|

“අවශ්‍ය දේශපාලනය” ඇත්තේ “පක්ෂ දේශපාලන”යෙන් ඔබ්බෙහි ය – නිශාන්ත කමලදාස

  දේශපාලනය අපේ ජීවිතයට එහි සෑම අංශයකට ම සම්බන්ධ ය. අද අප මුහුණ දෙන අර්බුදය ප්‍රමාණවත් දේශපාලනයක අප නොයෙදීම නිසා ඇති වූවක් ලෙස ද සැලකිය හැකි ය. ඒත් බොහෝ දෙනෙකු දේශපාලනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ නායකයෙකු හෝ පක්ෂයක් තෝරාගෙන කඩේ යන එකට ය. ඒ නිසා දේශපාලන මැදිහත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි තෝරා බේරා…

|

අල්මේදාගේ හත් දවස – නිශාන්ත කමලදාස

    මේ පොතේ කතාව කියන්නේ ද එහි කතානායක අල්මේදා ය. ඒ නිසා මේ පොතින් කතුවරයා (Shehan Karunathilaka) කරන්නේ අපට අල්මේදාගේ කෝණයෙන් ලෝකය දෙස බලන්නට ඇරයුමකි. ඒ සඳහා අප පළමුව අල්මේදාව තෝරා බේරා ගත යුතු ය. ඔහු ඡයාරූප ශිල්පියෙකි. ඔහු ඡයාරූප ශිල්පියෙකු හැටියට හමුදාවට ද කලක් සේවය කරයි. ජාත්‍යන්තර සංවිධාන වලට ද ජාත්‍යන්තර මාධ්‍ය ආයතන…

පත්තර නොකියන තමන්ගේ ඇත්ත – දිවන්ත යාලේගම 

  කොවිඩ් වසංගත සමයේ නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් කඩා වැටීම ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තය, යළි හිස එසවීමට නොහැකි මට්ටමට පත්ව ඇතැයි වාර්තාවේ. ඇතිවී තිබෙන ආර්ථික අවපාතය හමුවේ, කඩදාසි මිළ සිඝ්‍රයෙන් ඉහළ යෑම, ඒ හේතුවෙන් පුවත්පතක මිළ ජනතාව වෙත දරා ගත නොහැකි තත්ත්වයකට පත්වීම, දැන්වීම් ලබාදිය නොහැකි මට්ටමකට ප්‍රධාන වාණිජ ආයතන සහ බැංකු ආදියේ…

|

මහජන පීඩාව අපරාධමය වරදක් – ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු

  ජනහිතකාමී පොලිස් සේවාවක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිදු කළ යුතු වෙනස්කම් මොනවාදැයි රජයට නිර්දේශ කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ජාතික කතිකාවක් ආරම්භකර තිබේ. මේ කතිකාව, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, පොලිසියේ උසස් නිලධාරීන් සහ උගත් බුද්ධිමත් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. මේ පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති සහ හිටපු පොලිස්පති චන්ද්‍රා…

|

ඉටු නොවන සිහිනයක්ද? පුරවැසි මූලික, විවෘත සහ වගවන රාජ්‍ය සේවයක් – නිශාන්ත කමලදාස

වරින් වර රාජ්‍ය සේවය ගැන කතා කිරීමට සිදු ව තිබේ. අද මේ සටහන ඉදිරිපත් කරන්නේ රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡාවක් නැවත ආරම්භ වී ඇති නිසාත් ප්‍රාග්ධන හා ප්‍රතිපාදන සීමා නිසා බහුතරයක් ආයතනවල වැඩ ප්‍රමාණාත්මක ව අඩු වී තිබීම නිසා ප්‍රතිසංවිධානයන් කිරීමේ ඉඩ හසර ද ඒ සමග ම විවෘත ව ඇති නිසාත් ය. ඊට අමතරව ආර්ථික…

|

ගහන්න ගහන්න ආදරෙයි – චින්තන ර්ධමදාස

ළගදි දවසක අවුරුදු 24ක විතර කෙල්ලෙක් මට කතා කළා. එයා හිටියෙ ගොඩක් අවුලෙන්. කොයිතරම් අවුලෙන්ද කිව්වොත් ඒ අවුල මාවත් අවුල් කළා. එයා කසාද බැඳලා දවස් කීපයයි. බැඳපු දවසට පහුවෙනිදා එයාව සැමියා විසින් නැවත ගෙදර ගිහින් බස්සනවා. එයා එක්ක ඉන්න බෑ කියනවා. මට කතා කරද්දිත් මේ තරුණිය විශ්වාස කලේ තමන්ගේ යම් වරදක් තියෙනවා කියල. ගෙදර අයට…

