|

ව්‍යාජ දේශප්‍රේමය – ‘’යුද්ධය මිනිසා සංවේ දී මානවයකු නො කරයි. එය මිනිසා තිරිසනකු බවට පරිවර්තනය කරයි” – ආචාර්ය සුනිල් රණසිංහ

ලාංකික රජ්‍යයේ ද කේන්ද්‍රීය බලය වටා ඒකරාශී ව සිටින පාදඩ පංතියේ හැසිරීම මෙයට සමාන්තරය. කූඨ දේශප්‍රේමය මත පදනම් වූ මොවුන් සෑම දෙනෙක්ගේම විදේශීය කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීම, ජාත්‍යන්තරයට අභියෝග කිරීම පාදඩ පංතියේ ආකර්ෂණය සඳහා කරන ව්‍යාජ රංගනයේ කොටසකි. මොවුහු බල දේශපාලන ස්වේත මන්දිරයේ හුරතල් විකටයෝය. ශරීරය අභ්‍යන්තරයේ ඉතා භයානක සටනක් සිදුවෙමින් පවතින වග මහලු මිනිසෙක් සිය…

|

ගින්න හා දුම – නිශාන්ත කමලදාස

සිද්ධියක් ඇති කිරීමට හේතු සාධක එක පැත්තක ය. ඒ සිද්ධිය වූ පසු එයින් ඵල ප්‍රයෝජන ලබන්නට එන අයගේ මැදිහත් විම් තව පැත්තක ය. මේවා වෙන් කර ගැනීමට නොහැකි ලෙස එකට මිශ්‍ර වීම නිසා මුල් හේතු සොයන්නා අතරමං වන්නේ ය. එකක් නම් පැහැදිලි ය. මේ සිද්ධිය ඇති කළ හේතු විවිධ ය. එය පැතිර ගිය හේතු ද…

|

මුහුණු දෙකක පරතරය – නිශාන්ත කමලදාස

එක වේදිකාවක ඉන්නේ වංචාව හා දූෂණය මැඩලන්නට අඩි හප්පා පොරොන්දු දෙන අපේක්ෂකයෙකි. බලය තිබුණු කාලයේ ඔහු අල්ලාගත් වංචාවක් දූෂණයක් නැත. අඩි හප්පා පොරොන්දු දෙන මුහුණත් වංචා දුෂණ සම්බන්ධයෙන් කිසිත් නොකර මග හැර ගිය මුහුණත් එකක් නොව දෙකකි. බලයේ සිටි කාලයේ ඒ වෙනුවෙන් කළ කිසිත් නැති නිසා මිනිසුන් ඒ ගැන විමසුවොත් දෙන්න උත්තර ද කප්පරක් තිබේ….

අධ්‍යාත්මික වංචනිකයෝ – ආචාර්ය සුනිල් රණසිංහ

වංචනික ආත්මීය ගැලවුම්කරුවන් මෙන්ම ගුප්ත විද්‍යා විශාරදයන් සමාජය මත පිළිලයක් ලෙස පැතිරයාම භයානක වසංගතයකි. සෑම උදෑසනක ම රූපවාහිනියෙන් පෙනී සිටින මෙම වංචනිකයෝ ජන ජීවිතයේ ස්වභාවික ගලා යාම විකෘති කොට මිථ්‍යා බලපෑම් මගින් සමාජයේ ඉදිරි ගමනට බාධා පමුණුවති. කලින් කළ විවිධ අධ්‍යාත්මික හාස්කම්කරුවෝ මෙම දිවයින මත පහළවෙති. විශ්ව ශක්තිය, දෙවිදේවතාවන්ගේ බලවේග, මළවුන්ගේ බැල්ම, යක්ෂයන් ලවා වැඩගැනීම,…

|

තවත් සංචාරක සටහනක් – නිශාන්ත කමලදාස

අපේ රටේ දරුවන් යම් පමණකට නිදහස ලබා තිබුණ ද මේ ද්වීපයේ දරුවන් තවමත් පන්සල්වල ගෙවන්නේ අපා දුකක් බව තේරුම් ගන්නට මේ සිද්ධියම ප්‍රමාණවත් ය. ගිහියන් අතින් පමණක් නොව ලොකු හාමුදුරුවන් අතින් ද ගුටි කන හා වෙනත් අතවරයන්ට ගොදුරු වන පුංචි සාමනේරවරුන් තවම මේ අමුතු ද්වීපයේ සිටින්නට පුළුවන. කලින් දින මා දැක්කේ බුදුරුවට සමාන රුවක් සහිත…

සිවුරේ පොලිස් බලය – සිරිසේන රාජපක්ෂ

බුදුන්ගේ මුහුණු යයි සැලකෙන රුප සහිත සාරියක් හැද සිටි කාන්තාවකට භික්ෂුවක් පොලිස් නිලධාරීන් ඉදිරියේ තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දින වල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුනි. ඉහත කි භික්ෂුව අදාල කාන්තාවට තර්ජනය කරන්නේ ” ඇඳගෙන ආවනම් කට වහගෙන හිටපන් ඉන්දියාවෙන් හරි තුත්තු කුඩියෙන් හරි. උඹලට ඕවා ලංකාවේ අඳින්න බැ.ගැනියෙක් නිසා නිකන් ඉන්නේ පිරිමියෙක්…

