බුදු හාමුදුරුවන්ට ලියුම් කරදාසියක් – නිශාන්ත කමලදාස .

ඔබ වහන්සේට මෙසේ ලියන්නට හිතුනේ ඔබ වහන්සේ සෝමාවතී චෛත්‍ය අහසට වී කොකම් පානා බවට කණ වැටුනු ආරංචියක් නිසා ය. ආරංචියක් කිව්වට එය ආරංචියකට වඩා එකක් බව මුලින්ම කිව යුතු ය. ඒ ඔබ වහන්සේටවත් එසේ නොවේ යැයි කියන්නට බැරි ලෙස එය කැමරා කාචයක සටහන් වී තිබුණු නිසා ය. මට ඒ පින්තූරය දැක ගන්නට හැකි වුනේ මූණු…

බොරු, ගල් පැලෙන බොරු සහ සංඛ්‍යාලේඛන – නිශාන්ත කමලදාස

සංඛ්‍යාලේඛන මෝඩයින් අමාරුවේ දමන අතර කපටියන්ට ආයුධ සපයන්නේ ය. ස්විස්ටර්ලන්තයේ රැකියා වියුක්තිය පසුගිය වසරේ 300% කින් ඉහළ ගිය බවට වාර්ථාවක් පළ විය. සංඛ්‍යාලේඛන තවදුරටත් පිරික්සීමේ දී පෙනී ගියේ ගිය වසරේ 98 ක් වූ රැකියා වියුක්තිකයින්ගේ ගණන මේ වසරේ 302 දක්වා වැඩි වී ඇති බව ය. ස්විස්ටර්ලන්තය ලොව අඩුම විරැකියාව ඇති රට බව ය. පිළිකා වැළඳී…

මනුෂ්‍යත්වයට ආදරයෙනි – තිසුරි වන්නිආරච්චි

මෙම ලිපිය ලියන්නේ මගේ පුද්ගලික වාසියකටවත්, දේශපාලන අභිමතාර්ථ​, තර්කයින් මවාපාන්නටවත් නොව, මනුශ්‍යත්වයට ආදරයෙනි. රටේ මාධ්‍ය අවධානය යොමු වන ඕනෑම අපරාධ​යක් සිදුවු විට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කලයුතු බවට රාවයක්, කොලහලයක් කිරීම අපේ පුරුද්දකි. මේ සංවාදයේ ඈති අමානුශික විතර්කානුකූලත්වය අපි තේරුම්ගත යුතුවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සහය පල කරන අයගේ තර්කය මට තේරුම්ගත හැකිය. මේ මතය…

විද්‍යාව අභිබවන අවිද්‍යාව – පුලුවන් නම් පරාද කරන්න! – නිශාන්ත කමලදාස

විද්‍යාව පරාජය කිරීම පහසු ය. අවිද්‍යාව පැරදවීමට නොහැකි ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගන්නා බව සපථ කොට කී ජෝතිර්වේදියා එසේ නොවුනහොත් වෙඩි තබා ගන්නා බව කීවේ ය. මහින්ද පැරදුනේ ය. ඔහු වෙඩි තබා ගත්තේ නැත. ජෝතීර් ශාස්ත්‍රය විශ්වාස කරන අය කීවේ ඒ ජෝතිර්වේදියා බොරු කාරයෙක් බව ය. ජෝතීර් ශාස්ත්‍රය පැරදුනේ නැත. පැරදුනේ ජෝතිර්වේදියා පමණ ය….

