|

ගිජු ලිහිණි න්‍යාය – නිශාන්ත කමලදාස

අවලස්සන බොහෝ දේ සිදු වෙමින් තිබෙන වටපිටාවක ඇතැම් තැනක ලස්සන දේ ද අහන්නට ලැබේ. ජාතිවාදය ගොජ දමමින් වැඩෙමින් තිබිය දී, සංහිඳියාව යන වචනය පවා විසුළුවට ද වෛරයට ද ලක් වෙමින් තිබිය දී, ජාතින් අතර සමගිය ඇති කිරිම සඳහා මිනිසුන් විසින් කරන සත් ක්‍රියා ද අපට වාර්තා වෙයි. ජාතිවාදය ව්‍යාර්ථ කිරීමට ගන්නා උත්සාහයන් ද ඒ අතර…

|

සතර අගතිය හරහා අගාධයට – නිශාන්ත කමලදාස

ලෝභය, ද්වේශය, බිය හා මෝහය නිසා අප අගතියට පත් වන්නේ යැයි කීවේ බුදුන් වහන්සේ ය. අද රට දෙස බැලූ විට පෙනෙන්නේ මේ කරුණු හතර නිසා අගතියට ගොසින් නොනැවතී අගාධයකට ම අප තල්ලු වී ඇති බව ය. අපට අවශ්‍ය ලොකු කුට්ටියකි. එය කවරකු විසින් හෝ උදුරාගෙන ඇතැයි හැඟීමක් අප බොහෝ දෙනකුට තිබේ. එය නැවත දිනා ගැනීම,…

අන්තවාදියකුගේ ඛේදවාචකය – නිශාන්ත කමලදාස

සිය දිවිනසා ගත් එක් බෝම්බකරුවකු පිළිබඳව ඔහුගේ බිරිය තම හිතවතකු සමග කළ ප්‍රකාශයකට අනුව ඔහු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි පසු වෙනස් පුද්ගලයකු බවට පත් ව ඇත. ගෙදර රූපවාහිනිය බැලීමට තහංචි පැනවීමෙන් නොනැවතුණු ඔහු විදුලි පහන් නිවා දැමීමට ද අණ කොට තිබේ. නව ශිෂ්ටාචාරය සමග ගනුදෙනු වසා දැමීම අභිප්‍රාය වූ බව ඒ හැසිරීමෙන් පෙනෙන්නට තිබේ. මා දන්නා…

|

එහෙට මෙහෙට දෝලනය වන මානව හිමිකම් – නිශාන්ත කමලදාස

මේ සමය මෙවැනි මාතෘකාවක් කතා කිරීමට සුදුසු දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. බඩගිනි වේලාවක ආහාර ගැන මිසක, ආදරය ගැන කතා කරන තරමට ම එය නොගැළපේ යැයි ද කිව හැකි ය. එහෙත්, ආදරය වඩාත් අවශ්‍ය බඩගිනි වූ විට ය. ඒ තනියම නොව, බෙදා ගෙන කෑ යුතු නිසා ය. මේ වෙලාවේ දී ද මිනිසුන්ගේ මූලික ප්‍රශ්නය…

“බල්ලෙකුගේ අන්තිම කැමතිපත්‍රය!”

මහළු බවේ හා දුබල කමේ බරපොදිය  තවත් මට උහුලාගෙන යා නොහැකි හෙයින්ද, මගේ ජීවිතයේ අවසාන භාගයට ලංවී ඇති හෙයින්ද, “‘බ්ලෙමී’,නම් මගේ ‘අවසන් කැමතිපත්‍රය’ මගේ ස්වාමිපුත්‍රයාගේ චිත්ත.සංතානයේ  මෙසේ තැන්පත් කරමි. මා මිය යන තුරු ඔහුට ඒ ගැන දැනගන්නට නොලැබෙනු ඇත. ……………………………… ලෝකයෙහි ඉතිරි කර යාමට මට ඇත්තේ ඉතා ස්වල්ප දෙයකි. බල්ලන්වන අප මිනිසුන්ට වඩා ණැනවත්ය. භෞතික…

ජාතිවාදය හා අන්තවාදය මානසික රෝගයක ලක්ෂණයක්… මනෝ වෛද්‍ය එන්. කුමාරනායක…

ජාතිවාදය සහ අන්තවාදය පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක යෙදෙමින් අද එහා ඉවුරට එක්වන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා අන්තවාදය ජාතිවාදය සමාජයෙන් තුරන් කිරීමට ගතයුතු පියවර ද අවධාරණය කරයි. * අද රටේ බොහෝ දෙනා ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ ගන්නෙ ප්‍රචණ්ඩත්වයෙන්. ඔබ මේ තත්ත්වය දකින්නෙ කෙලෙස ද? පළමුව මට මේ ගැන ඇති වෙන්නෙ දුකක්. මහා මනෝවිද්‍යාඥයෙක් , දාර්ශනිකයෙක් වන බුදුන්වහන්සේගෙ…

