දේශපේ‍්‍රමය – තක්කඩියෙකුගේ අවසාන රැකවරණය

දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද! ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද?  අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ.  එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශ්‍රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ. ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු…

හැටේ දශකයේ සංචාරක නාට්‍ය කණ්ඩායම්, ප්‍රේක්‍ෂකයන්, සමාජ වටාපිටාව සහ අද. – මනෝජ් රූපසිංහ

රූපවාහිනියත්, අන්තර්ජාල භාවිතයත් අපේ රස මනස ගිල නොගත් හැටේ දශකය තෙක් පැවති  ඉහළම විනෝද මාධ්‍යය සිනමාවය. එය හැත්තෑව දශකයේ අවසානය තෙක්ම පැවතුනි. එකල සිනමා පටයක් ප‍්‍රක්‍ෂේපනය කිරීම හැඳින් වූයේ බයිස්කෝප් එකක් පෙන්වනවා යනුවෙනි. පේ‍්‍රක්‍ෂකයන්ට චිත‍්‍රපට නැරඹීමට සිනමා ශාලා තිබුණේ අල්ප වශයෙනි. ඒ ප‍්‍රධාන නගරයකට එකක් හෝ දෙකක් බැගිනි. මා මෙම ලිපියට පදනම් කරගන්නේ මා හැදුණු…

බෞද්ධ සාහිත්‍ය නිර්මාණය කළ ලේඛක තුමන් වෙතටයි – නිශාන්ත කමලදාස

බෞද්ධ සාහිත්‍ය නිර්මාණය කළ ලේඛක තුමනි, ඔබගේ සාහිත්‍ය චාරිකාව තුළ වටිනා බොහෝ දේ මුණ ගැහෙන බව හැබෑ ය. එහෙත් සමහර දේ අතිශෝක්තියට නංවන්නට ගොස් ඔබට වැරදී තිබෙන බව ද නොකියා බැරි ය. විශේෂයෙන් අසාමාන්‍ය පෞර්ෂයක් හා බුද්ධියක් තිබූ මිනිසෙකු හාස්කම් වලින් හෙබි දෙවියෙකු කරන්නට ගත් වෑයමෙන් ඔබ ඇති වෙන්නට අනා ගෙන තිබේ. ඉන් නොනැවතී නා…

අච්චු කන්තෝරුකාරයෝ හෙවත් ප්‍රාදේශීය මාධ්‍ය‘වේදියෝ’ – අජිත් පැරකුම් ජයසිංහ

හම්බන්තොට වරායෙහිදී නාවික හමුදාපතිගේ ප්‍රහාරයට ලක් වූ රොෂාන් ගුණසේකර යනු දිවයින, දි අයිලන්ඩ් පුවත්පත්වල හා හිරු පුවත්පතේ සූරියවැව ප්‍රාදේශීය වාර්තාකරු ය. ඔහුගේ නම මත්තල රොෂාන් දිලිප් කුමාර ලෙස ද පළ වේ. ඔහු විසින් මේ වසරේ ලංකාදීප පුවත්පතට ද වාර්තා සපයා ඇති බව මෙම වාර්තාවෙන් පෙනේ. අප මේ බව පෙන්වා දුන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු…

දෙව්දත්ට ලියුමක් – නිශාන්ත කමලදාස

පළමුවෙන්ම ඔබට ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේ දැයි නොදැන මා අතරමං ව සිිටි බව කිව යුතු ය. ඒ ගැටළුව ඇති වූයේ දේවදත්ත කුමාරයා ලෙස ද දෙව්දත් හිමියන් ලෙස ද දේවදත්තයා ලෙස ද ඔබව දක්වා ඇති නිසා ය. සසර පුරා ඇදී ගිය ඔබගේ පාපතර දිවිය නිසා ගරු නම්බු දීමට බැරි ය. ආනන්තරීය පාපකර්මයක් කර ආපායේ ගිය නමුදු…

මූසිලගෙන් ගුත්තිල ඇදුරාට ඉල්ලීමක් – නිශාන්ත කමලදාස

ගුත්තිල ඇදුරු වෙත ආදරයෙනි ඔබතුමා මට සංගීතය ඉගැන්වූ බව ගෞරව පූර්වකව සිහිපත් කරමි. ඔබතුමාගේ පරිශ්‍රමය අපතේ නොයවා මාද හොඳින් ශිල්ප හැදෑරූ බව ඔබතුමා ද පිළිගන්නවා ඇත. ඔබ හොඳ ගුරුවරයෙකු වූ තරමට මම හොඳ ගෝලයෙකු ද වීමි. මා අසා ඇති අන්දමට ගුරුවරයෙකුට ඇති ලොකුම සතුට සිය ගෝලයා තමාට වඩා ඉහළ යෑම ය. ඒ සතුට මම ඔබට…

