යුග තුනක මාධ්‍ය යාත්‍රිකයා සිරි රණසිංහ – කුමාරදාස ගිරිබාව

ශ්‍රී ලංකා පත්‍ර කලා ඉතිහාසයේ තිස් තුන් වසරක් අඛණ්ඩව පත්‍ර කර්තෘත්වය හෙබවූ ලංකාදීප  ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතාගේ මාධ්‍ය මෙහෙවර ඇගයීමේ උළෙල 2023 දෙසැම්බර් 20 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ. විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උත්සවය සිරි රණසිංහ මිත්‍ර සංගමය මගින් සංවිධානය කරනු ලබයි. මෙම…

|

ඇඳෙන් බැහැල රැකියාවට –  චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත .

  මෑත දිනයක මට ඥාතියකු ගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වන්නට සිදු විය. මංගල සභාවේ කටයුතු අතර මනමාලයාගේ පියා සහ මවගේ හදිසි කලබලයක් දුටු බැවින් මම විමසිලිමත් වුණෙමි. හේතුව ප්‍රදේශයේ දේශපාලනඥයකු උත්සවයට පැමිණීමය. දේශපාලනඥයා පිටුපස, රදළයකු පිටුපස පරිවාර ගමන් එන ප්‍රවේණි දාසයකු බඳුව දෙකට නැවෙමින්, ඇඹරෙමින්, ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද එනවා පෙනිණ. හිටපු ඇමැතිවරයකු…

|

හෑලි ටයිම්ස් – චින්තන ධර්මදාස

ඉස්කෝලෙකට බාරගන්න බැරි වෙන්න හැදෙන එකයි ශිෂ්‍යයෙකුගේ අරමුණ වෙන්න ඕන.   ඉස්කෝලෙකින් එලියට එනවා කියන්නෙ ඇඟපතින් ලොකු වෙලා, විභාග පස්වෙලා එලියට එන එක නෙමෙයි. ඉස්කෝලෙකින් එලියට එනවා කියන්නෙ ඉස්කෝල සංස්කෘතියෙන් එලියට එනවා කියන එක. මනුස්සයෙක් ඉස්කෝලෙකින් එලියට ආවම ආපහු ඉස්කෝලෙට ඒ මනුස්සයාව බාරගන්න බැරි වෙන්න ඕන. ඒ මනුස්සයා අර පරණ ආයතනය ඉක්මවා වැඩෙන්න ඕන. ඒ…

|

අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු – අජිත් පැරකුම් ජයසිංහ

  2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව එක්තරා ආකාරයකට 1989 කැරැල්ල සමයේ ජනප්‍රිය වූ නන්දා මාලිනීගේ ‘පවන’ ප්‍රසංගයේ ගීත සමග සමපාත වේ. නන්දා මාලිනීගේ 1989 සමයේ ගීත රැඩිකල් බලවේග…

සන්නාගේ NO STOPPING OR TURNING BACK (නැවතීමක් හෝ නැවත හරවා යෑමක් නැත) පොත – නිශාන්ත කමලදාස

No stopping or Turning back යන බිල්බෝඩ් එක අප දකින්නේ අධිවේගී මාර්ගයේ ගමන් කරන විට ය. එහෙත් එය අප මේ යන දිවි ගමනට ද එක සේ අදාළ ය. තනි තනි පුද්ගලයාගේ පෞද්ගලික ගමනට පමණක් නොව සමාජයේ පොදු ගමනට ද එය අදාළ ය. ඒ ගමන නවතිනු නොහැකි ය. නැවත හැරවීමක් ද නැත. එසේ කළ හැක්කේ තමනට…

|

මානව සමාජයේ සුබවාදී අලුත් පාර මොකක්ද මේ පාරනූතනවාදය – මහාචාර්ය අජන්තා හපුආරච්චි

    ” කලාව, සංස්කෘතිය, දර්ශනය යළි ප්‍රධාන තලයකට පැමිණ ඇත. එය නව ලෝක ප්‍රවණතා අතරට එක්ව ඇත්තේ මානව සමාජ ප්‍රගමනයේ නියමුවන් වශයෙනි. ශ්‍රම වෙළෙදපොළ නිෂ්පාදන මාරුවකට පත්ව ඇත. කෘත්‍රිම බුද්ධිය හා තාක්ෂණික විපර්යාසය ඔස්සේ ඉහත දෑ කතිකාවකට ද බඳුන්ව ඇත.” ශ්‍රී ලාංකික සමාජය කිසි දිනෙක ලෝකයේ පවතින දාර්ශනික, දේශපාලනික, සමාජ ගතිකත්වයන් ඒ ඒ කාලවලදී…

කලාවේ රසය රේඛාවක් දිගේ ගෙන ගිය මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර.

  මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ “Covert” කලා නිර්මාණයන් දෙස බලන ඕනෑම අයෙකුට ගම්‍ය වන්නේ, සිංහල මහ ජාතියට අයත් වෙමින්, සුළු ජාතීන් තලා පෙළන අධිපති ජාතිකවාදයට සිය විරෝධය ප්‍රකාශ කරන, ජාතිවාදී ප්‍රචණ්ඩත්වයේ පාපී බර යොදා, සිංහල සැරසිලි කලාවේ කෝමල රේඛාවෙන් අඳින ලද විරෝධාකල්පය යකඩ නවමින්, කපමින්, පාස්සමින්, ප්‍රතිනිර්මාණය කර, ප්‍රේක්ෂකයාට ද විඳින්නට හෝ විඳවන්නට සැලැස්වීමක් ලෙසයි. Covert…

|

“බුදුදහම අපූරු ප්‍රායෝගික දර්ශනයක් ” – ස්ලාවෝයි ජිජෙක්

        ජිජෙක් ගැන කෙටි හැඳින්වීමක්  (‘‘ස්ලාවෝයි ජිජෙක් උපත ලැබුවේ 1949 මාර්තු 21 වැනි දින ස්ලෝවේනියාවේ (පැරණි යුගෝස්ලාවියාවේ), ලූබිආනා නගරයේය. ජිජෙක් උපාධි අපේක්ෂකයෙකු ලෙස දර්ශනය සහ සමාජ විද්‍යාව හැදෑරූ අතර 1975 දී ප්‍රංශ ව්‍යුහවාදය පිළිබඳ පිටු 400 ක නිබන්ධනයක් ලියමින් ලූබිආනා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කළේය. 1981 දී ඔහු ජර්මානු විඥානවාදය පිළිබඳ නිබන්ධනයක් ලියමින් දර්ශනය පිළිබඳ ඔහුගේ පළමු ආචාර්ය උපාධිය ලබාගත්තේය. වසර හතරකට…

|

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් – ආචාර්ය මහේෂ් හපුගොඩ

Image@Paula Bronstein/Getty Images තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම් ඇත්තක් පවතින්න පුළුවන් උනත් ලංකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් ජනාධිපතිවරයාට මුහුණ දුන්න හැටි ගැන මට මෙහෙම හිතුණා. කතාබහේ වාසිය ජනාධිපතිවරයා ගැනීමේ…

|

ජනාධිපති වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්! – චින්තන ධර්මදාස

නතාෂා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට කතා කර යමක් කිරීමට මට පුළුවන් යැයි ෆේස්බුක් බහුතරයක් විසින් කියන හින්ද මං රනිල් විසින් මේ අවස්ථාවේ කළ යුතු යැයි මා විශ්වාස කරන ප්‍රකාශයක් ලියලා යැව්වා. එයා ඒක කියයිද දන්නෙ නෑ හැබැයි. රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන්නේ නම් මැනවි යැයි සිතන ප්‍රකාශයක්. ‘මේ අවස්ථාවෙ බුදු දහමට අපහාස කළා…

|

මානීගේ තීරුව : විපක්ෂෙ අතුරුදහන් ? – සුන්දර නිහතමානි ද මැල්

ගෙදර අයිතිකාරයා සේ කවුදෝ දොරට තට්ටු කළේය. මම කේන්තියෙන් දොර ඇරියෙමි.   හොඳට දැකපුරුදු, රෙදි බැනියම් හැඳගත්, මිටි වුවත් ප්‍රතාපවත් මනුස්සයෙක් සිනා පොදක්වත් මුව නැතුව දොරකඩ හිටගෙන සිටියේය . “මම ආර්.ප්‍රේමදාස ” “ඒක වෙන්න බෑනෙ. ඔහේ මැරුණනෙ” මම ක්ෂණිකව කියා සිටියෙමි. “අද ඔහේගෙ තිස්වෙනි මරණ සංවත්සරය කියලත් ප්‍රවෘත්තිවලට කිව්වනෙ” “මම මළා තමයි “අමුත්තා ප්‍රකාශ කළේය….

|

සංස්කෘතික කුරුස බිම තියමු – නිශාන්ත කමලදාස

  මේ වන විට අපගේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ සාකච්ඡාවල දී බොහෝ විට සිදුකරනු ලබන්නේ අදහස සාකච්ඡාවට ගන්නවා වෙනුවට අදහස ඉදිරිපත් කරන තැනැත්තාට ප්‍රහාර එල්ල කොට  අපහාස කර අධෛර්යට පත් කිරීමට උත්සහ දැරීම යි.  මෙය අතීතයේ සරසවි තුළ සාකච්ඡාවල දී පවා දකින්නට ලැබුණු තත්ත්වයකි. පණිවිඩය තේරුම් නොගෙන පණිවිඩකරුවාට පහර දීමේ මෙම තත්ත්වය අද වන විට සමාජ…