අවුරුද්දට ගමේ ගිහින්
අපි අවුරුද්දට ගමේ යන්නට සූදානම් වුණෙමු. මම ටෙලිවිෂනය නිහඬ කිරීමට ගියෙමි. ඕයි මාවත් එක්කගෙන යනවකො ටෙලිවිෂනය මගෙන් ඉල්ලා සිටියේය. අපි හිතාගෙන හිටියෙ ටී.වී., ලැප්ටොප්, හෑන්ඩ්ෆෝන් මුකුත් නැති අවුරුද්දක් ගත කරන්නනෙ මම කියා සිටියෙමි. ආවත් පැත්තකට වෙලා බකන්නිලාගෙන ඉන්නයි වෙන්නෙ. ඕනෑම කොන්දේසියක් යටතේ ගමේ යෑමට ටෙලිවිෂනය එකඟ විය. ගමේදී දවස ඉතා සන්සුන්ව ගෙවී ගියේය. අවුරුද්ද ගැන…