වෙස්සන්තර පිය රජාණන් හට- ජාලිය කුමරුගෙන් –

පිය රජුනි ඔබ ඔබේ මනදොල පුරවා ගත්තෙහි ය. ඔබ සමග අමනාප වීමට හේතු බොහෝ ඇතත් මා එසේ කීවේ අමනාපයෙන් ම නොවේ. ඔබේ මනදොල ආත්මාර්ථය ඉක්මවන්නක් ද ලෙස දැකිය හැකි නිසා මට එක එල්ලේ ඔබ සමග අමනාප විය නොහැකි ය. බුද්ධත්වය ලැබ එයින් නොනැවතී සෙසු මිනිසුන් ද දුකින් මුදවීමට ද ඔබ ක්‍රියා කළේ ය. ඇලීම හා…

පොත් සහ කරවල – බන්දුල පී දයාරත්න

“ටොම්සන් මහත්තයා කිව්වා නේද රෑට කන්න කරවල හොද්දක් හදන්න ඕනෑ කියලා… මං මේ ටවුමට ගිහින් එන්න යන්නේ… මට අර පොතකුත් ගන්න තියෙනවා.. ඒ ගමන් හොඳවයින් කරවල කෑල්ලකුත් අර ගෙන එන්නම්…” කියමින් උන්නැහේ ඉස්සරහා දොර ළඟට ආවේය. “මොකක්ද කිව්වේ…? පොතක් අර ගෙන එන ගමන් කරවල ගේනවා කියලද කිව්වේ…? නැතිනම් කරවල ගන්න ගමන් පොතකුත් ගන්නවා කියලද කිව්වේ…?…

වාණිජ චිත්‍රපටි කතා හා ජනප්‍රිය බණ කතා – නිශාන්ත කමලදාස

පහු ගිය දින කිහිපයකම බණ ඇසීමේ අවස්ථාව මට ලැබුනේ ය. එකක් පිට එකක් ඇසූ බණ වල මා දුටු අපූරු සමානත්වය මා පුදුමයට පත් කළේ ය. හැම බණ කතාවක ම පුණ්‍ය වන්තයෙකු හෝ කරුමක්කාරයෙකු හෝ ඒ දෙවර්ගයේම අය හෝ සිටියෝ ය. පුණ්‍යවන්තයා කළ පුංචි පින්කමක් නිසා ඔහු හෝ ඇය දෙව්ලොව උපදින්නේ ය. උදාහරණයක් හැටියට ස්වාමීන්වහන්සේ නමකට…

අප අතර සිටින සැබෑ සූරාකන්නන් හඳුනා ගනිමු: – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ වාමාංශිකයන් විශේෂයෙනුත්, පොදු සමාජයත් පොලිසියට වෛර කරන්නට කැමති ය. ඇතැමුන් පොලිස්කාරයන්ට බනින්නේ ධනපති පංතියේ කටු කන, පීඩිතයන් මත බුරා පනින බල්ලන් ලෙස හඳුන්වමිනි. පොලිසිය තරම් ම නිර්දය ලෙස පීඩිත අසරණයින්ට පහර දෙන, ඔවුන්ට මානසිකව ද අඩන්තේට්ටම් කරන, දූෂණ වංචාවල යෙදෙන තවත් පිරිසක් සිටිති. ඔවුන් අමානුෂික ලෙස පීඩාවට පත් කරන්නේ අසරණ දරුවන් ය. ඒ වනාහි…

දේව අඩවියේ දේව කරුණාවෙන් ගෙවෙන අපේ ජීවිත – නිශාන්ත කමලදාස

දෙවියන් ඔබ සමග කතා කරතැයි ඔබ කියන විට ඔබට මානසික ‍රෝගියෙකු යැයි කියන මිනිසුන්ම ඔබ දෙවියන්ට කතා කරන විට ඔබ යාඥා කරතියි කියති. ඒ ගැන පුදුමය පළ කරන්නේ තෝමස් ත්සාස් ය. මෙයින් කියවන්නේ අප දෙවියන් හමුවේ කියෙවුව ද දෙවියන් අප හා කියවන්නේ නැති බව ය. ඒ ගැන අප පුදුම වන විට දේවගැතියන් අපට කියන්නේ දෙවියන්…

මං නරක මිනිහයි කියන්න එපා – නිශාන්ත කමලදාස

මට වැඩ බෑ. මම කිසි දේකට දක්ෂ නෑ. මගේම කියල ආඩම්බර වෙන්න පුලුවන් කිසිම නිර්මාණයක් කරලත් නෑ. ඒ නිසා මට පොර වෙන්න ක්‍රමයක් නෑ. මම ඒ නිසා මගේ ජාතිය උතුම් කරවනව. අනිත් පරයො මොන තුප්පහි ද කියල දෙකේ කොළයට දානව. මගේ ආගම ලෝකේ උතුම්ම ආගම කරවනව. අනිත් ආගම්වල තියෙන්නෙ බොරු කියල සහතික වෙනව. ඒව අදහන…