බිල්ලා එනවෝ දේශපාලනය – සී. ජේ. අමරතුංග

උණුසුම් දේශපාලන මතවාදී සටනක් ඉදිරි කාලයේදී බලාපොරොත්තු විය හැකි බව පෙනෙන්නට තිබේ. එය ඇතිවන්නට ඉඩ තිබෙන්නේ රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ ක්‍රියාවලියත් සමඟය. ජාතිවාදීන්ට මුහුණදීමට සූදානම් වන්නැයි රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ඉදිරියේදී එළඹෙන මෙම ගැටුම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් වශයෙන් බව පෙනෙන්නට තිබේ. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා ගොනු කිරීමට පත් කළ…

පෙරළන හීනය – සී ජේ අමරතුංග

මේ මොහොතේ අප රටේ තිබෙන්නේ හවුල් ආණ්ඩුවකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. මෙම පක්ෂ දෙක සාම්ප්‍රදායික වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කළ ප්‍රධාන පක්ෂ දෙකකි. නවසිය පනස් ගණන්වල සිට රටේ දේශපාලන බලය සඳහා ප්‍රධාන සටන පැවැතියේ මෙම පක්ෂ දෙක අතරය. එම පක්ෂ නියෝජනය කළේ එකිනෙකට…

පාදඩ යුගයක හොල්මන් – සී ජේ අමරතුංග

ආණ්ඩුවට අවශ්‍ය පරිපූරක මුදල් ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමට යාමේ දී පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම අර්බුදයක් බවට පත්ව ඇත. ඇස්තමේන්තුව රුපියල් මිලියන 550ක තරම් සුළු මුදලකි. එසේ වුවද එය සම්මත කිරීමට යාමේ දී ඇති වූ අර්බුදය බරපතළය. එයට හේතුව නම් ඡුන්ද ගණන් කිරීමේ වරදක් ගැන චෝදනාවක් මතුවීමයි. පාර්ලිමේන්තුවේ ලේකම්වරයාගේ ගණන් කිරීම අනුව ඡුන්ද 33ක්  පක්ෂව හා…

මැයි දින කෝලම – සී ජේ අමරතුංග

මැයි දිනය කම්කරුවන්ගේ දිනයක් ලෙස සැමරූ කාලයක් තිබුණු බව කියති. සෑම මැයි දිනයකදීම අපි ඒ ගැන මතක් කරමු. සිහිපත් කරමු. එදා හේ මාර්කට් චතුරශ‍්‍රයේ මියගිය කම්කරුවන් ගැන කතා කරමු. වැඩ කරන පැය අට දිනාගත් හැටි ගැන කියමු. එසේ වුවද අද මැයි දිනය සමරන්නේ එදා තිබූ අරමුණු අනුව හෝ කම්කරු පන්තියේ අයිතීන් රැුකීමට හෝ නොවන බව…

ගුවනේ අපරාධ – ශ්‍රී ලන්කන් සමාගමේ ප්‍රකෝටි ගණනක් කෑ හැටි – සී ජේ අමරතුංග

එමිරේට්ස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරණ ගිවිසුම අවසන් කොට ඉවත්ව ගියේ 2008 මාර්තු 31 වැනිදාය. හරියටම අදට වසර අටකට කලිනි. ඔවුන් ගියා කියා කීමට වඩා නිවැරැුදි වන්නේ එළවාගත්තා කියා කීමය. එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී පීටර් හිල්ට දී තිබූ ශ්‍රී ලංකා වීසා අවලංගු කොට ඔහු එළවා දමන ලද්දේ ඊට වසරකට පෙරයි. දේශපාලන නිරීක්‍ෂකයන් කියන්නේ…

රටටම විදුලිය නැතිවුයේ කාගේ වරදින්ද ? – සී ජේ අමරතුංග

හදිසියේම විදුලිය බිඳවැටීම රටටම දැනුණේ විශාල ව්‍යසනයක් වශයෙනි. පැය ගණනකට ජන ජීවිතයේ සියලූ කටයුතු නැවතිණි. කොළඹට ජලය සැපයීමද සීමා කෙරිණි. මහමඟ වාහන තදබදය බරපතළ ප‍්‍රශ්නයක් වීය. ගමන් බිමන් යන අයට සිදුවූයේ විශාල ලෙස රස්තියාදු වන්නටය. ගෙදර දොරේ සියලූ කටයුතුද නැවතිණි. සැලසුම් කළ වැඩ කටයුතු කඩාකප්පල්වීය. එයින් මහජනයාට ඇතිවූ පීඩාව බරපතළය. විදුලිය කැපීම එතැනින්ද නොනවතී. තවත්…

