රට ගලවා ගන්න එන “දියසේන කුමාරයා” – තිලක් සේනාසිංහ

රට දැය සමය වැනසීමට ලක්වේ නම් ඊට පුනර්ජීවනයක් ලබාදීමට පහල වන ගැලවුම්කරුවකු පිළිබඳ ගුප්ත විශ්වාසයක් අප ජන සමාජයේ මුල් බැසගෙන තිබේ. ජන සම්මතයට අනුව ඔහු හැඳින්වෙනුයේ ‘දියසේන කුමාරයා’ යනුවෙනි. විශේෂයෙන් බුදු සසුනේ පිරිහීම් ලක්ෂණ දුටු විට අදත් වැඩිහිටියෝ එය මුළුමනින් දුරලිය හැකි මෙම ‘දියසේන ඇබෑර්තුව’ පිළිබඳව කතාබස් කරති. ශ්‍රී ලංකාව ඉංග්‍රීසි යටත්විජිතයක් බවට පත්වීමෙන් පසු…

|

මරන්න ඕනෑ වරදයි වරදකරුවා නොවෙයි – එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

මරණ දඬුවමට එරෙහිව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න ඔබ තීරණය කරන්නේ ඇයි? කාරණා කිහිපයක්ම එයට බලපානවා. පළමුවැන්න ඉතිහාසය පුරාම මරණ දණ්ඩනය ලබාදීමෙන් අපරාධ අඩු වූ බවක් සංඛ්‍යාත්මකව පේන්නේ නැහැ. ලෝකයේ කොහේවත් ඒ සඳහා උදාහරණයක් නැහැ. උදාහරණයක් විදිහට ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල පමණයි මරණ දණ්ඩනය ක්‍රියාත්මක. නමුත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන ප්‍රාන්තවල ඇතැම් වර්ෂවල අපරාධ වැඩිවීමක් පෙන්නුම් කර…

|

සුන්දර අතීතය හා බියජනක අනාගතය – නිශාන්ත කමලදාස

බොහෝ දෙනකු අතීතයට කැමති ය. එය දැන් ගෙවා අවසන් නිසා බොහෝ විට අතීතය අභියෝග ගෙන එන්නේ නැත. කරන්නට තිබෙන්නේ ඒ සුන්දර අතීතය සිහිපත් කරමින් ඒ තුළ ගැලී අපූරු, අහිංසක, විචිත්‍ර සිහින අතර ජීවත් වීම ය. අනාගතයේ කුමක් වේ දැයි අප දන්නේ නැත. ඒ නිසා බොහෝ දෙනකුට ලොකුම කරදරය අනාගතය ය. සිදුවන්නේ කුමක්දැයි හරි හැටි නොදන්නා…

|

නොගැඹුරු තර්ක -නිශාන්ත කමලදාස

කුණු ගොඩක් නිර්මාණය කිරීමට බොහෝ විට අවශ්‍ය වන්නේ පළමු කුණු පොද දැමීම ය. සෙසු අය ඒ කුණු ගොඩට තම කුණු ද එකතු කරනු ඇත. අවසානය වන්නේ කුණු කන්දක් නිර්මාණය වීම ය. මේ තර්කය වැරදි වැඩ සම්බන්ධයෙන් පමණක් නොව ඕනෑම වැඩක් සම්බන්ධයෙන් ද මිනිසුන් ගෙනෙන තර්කයකි. එය අවදානම් මග හැරිම සඳහා ඉවහල් වන්නේ ය. මක්නිසා ද…

|

ලංකාවේ රැඩිකල් උගතුන්ට – නිශාන්ත කමලදාස

අටපාස් ආමිකාරයකුගෙන් ලිපියක්… ලංකාවේ රැඩිකල් උගතුන්ට අටපාස් ආමිකරයකුගෙන් ලිපියක්’’ යන මැයෙන් සංසරණය වූ ලිපියක් අප අතට පත් විය. ඒ ලිපිය එක්තරා අතකට අප විසින් දිගින් දිගට මේ දීපන කොළම තුළ පළ කරන ලද මතවාදයන්ට කරන අභියෝගයක් නිසා ලිපිය ඒ අයුරින්ම පළ කරමින් ඊට උත්තර බැඳිය යුතු යැයි සිතුවෙමි. පහත පළවන්නේ එම ලිපිය ය. වරහන් තුළ…

ශක‍්‍රයාගේත් , පුතා වයිමාගේත් සැබෑ හැදුනුම්පත් මෙන්න – තිලක් සේනාසිංහ.

