කළුවරේ ජරමරේ – මෙහෙම හොඳා- එලිය එපා! – නිශාන්ත කමලදාස

අප කොහොමටත් ඉන්නේ කළුවරේ ය. ලයිට් ගියා කියා ලොකු වෙනසක් අපට ඒ නිසා තිබිය නොහැකි ය. ඒඩ්ස් රෝගය බෝවෙන්නෙ කෙසේ දැයි මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු අධ්‍යාපන අධ්‍යක්ෂවරු පමණක් නොව අධ්‍යාපන ඇමති තුමා ද දන්නේ නැත. ඒ ඒඩ්ස් රෝගය පිළිබඳ කප්පරක් වැඩ සටහන් පැවැත්වීමෙන් ද පසු ය. මුළු අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය අඳුර දුරලීම ව තිබියදී අධ්‍යාපන…

උන් හා අපි – නිශාන්ත කමලදාස

උන් අපට වඩා දක්ෂ ය. කපටි ය. නූල් සූත්තර අදින්නට විශේෂයෙන් දක්ෂ ය. යටින් ගින්දර ගෙනියන්නට ඊටත් වඩා හපන් ය. උන් බලං ඉන්නේම අපට කෙළවෙන තෙක් ය. උන්ගේ ප්ලෑන අපට උඩින් යන්න ය. උඩට ගිහින් අපට අත හෝදන්න ය. මොකක් හෝ උප්පරවැට්ටියක් දමා මෙල්ල කර නොගත්තොත් අප ඉවර ය. අපේ ජාතිය ඉවර ය. භාෂාව හාන්සි…

කලාකරුවන්ට උපන්දින සුබපැතුම් එවන්න අමාත්‍යංශයක් අවශ්‍ය නෑ – සංගීතවේදි එච්.එම්. ජයවර්ධන

‘‘උපන් දිනය දවසට සුභ පතන්න එකයි, මැරුණාම ශෝක ප‍්‍රකාශයක් එවන එකයි’’ විතරක් නම් රජයෙන් කලාකරුවන් වෙනුවෙන් කරන්නෙ,  ඕකට වෙනම අමාත්‍යාංශයක්  ඕනෙ නැහැ. ඒ ටික ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයන්ටයි, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සේවකයන්ටයි ලේසියෙන් කරන්න පුලූවන්. තරුණ වයසේ සිටින පිරිස එකට එකතු වී රංචු ගැසීම සාමාන්‍ය ස්වභාවයයි. ඔවුන් එකට එක් වූ විට, හොඳ නරක නොවිමසා යමක් කිරීම…

කිලිනොච්චියේ සිට ලියමි – අජිත් පැරකුම් ජයසිංහ

සටන් විරාම සමයෙන් පසු පළමු වතාවට යාපනයේ හා කිලිනොච්චියේ ඇවිද්දෙමි. මිනිසුන් හමු වුණෙමි. එය යුද සංචරණයක් නො වේ. වන්දනාවක් ද නො වේ. මම කිසිදු තැනක් විශේෂයෙන් බලන්නට නො ගියෙමි. එය නිකම් ගමනකි. කලින් හමු වූ ඇතැම් මිනිසුන් දැන් හමු විය නො හැක. අප පාගන පොළව මත ඔවුන්ගේ ලේ තැවරී තිබිය හැකි ය. බොහෝ දේ වෙනස්…

මරණය සැරිසැරූ ‘යුද මුක්ත කලාපයක’ සත්‍යමූර්ති ද මිය ගීයේය – අතුල විතානගේ

බ්‍රිතාන්‍යයෙන් ලැබුණා යැයි කියන නිදහස හැට එක් වැනි වතාවටත් 2009 වසරේ දී සමරන ලද්දේ දෙමළ ජනයා ඔවුන් ජීවත් වූ ගම්බිම්වලින් මුදා ගැනීමේ ‘මානුෂික මෙහෙයුම්’ යටතේ වන්නියට ගොඩබිමෙන් හා ගුවනින් වෙඩි සැර වස්සවමිනි. සකල ලෝක බලවතුන්ගේ ආශීර්වාදයෙන් වන්නි සීමාවේ සෑම බිම් අඟලක්ම මෝටාර්, ෂෙල් හා පොකුරු බෝම්බවලින් විසුණු කොට දැමුණේ ඒ ‘සද් අභිලාෂය‘ මුදුන්පත් කරගනු පිණිස…

මේ ජාතික ගීයෙන් කියන්නේ අපේ දුබලකමයි – මහගම සේකර එදා කල විවේචනය නැවත කියවමු

චිත්‍රපටිවල දේශානුරාගී ගීත ගැන කියනකොට අපට ආදර්ශයට ගන්න සිදුවෙලා තියනවා ජාතික ගීය. නමුත් අපේ ජාතික ගීයෙත් දුර්වලකම් කීපයක් තියනවා කියලයි මට හිතෙන්නෙ. ජාතික ගීය රචනාකරන අවධිය වෙනකොට ආනන්ද සමරකොන්ගේ රචනා ශක්තිය ක්‍රමයෙන් දුර්වල වී ඇති බවයි පෙනෙන්නෙ. මෙබඳු අඩුපාඩු දක්නට ලැබෙන්නේ ඒ නිසයි. අප සිත් තුල අභිමානයක් හෝ වීර හැඟීමක් ඇති කිරීමට මේ ගීතය ශක්තිමත්…