එට්කා ගේම – සී ජේ අමරතුංග

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා එම පක්ෂය ගොඩනැඟුවේ නවසිය හැට ගණන්වල මැද භාගයේ සිටය. එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණේ 1968-70 කාලයේය. එකල පැවතියේ එක්සත් ජාතික පක්ෂ රජයයි. අගමැති ඩඞ්ලි සේනානායක මහතා පක්ෂ හතක හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන ගියේය. එයට කීවේ හත් හවුල් ආණ්ඩුව කියාය. හරියට මේ ආණ්ඩුවට යහපාලන ආණ්ඩුව යැයි කියනවා වාගේය. 1970…

විපක්ෂයේ අකරතැබ්බය – සී ජේ අමරතුංග

ඒකාබද්ධ විපක්ෂය සීනිගම ගියේ පොල් ගහන්නටය. එෆ්.සී.අයි.ඞී යට එරෙහිව දෙවියන්ට පොල් ගසන බව ප‍්‍රකාශ විය. පොල් ලක්ෂයක් ගහන බව කීවද එහි ගසා තිබුණේ පොල් ගෙඩි අටසියයක් බව කියැවිණි. එයටද හොර පොල් ඇතුළත් බව ප‍්‍රචාරය වීම විපක්ෂයට සිදුවූ අකරතැබ්බයකි. පොල් ගසන අය අතර පොකට් ගහන උදවියද වූ බවද තහවුරු විය. එයින් විපක්ෂයේ විරෝධයේ හුළං බැස්ස බව…

ජනාධිපති මෛත්‍රී විහින් දාගත් ලෙඩ – සී ජේ අමරතුංග

දැන් කතාව තියෙන්නේ අලූත් පක්‍ෂයක් හැදීම පිළිබඳවය. පෙනෙන ආකාරයට නම් එයට සියල්ල සූදානම් කරමින් පවතියි. දිස්ත‍්‍රික්කයෙන්, දිස්ත‍්‍රික්කයට පළාතෙන් පළාතට රැුස්වීම් තබමින් කියාගෙන යන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සන්ධානයේ පහළ මට්ටමේ දේශපාලනඥයන් සූදානම් වන බවයි. පළාත් පාලන ආයතනවල ප‍්‍රධානින් ලෙස සිටි පිරිසක් මේ සඳහා පෙරමුණ ගනිමින් සිටින බව පෙනෙන්නට…

නව වසරේ ගනුදෙනුව – මෛත්‍රී රට පටලවා ගැනීමේ අර්බුදය – සී ජේ අමරතුංග

පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයගෙන වසරක් සම්පූර්ණවීම පසුගියදා සමරනු ලැබීය. මීට පෙර මෑත කාලයේ තිබූ ජනපති පදවි ප‍්‍රාප්ති උත්සව තරම් සෝබනය හා මහජන මුදල් නාස්තිය සිදු නොවුණද මෙම සැමරුම පිළිබඳව ඇතැමුන්ගේ විවේචන තිබිණි. එහි ඇතැම් අංග සංවිධානය කොට තිබුණේ පෙර මෙන්ම මහරජුන් පිළිබඳ ස්තෝත‍්‍ර ගැයීමේ ආකාරයෙනි. රජයේ විවිධ ආයතනවලින් දැන්වීම් පළකොට තිබුණේද…

අයවැයේ කැපිල්ල – සී ජේ අමරතුංග

‘‘මතුපිටින් පෙනෙන්නට තිබෙන දේ සත්‍යය නම් අපට විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත.’’ යන්න කාල් මාක්ස් චින්තකයාගේ ප‍්‍රකට කියමනකි. සාමාන්‍ය මහජනයා ප‍්‍රශ්න දකින ආකාරය හා විද්‍යාත්මක සත්‍යය අතර පවතින බරපතළ වෙනස මෙම කියමනෙන් සරලව පෙන්වාදී ඇත. ලෝකය ගෝලාගාර බව මහජනයාට ඒත්තු ගන්වන්නට එදා සිටි විද්‍යාඥයන්ට පහසු වූයේ නැත. එමෙන්ම මහජනයාට පෙනෙන්නේ හිරු ලෝකය වටා ගමන් කරන බවයි….

බදු නැති අයවැයක් – සී ජේ අමරතුංග

රටට හරියන ජනතාවක්  පත්කර ගත යුතු බව බර්ටොල් බ්‍රෙස්ට් කලාකරුවා ප‍්‍රකාශ කළේ එක්තරා උපහාසයකින් වන්නට ඇත. කෙසේ වෙතත් එහි සත්‍යතාව පිළිබඳවද අපට  ඕනෑ තරම් උදාහරණ ලැබෙන අවස්ථා ඇත. අයවැය ලේඛනය පිළිබඳ මෙරටේ ඇතැම් පිරිස්වල හැසිරීම තුළද අපට දකින්නට ලැබෙන්නේ එබඳු තත්ත්වයකි. ඇතැම්විට පෙනී යන්නේ එම පිරිස්වල හැසිරීම ප‍්‍රශ්නකාරී වුවද ප‍්‍රශ්නය තිබෙන්නේ දිගු කලක් තිස්සේ අප…