|

සංස්කෘතිය කර තබා ගැනීම – නිශාන්ත කමලදාස

  ලාල්කාන්ත සහෝදරයා දෙරණ 360 ට සහභාගී වෙමින් කීවේ රටේ සංස්කෘතියට තමන් හා තමන් නියෝජනය කරන දේශපාලනය බලවේග ගරු කරන බවත් ඒ සංස්කෘතිය පවත්වා ගෙන යමින් ඒ ඇතුළත කළ හැකි දේ කරන බවත් ය. ඔහු නොකියා කීවේ පවතින සංස්කෘතියට අභියෝග කිරීමට ඔවුන්ට වුවමනාවක් නැති බව ය. භාවිතා කළ වචන ඒවා ම නොවෙතත් ඉදිරිපත් කළ පණිවුඩයේ…

ඇම්ඩා ඔබ අමතයි – නිශාන්ත කමලදාස

  මගේ දුප්පත් රට වැසියන්ට බඩ කට පුරා කන්නට නොලැබෙන බව මම දනිමි. ඔවුන්ට රස බොජුන් වළඳන්නට අවසරයක් නොමැති බව ද මම දනිමි. ඒ සියල්ලන් වෙනුවෙන් ඔවුන් උදෙසා බඩ කට පුරා කන්නටත් රස බොජුන් වළඳන්නටත් මම තීරණය කළෙමි. මා කරන ඒ අනුභවය දෙස බලා වත් ඔවුන්ට සැනසිය හැකි නම් ඒ මට ලැබිය හැකි උපරිම සතුට…

|

අඳුරට සාප නොකර පහනක් දල්වමු – නිශාන්ත කමලදාස

  හැම තැනක ම ඇත්තේ නෑ බෑ කියන අඳෝනාම ය. මා කල්පනා කළේ අඳුරට ම සාප කර කර ඉන්නවා වෙනුවට පහනක් දල්වන්නට ය. ගෑස් නැති වුනහම පොසිටිව් මිනිස්සු බැණ බැණ නොඉඳ දර ලිපට යොමු වූවෝය. හෙට අනිද්දා ඩීසල් පැට්‍රල් නැතිවුනොත් “මයි ඩීසල්, මයි පැට්‍රොල්” කියා ආඩම්බර පාන්නට අපට බැරි වන්නේ ය. ඒ නිසා ඒ සඳහා…

|

නගරයට අභියෝග කළ ගැමියා – රන්බණ්ඩා ගැන මතකය – සී ජේ අමරතුංග

ගමෙන් විත් නගරයේ චින්තනයට අභියෝග කළ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත වී දෙසැම්බර් 5 දාට වසර විස්සකි. පෞද්ගලික කරදරයකට මුහුණ දී අවිවේකීව සිටි මට මෙය මතක් වුයේ තුශාර සෙනෙවිරත්නයන් තම පියා ගැන මතකය අවදි කරමින් මුහුණු පොතේ පළකර තිබු විශිෂ්ට රචනාව කියවීමෙනි. තුෂාරගේ මෙන් ම තවත් අයගේ අනුස්මරණ සටහන් වෙබ් අඩවිවල ද පළකොට තිබිණි. යමක් කීමට…

|

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් මන්දෝත්සාහී කරන මෙරට ඡන්ද ක්‍රමය – අනුර කේ එදිරිසූරිය .

ඔහු නමින් සමන් රත්නායක . වයස අවුරුදු 54 කි . උපතින් ම පූර්ණ දෘශ්‍යාබාධිත  ඔහුට පසුගිය මැතිවරණ තුනේදී එනම් , ප්‍රාදේශීය සභා මැතිවරණය , ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ දී  සිය ඡන්දය භාවිත කරන්නට නො හැකි විය .  හේතුව  ඡන්ද මධ්‍යස්ථානය වෙත ඔහු කැටුව යාමට කිසිවකු ඉදිරිපත් නොවීමය . 2012 නිවාස සහ ජනගහන සංගණනය අනුව සමන්…

|

රතන හිමිගේ සංගීත දිවියට අනුරුද්ධ ප්‍රදීප්ගෙන් සුබපැතුම්!

  හිතවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියනි, මම මේ ලිපිය ලියන්නේ “ඔබ වහන්සේගේ වස විස ගොවිතැන ගැන මා එදා කියපු දේවල් හරි නේද?” කියා ඔබ වහන්සේගෙන් අසන්නටය. එය දැන් ඔබ වහන්සේ ලැජ්ජාවට පත්වෙන, අමිහිරි ප්‍රශ්නයක් බව මම දනිමි. නමුත් මෙවැනි විනාශකාරී, මෝඩ වැඩ තවදුරටත් කිසිවෙකු විසින් හෝ නොකරනු පිණිස ඒ කඨෝර ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් ඇසිය යුතුමය….