|

පාප්තුමාගේ දණ්ඩ නමස්කාරය – නිශාන්ත කමලදාස

මේ ලිපිය ලියුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ය. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග වෙනත් සංවාදයට ලක් කළ යුතු කාරණා තිබුනු නිසා මෙය පුවත්පතට එවීමට පමා විය. එසේ වුව ද කිසිදු සංශෝධනයකින් තොරව ලිපිය එලෙසම යොමු කරන්නේ එහි අදාළත්වය ප්‍රහාරයට පසු ද අකුරක් නෑර එසේ ම පවතින නිසා ය. සැබෑ ලෙස සිදු ව ඇත්තේ එහි අදාළත්වය වෙනදාට…

හිටිගමන් පෝසතුන් වෙන දේශපාලකයන්ගේ වෙස් ගලවමු

යම්කිසි ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු ඒ තනතුරට පත් වන්නට පෙර ඒ අයගේ තිබූ ආර්ථික පසුබිම හදිසියේම කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් දියුණු වී තිබෙනවා නම් වසර ගණනාවක් තුළ ලෝකයේ පොහොසතුන් අතරට එක් වී ඇත්නම් අතේ ශතයක් නොතිබූ අය දියුණු වී ඇත්නම් ඒ ගැන ජාතික මට්ටමේ පරීක්ෂණයක් කළ යුතු බවත්, එම මුදල් ඔවුන්ට ලැබුණේ කුමන මාර්ගවලින් ද යන්න…

|

අසමත්ය එහෙත් නැගිටිය හැකිය – නිශාන්ත කමලදාස

කිසිදු වරදක් නොකළ මිනිසුන් හා දරුවන් තොග ගණනින් මරා දමන විට ප්‍රදර්ශනය වන්නේ අපේ අසමත්භාවය ය. අසමත් වී ඇත්තේ කුමක් ද? කවුරුන් ද? පළමුව ආගම් ය. මේ සිද්ධිය තුළ පැහැදිලිව ඇත්තේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමකි. එය සිදුව ඇත්තේ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. මුස්ලිම් භක්තිකයන්ගේ දේවාලය ද ඔවුන්ගේ හිස මත කඩා වැටී තිබෙන්නේ…

|

කිසිවකු වෙනස් නොවේ නම් කිසිවක් වෙනස් නොවේ – නිශාන්ත කමලදාස

පාස්කු ඉරිදා ඇති වූ ව්‍යසනය සම්බන්ධයෙන් අවසන් වරට මා දුටු සංඛ්‍යා ලේඛනවලට අනුව, සිද්ධිය නිසා මියගිය සංඛ්‍යාව 290 ක් වන විට, තුවාල ලැබූ සංඛ්‍යාව පන්සියයකට අධික වී තිබුණි. එය ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු මහත් ශිෂ්ඨ ලෝකය ම කම්පනයට පත් කරන්නට ඇත. මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනා මේ බෝම්බ තැබීමට කටයුතු කළ කිසිවකුට, ඔවුන්ගේ…

පාරම්පරික උරුමය – නිශාන්ත කමලදාස

පාරම්පරික උරුමය – නිශාන්ත කමලදාස

පියකු කැමති තම දරුවාට තැන හදා දී අයින් වීමට ය. එතෙක් කල්, වෙන කෙනකුට නොදී, තමන් අල්ලාගෙන සිටීමට ය. එය රජ කෙනකු සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් තනතුරු සම්බන්ධයෙන් ද අදාළ විය හැකි ය. රජවරු පමණක් නොව මැති ඇමතිවරු බොහෝ දෙනකු තම දරුවන් දේශපාලනයට යොමු කරන්නේ ඒ අරමුණ ඇතිව ය. බැලූ බැල්මට එහි වැරැද්දක් නැත. අප…

රට කිරට හැඬීම නතර කිරීමට – රුවිනි විදානපතිරණ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනි , හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික,පර්යේෂණ හා පුහුණු ආයතනය

රට කිරට හැඬීම නතර කිරීමට – රුවිනි විදානපතිරණ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනි , හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික,පර්යේෂණ හා පුහුණු ආයතනය

ලාංකික අපගේ පරිභෝජන රටාව තුළ කිරි හා කිරි නිෂ්පාදන කවදත් සැලකුණේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසය. තේ සමඟ කිරි හෙවත් ‘කිරි තේ‘ පානය ලාංකිකයන්ගේ දෛනික චර්යාවේ අත්‍යාවශ්‍ය අංගයක් වීම නිසාවෙන් කිරි කර්මාන්තය අන් සියලු කර්මාන්ත අභිබවා ප්‍රමුඛස්ථානයට පත්ව තිබෙන්නේ එහි වෙළඳාමේ පහළ වැටීමක් ගැන අසන්නටවත් ඉඩක් නොතබමිනි. නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් අතරින් ලංකාව…