දැනට වසර දහයකට පමණ පෙර මෙරට සමාජ දේශපාලන කරලියේ රග දෙන අපූරු චරිතයක් තිබේ. ඒ ශක‍්‍රයා ගේ පුතා වයිමා ය. එතෙක් අප සමාජයේ බොහෝ දෙනෙකු නොදැන සිටි  “වයිමා” හිටි හැටියේ අප සමාජ දේශපාලන කරලියේ මෙලෙස ලැගුම් ගන්නට වූයේ 2009 වසරේ දී පමණ එවක වෙළෙද, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ධූරය හෙබවූ බන්දුල ගුණවර්ධයන් විසින්…

|

විද්වතුන්ට මග හැරෙන ඡන්දයේ භූමිකාව – නිශාන්ත කමලදාස

ක්‍රිකට් ලෝක කුසලානය උදෙසා අපේ සටන අවසන් වූයේ පූර්ව අවසන් වටයට හෝ තරග කරනු ඇතැයි තිබූ අපේ බලාපොරොත්තු සුන් කරමිනි. සාෆි වෛද්‍යවරයාට එරෙහි සටනට ද පිට පොට ගසාගෙන පැමිණි අපේ කණ්ඩායම ඒ වේගයෙන් ම පල්ලම් බැස ගියේ අවසානයේ අවසන් පරීක්ෂණයට කිසිවකු ඉදිරිපත් නොවෙමිනි. හැම සටනකින්ම පරදින්නට අපට බැරි ය. අප ඇඟිලි ගැන ගැන ඉන්නේ ඊළග…

|

වන්දනීය ධුරාවලිය – නිශාන්ත කමලදාස

ධුරාවලිය අපේ සමාජය තුළ මුල් බැසගෙන ඇති සංසිද්ධියකි. එයින් කියවෙන්නේ ඉහළක් හා පහළක් සමාජය තුළ තිබෙන බව ය. පහළ, ඉහළට යටත් විය යුතු බව ය. ගරු කළ යුතු බව ය. වන්දනා කළ යුතු බව ය. ඉහළ කවරකු හෝ එන විට හුනස්නෙන් නැගිටිය යුතු බව ය. ඉහළ අවසරයකින් තොරව, ඉහළින් ලැබෙන ආශිර්වාදයකින් ‌තොරව, පහළ කිසිවක් නොකළ…

|

විද්වතුන්ගේ ඡන්ද ගුණ්ඩු – නිශාන්ත කමලදාස

දින දෙකක් ඇතුළත විද්වතුන් මෙහෙය වූ සම්මන්ත්‍රණ දෙකකට නිරාවරණය වීමි. ඒ සම්මන්ත්‍රණ දෙකේම අපේක්ෂාව වී තිබුණේ ජාතික ප්‍රතිපත්තියක් එලි දැක්වීම ය. ඉන් එකක් ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කරන විට අනෙක ජාතික ජනතා ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලැබීය. මේ සංවිධාන දෙකම තමන්ගේ සම්මන්ත්‍රණය සඳහා සම්මත දේශපාලනඥයන් ගෙන්වාගෙන තිබුණේ නැත. එකක් පැවතියේ මාලඹේ රාහුල මහා විද්‍යාලයේ ය….

|

පොළොව රවුම් කියන්නේ කවුද? – නිශාන්ත කමලදාස

අපේ අත්දැකීම් පවසන්නේ පොළොව පැතලි බව ය. රවුම් පොළොවක නොවැටී සිටින්නට බැරි ය. අහස් යානයකින් යන විටවත්” පොළොව රවුම් යැයි පෙනෙන්නේ නැත. එවන් තත්ත්වයක් යටතේ පොළොව රවුම් යැයි ඊනියා විද්‍යාඥයන් කීවාට, අප විශ්වාස කළ යුත්තේ මන්ද? පොළොව රවුම් නොව, පැතලි යැයි අදටත් විශ්වාස කරන සැලකිය යුතු ජනතාවක් ලොව වෙසෙති. ඒ පිරිසට ඔබ අයත් නොවන්නේ නම්,…

|

ඇඳුමේ ප්‍රශ්නය – නිශාන්ත කමලදාස

දුටුවන් මන බඳින ඇඳුමකින් සැරසී අවසන් ගමන් ගිය ද අප මෙලොවට බිහිවන්නේ ඇඳුම් නැතුව ය. හෙළුවෙන් ය. එය සියල්ලන්ට ම පොදු ධර්මතාවයකි. ආගම, ජාතිය හෝ පරපුර අනුව වෙනස් නොවන එක ම ඇඳුම, ලෝකයට අප නිරාවරණය වන දා ඇඳි, නිරුවත ය. කොල්ලන් නිල් පාටින් ද කෙල්ලන් රෝස පාටින් ද සරසමින් පළමු භේදය ඇඳුම හරහා ඇති කරනු…

|

අපට සිදුව ඇත්තේ කුමක් ද? – නිශාන්ත කමලදාස

මේ මොකක් ද වෙලා තියෙන්නෙ? දැන් මොකද අපි කරන්නෙ? අපට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ මොකද්ද? මේ සාධාරණ ප්‍රශ්න, අද සිද්ධ වෙන දේ ගැන-ත්‍රස්තවාදය, ආගමික අන්තවාදය හා ජාතිවාදය ගැන- කම්පාවෙන් පෙළෙන මිනිස්සු තමන්ගෙන් ද, උත්තර දන්නේ යැයි සිතන මිනිසුන්ගෙන් ද, සෙසු හිතෛෂීන්ගෙන් ද, අසන්නෝ ය. මේ ලිපියෙන් අප උත්සහ කරන්නේ මේ ප්‍රශ්නයන්ට පිළිතුරු සොයා ගතහැකි මගක්…