍රශ්නයක් තියෙනව. – වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම සිදුවුනා. එයින් සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ඇරඹී තිබෙන විරෝධයට  විසඳුමක් ලැබෙයිද? මම හිතන්නේ නෑ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් උද්ගතව ඇති සයිටම් ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙයි කියල. මට පෙනෙන විදිහට ඒ සටන යන්නේ මූලික ප‍්‍රශ්න උඩ හෝ මූලික විසඳාගැනීම් උඩ නෙමේ. එතන වෙන මොකක් හරි එකක්…

ඒකාබද්ධයේ සිහිනය සැබෑ වෙන්නේ නෑ – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

  ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ අය කොතෙක් දැඟලුවත් මේ ආණ්ඩුව 2020 වර්ෂය දක්වාම ඉදිරියට යනවා. ඒක වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබාගන්න ඕනෑ යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය. බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ ඉකුත්දා (23) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතා අදහස්…

අපේ සිහින නිෂ්පාදනය – නිශාන්ත කමලදාස

 එය රූපවාහිනී වැඩසටහනකි. විද්වතුන්ගේ සාකච්ඡාවකි. සවුදි අරාබියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු දුරකථනයෙන් සිය අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව යනු තමන්ට අවශ්‍ය හැම දෙයක්ම පිටරටින් ගෙන්වා ගන්නා රටක් කියා ය. අඩුම තරමේ බයිසිකලයක්වත් හදා ගන්නේ නැති රටක් බව ය. මේ විද්වත් සභාවේ සිටි හැම කෙනකුම මේ මතය අගය කරමින් කියා සිටියේ ලංකාවේ මිනිසුන්ට අවශ්‍ය දේ…

අසීමාන්තික බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයේ අවසානය කරා ….

1978 ව්‍යවස්ථාව නිර්මාණය කල ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධූරයක් හදුන්වා දෙන ලදී. VII වන පරිච්ඡේදයේ 30 (¡) වන වගන්තිය විධායකයේ ,ආණ්ඩුවේ ,සන්නද්ධ සේවා වල නායකයා ලෙස දක්වා ඇත. රටක සියලු බලතල තනි පුද්ගලයකු වටා ඒකරාශී වීම ඉතාම භයානක තත්ත්වයකි.එසේම අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු කිරීමට ඇති නොහැකියාව (357) නිසා එය අතිශය භයානකය.මෙම සුපිරි…

රණවිරු දඩයමේ ඇත්ත කතාව – අනුර කේ එදිරිසූරිය

  කිලිං ඉන් වෝ (Killing in war) නොහොත් යුද්ධයේදී සිදුවන මිනිස් ඝාතන නමින් ජෙෆ් මැක්හන් 2009 වසරේ කළ නිබන්ධයේදී උත්සාහ කළේ යුද්ධයකදී මිනිසුන් මරා දැමීම සාධාරණ යැයි අප බොහෝවිට කල්පනා කළද එය ඉතා බරපතළ වරදක් බව පෙන්වා දීමටය. ජෙෆ් මැක්හන් අපට සිහිපත්වන්නට ආසන්නතම හේතුව වන්නේ කොමදෝරු ඩී. කේ. පී. දසනායක අත්අඩංගුවට ගැනීම මූලික කර ගනිමින්…