සුනාමියේ රුදුරු අත්දැකීම් – 3 : සිපිරිගෙදර තාප්පය බිඳගෙන දෝරේ ගැලූ මනුස්සකම

සුනාමිය, විනාඩි කීපයක් තුළ ඇති වී, නැති වී ගියේ, මිනිසුන්ගේ මනුස්සකම් මෙන්ම, අමනුස්සකම් ද ප‍්‍රකට කළ සිදුවීම් රැුසක් සනිටුහන්  කරමිනි. උතුම් මනුස්සකම ප‍්‍රකට කරමින්,  තම දිවි දෙවෙනිකොට, නන්නාදුනන දරුවෙකුගේ ජීවිතය මරුවාගෙන් උදුරා දෙමාපියන්ට දායාද කිරීමට කැප වූ සිරකරුවෙකුගේ උත්සාහය, කැපවීම, ජයග‍්‍රහණය ගැන තවත් අමරණීය සුනාමි කඳුළු කතාවක් වන ‘සිපිරිගෙදර තාප්පය බිඳගෙන දෝරේ ගැලූ මනුස්සකම’ මෙසේ…

සන්නද්ධ අරගලය නිමාවත් සමගම වාණිජ අරගලයට යටත් වූ යාපනයේ අද දවස

අද දවසේ යාපනයට යන කෙනෙකුට කිසිදු බියක් සැකක්, බාදාවක් නොමැතිව, සුව පහසුව යාපනයට ගොස් පැමිණීමට හැකිය. එම ගමනට පොදු ප‍්‍රවාහනයක් තෝරා ගන්න කැමති අයට දුම්රියෙන් හෝ බස්රථයකින් යාපනයට යාමට හැකිය. දුම්රියෙන් යන අයට සමාන්‍ය දුම්රියකින් හෝ සීඝ‍්‍රගාමී සුඛෝපභෝගී දුම්රියකින් යාපනය යාමට ඒමට හැකිය. බස්රථ මගින් යාපනයට ගමන් කිරීමට කැමති පිරිසට ද සුඛෝපභෝගී මෙන්ම සාමාන්‍ය බස්රථයකින්…

එදා සුනාමි රල අතර සැ`ගව ගිය දොළොස් වයසැති නිමේෂාගේ කඳුළු කතාව.

දියණිය මගේ රුදු රළ ගෙන          ගියාදෝ දිවියම මගේ සෝ සුසුමක්             වුනාදෝ මේ භවයෙදී දුව යළි හමු           නොවේදෝ සසරේ හැම භවයේ මගෙ දුව      වෙනවාදෝ සුනාමියෙන් ඉක්බිති වසර එකොළහක් ගෙවී යන මේ මොහොතේ මාතර වෙරළ තීරයේ කළ චාරිකාවක දී සෝබර කතා, මෙන්ම ඇදහිය නොහැකි කතා රැුසක් අපට…

සුනාමි රල සමග සටන් කළ කතකගේ මතකය

මුහුද ගොඩ ගැලීම හුදු මනඃකල්පිතයක් ලෙස සිතා සිටි අප ඒ සැබෑ අත්දැකීම බියකරු ලෙසින් අත්වි`දගත් ඒ රුදුරු මොහොත ගෙවී වසර එකොළහක් ගත වී තිබේ. සුනාමිය ලෙසින් අපගේ භාවිතයට පැමිණි එම ඛේදජනක සිදුවීම අත්වි`දි දහස් සංඛාත පිරිසක ගේ ක`දුළු සහ සෝ සුසුම් විවිධ මාධ්‍ය ඔස්සේ වසර ගණනාවක් අප වෙත ළ`ගා වූ අයුරු ඔබට මතක ඇති. එහෙත්…

ඔහු මාව තියාගත්තේ සිරකාරියක ලෙස වුවත් මම ඔහුට ගරු කරනවා – රෝහණ විජේවීරගේ බිරිද ශ්‍රීමතී කියයි

ඉක්මණින්ම විවාහ වීමට සිදුවන බව ඇසූ ශ්‍රීමතී ඒ වන විටත් සිිටියේ වයස විසි ගණන්වල ආරම්භයේය. ඇයට සිදුවූයේ නොකඩවා හඬා වැටෙන්නටය. පස් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ ඇය එතරම් වගකීම් රහිත ජීවිතයකට හුරුවී සිටිය ද තවමත් නොමේරූ තරුණියකව සිටි ඇය බියපත් වූයේ විප්ලවවාදී නායකයකුගේ බිරිඳ වන්නේ කෙසේද යන්න පිළිබඳවය. 1971 තරුණ කැරැුල්ල මෙහෙයවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම්…

අතීතකාමිත්වයේ රහස සහ ආදීනව – නිශාන්ත කමලදාස

අපි අතීතයට කැමැත්තෙමු. වසර 2500 ක උරුමය ගැන කියන විට සිරුර කෙළින් වී සිත උත්තේජනය වී අපව අමුතුම ලොවකට ගෙන යන්නේ ඒ නිසා ය. අවිනිශ්චිත අනාගතය මෙන් නොව අතීතය අපට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැත. ගොඩ දාන්නට අකමැති මළ මිනී තිබුනොත් මිසක අතීතය හාරා ඇවිස්සීමම විනෝද ජනක ය. අතීතයේ අප්‍රසන්න දේ නැතුවාම නොවේ. එහෙත් ඒවා අපට…