සංචාරක සටහනක් – නිශාන්ත කමලදාස

බුදුන් පිට දුන් බෝධිය ද බුදුන්ගේ දන්ත ධාතුව ද ලංකාවට වැඩම කළේ කාන්තාවන් ය. දන්ත ධාතුව නම් සඟවාගෙන ආ බව කියන්නේ කෙස් කළඹේ ය. එහෙම බැලුවහම අපට මෙහෙම කාන්තාවන් කොන් කරන, වෙන් කරන, අශුද්ධ යැයි හංවඩු ගහන, වටපිටාවක් තිබුණේ ම නැත. ඒ අතින් මේ කොදෙව්වන්ට වඩා අප වාසනාවන්ත ය. මේ කොදෙව්වන්ට ලංකාවෙන් ඉගෙන ගන්නට බොහෝ…

|

ශක්තික , සිතු දේ නොම වී නොසිතු දේ සිදුවීම – නිශාන්ත කමලදාස

බුද්ධාගම රැක ගැනීමට සිදු ව ඇත්තේ, බුද්ධාගම රැක ගන්නට ඉදිරිපත් වන අයගෙන් වීම, අද දවසේ අප මුහුණ දෙන ඛේදවාචකය ය. මෙය බුද්ධාගමට පමණක් නොව, සෙසු ආගම්වලට ද පොදු ය. අද වන විට මුස්ලිම් ආගම රැක ගැනීමට සිදුව ඇත්තේ, මුස්ලිම් ආගමේ ම අන්තවාදීන්ගෙනි. පාස්කු ඉරිදා එල්ල වූ අන්තවාදී ප්‍රහාරය අනතුරු අඟවා සිටියේ සෙසු ආගමිකයන්ට පමණක් නොවේ….

හූනියම් මේනියාවේ මාෆියාව – තිලක් සේනාසිංහ

හූනියම් මේනියාවේ මාෆියාව – තිලක් සේනාසිංහ

නිවිති යනු අපේ රටේ මධ්‍ය කඳුකරයේ උස් බිම්වල හැරුණු කොට දිවයිනේ සෙසු සෑම ප්‍රදේශයකම පහසුවෙන් වගා කර ගත හැකි පෝෂණ ගුණයෙන් සපිරි කොළ එළවළුවකි. Spinacia Oleraceg යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන නිවිති කොළ පැහැති සහ රතු පැහැති වශයෙන් කොටස් දෙකකි. උද්භිද විද්‍යාත්මක වශයෙන් හෝ පෝෂණ අගය අතින් කිසිදු වෙනසක් නොමැති මෙම නිවිතිවල රතු පැහැති නිවිති ශ්‍රී…

සමන් අතාවුදහෙට්ටි නිර්මාණය කළ “සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ” සහ “සොඳුරු සැරිසර රතු බලකොටුව දිගේ” කෘතීන් ජනගත කිරීම

සමන් අතාවුදහෙට්ටි නිර්මාණය කළ  “සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ” සහ  “සොඳුරු සැරිසර රතු බලකොටුව දිගේ” කෘතීන් ජනගත කිරීම වෙනුවෙන් පසුගිය 21 වන දා සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයෙදී සමන් අතාවුදහෙට්ටි රචනා කළ  “මලක් වුණේ” ගීත රචනා ග්‍රන්ථය වසරේ හොඳම ගීත ග්‍රන්ථය විය යුතු බව තම මතය වූවත්, සමන්ට එම රාජ්‍ය සම්මානය ලබා නොදුන්…

|

අපරාධ මඬින්නට ෂෝට් කට් නැත – නිශාන්ත කමලදාස

අපරාධ අවම කිරීම සඳහා කළ යුත්තේ ඒ අඟහිඟකම් ඉවත් කිරීම ය. ඒ සියල්ල ඉවත් කරන්නට එකවර බැරි නිසා අපට තාවකාලිකව අපරාධකරුවන්ට දඬුවම් දීමට සිදු විය හැකි ය. එහෙත් දඩුවම් දීමේ දී අප විසින් මතක තබාගත යුත්තේ අප ඒ කරන්නේ රෝග ලක්ෂණවලට පිළියම් කිරීම විනා රෝග නිධානයට බේත් හේත් කිරීම නොවන බව ය. එයින් අදහස් කරන්නේ…

|

රජය හා ආගම අතර ගනුදෙනුව – නිශාන්ත කමලදාස

අදටත් ලංකාවේ බහුතරයක් මිනිසුන් සිතන්නේ, ආගමට ඇති බැතිය දුර්වල වීම නිසා, සමාජය බිඳ වැටීමකට තුඩු දිය හැකිය කියා ය. ඒ නිසා රජය හෝ මැදිහත් වී එයට තිරිංග යෙදීම වැදගත් කටයුත්තක් ලෙස සැලකෙන්නේත්, ඒ සඳහා සිය කැපවීම ප්‍රදර්ශනය කරන දේශපාලනඥයන් ගැලවුම්කරුවන් ලෙස මිනිසුන්ගේ ගෞරවයට භාජනය වන්නේත්, ඒ නිසා ය. බුද්ධ ශාසන අමාත්‍යංශයකුත් ධීවර අමාත්‍යංශයකුත් එක ම…