සල්ලි, බලය, විවෘත ආර්ථිකය, මත්පැන්, ගෑණු හා අවි ආයුධ – නිශාන්ත කමලදාස
බොහෝ ව්යාසනයන්ට ඛේදවාචකයන්ට මුල සල්ලි ය. සල්ලි ඉස්සරහ දොරින් ගෙට වදින විට මනුස්සකම පෑල දොරින් පිට මං වන්නේ ය. ඒ පිළිබඳ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ අපට හිතෙන හැටි ය. ඒ සිතුවිල්ල කොහෙත්ම අසාධාරණ නැත. සල්ලි ලැබුණු පසු නොමිනිසුන් වූ මිනිසුන් අප දැක තිබෙන නිසා ය. “අහිංසක” අංගුලිමාල කළේ ඔහුගේ ගුරුතුමා ය. ඒ අයුරින් ම…