මහින්දගෙන් පසු පැරදවිය යුතු අපේ චින්තනය – නිශාන්ත කමලදාස

මහින්ද පැරදුවාට පමණක් වැඩක් නැත. ඔහු නියෝජනය කරන්නාවූ පසුගාමී චින්තනය ද ඒ සමගම පැරදවිය යුතු ය. නැතිනම් සිදුවන්නේ එජාපයෙන් හෝ ජවිපෙන් එසේත් නැතිනම් සන්ධානයෙන්ම මේ පිළිල වෙනත් නම් වලින් නැවත මතුවීම ය. පැරදවිය යුතු පසුගාමී චින්තනයේ ප්‍රධාන අංග කීපයක් පහත දක්වන්නට කැමැත්තෙමි. අපේ සහෘදයන් මේ ලයිස්තුවට තවත් එකතු කරනු ඇතැයි ද මේ ලයිස්තුවේ අංගයන් අපේ…

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විවෘත ලිපියක් – තිසුරී වන්නිආරච්චි

ආදරණීය නව පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුනි, අපි බොහෝ දේ නොඉල්ලමු . අපගේ මුදල් සොරකම් සොරකම් කරන්න එපා . වැඩිපුර වියදම් කිරීමද සොරකමකි .බලය නොතකා සිටිය නොහැකි බව මම දනිමි . එසේ වූවද අනෙක් අය නොතකා හරින බව ඔවුන්ට හැගෙන පරිදි හැසිරීමෙන් වලකින්න උත්සාහ දරන්න . ආරක්ෂකයින් පිරිවරාගෙන යාම අඩු කරන්න .ඔබ මරාදැමීමට කිසිවකුට අවශ්‍යතාවක් නැත . ඔබගේ…

මම මා වීම. (Becoming Me.) – Thisuri Wanniarachchi

1994දී තාත්තා උතුරු නැගෙනහිර සේවයට යන විට මට වයස මාස හයකි. අයියාට අවුරැදු දෙක ලැබුවා පමණි. සමහර විටෙක ඔහුට මසකට වරක්වත් ගෙදර ඒමට නොලැබුනි. අම්මා ඇගේ රැකියාව කරන ගමන් අයියාවත්, මාවත් තනිවම හදාවඩා ගත්තාය.  එවිට පනාගොඩ හමුදා නිල නිවාසයක ජීවත් වුනු අපි ඉතා අහිංසක,පුංචි පවුලක් වුනෙමු.  තාත්තාට කලාතුරකින් ගෙදර ඒමට ඉඩ ලැබුනු විට අයියාටත් මටත් වැඩිය සතුටූ වුණේ…

රජ පවුලයි මාවවුලොයි එල්ලීගෙන රටම හපයි – ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළ ලිපිය

අතුරුදන් වූ මධ්‍යවීදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කදවුරේ රදවාගෙන ඔහු ලියු “පවුල් ගස” පොත පිලිබදව ප්‍රශ්න කළ බව පරීක්ෂනයෙදී දැන් හෙළිදරවු වී ඇත . ඔහුගේ එම ලිපියේ තෝරාගත් ප්‍රදාන කොටසක් “හංස සංදේශය ” මැතිවරණ පුවත්පතෙහි  පලකරනු ලැබීය .මෙලෙස යලි පළකරන්නේ දෙදහස් දහයේ ජනවාරි මාසයේ ප්‍රගීත් පැහැරගෙන යන්නට දින කිහිපයකට පෙර ප්‍රකාශිත එම ලිපියයි…

අක් මුල් නැති පරයින්ට පරදින අපේ මහින්ද – නිශාන්ත කමලදාස “යටිහිත” අවදිකරයි

මහින්ද රාජපක්ෂ යනු පුද්ගලයෙක් පමණක් නොවේ. එය අපේ රටේ ජනතාවගේ උප විඥානය ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් මේ මහින්ද නම් පුද්ගලයාගේ හැසිරීමෙන් මූර්තිමත් වන්නේ ජනයාගේ උපවිඥානයේ ප්‍රකාශනය ය. අපේ මිනිසුන් ස්වාමියාට බිය ය. ඔහු ඉදිරියේ නිවට නියාලු ය. ඔහු නැති තැන ඔහුට පරිභව කරන්නේ ය. ඔහුට පාඩමක් උගන්වන බව කියන්නේ ය. ස්වාමියා තමන් සමග පින්තූරයක්…