අයවැයේ යටිපෙළ – සී ජේ අමරතුංග

අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ ජනමාධ්‍ය වාර්තා කළේ මෙම අය වැයෙන් බඩුමිල අඩුකළ බවයි. නැතහොත් ජීවන බර අඩුකළ බවයි. වාර්ෂික අයවැය ලේඛනයක් ඉදිරිපත් වනවිට මහජනයා බලාසිටින්නේද බඩුමිල වැඩිවීම හා අඩුවීම ගැන දැනගන්නටය. එය සාමාන්‍ය ජනයාගේ වුවමනාවයි. එබැවින්ම කැපී පෙනෙන ප‍්‍රවෘත්ති බවට පත්වූයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවකට පාලන මිලක් නියම කිරීමෙන් හා ඇතැම් බදු අඩුකිරීමෙන් මිල අඩුකිරීමයි. වාහන…

තැටිය නිවුණාද ? – සී ජේ අමරතුංග .

‘‘අපි තැටිය රත් කළේ රොටිය පුච්චාගන්න මිස ගිනි තපින්නට නොවේ. තැටිය රත්වුණ වෙලාවේ රොටිය පුච්චාගන්න  ඕනෑ’’යි අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කී කතාව කලකට අමතක නොවන ප‍්‍රකාශයකි. එය තියුණු දේශපාලන විවේචනයකි. වචන සිය දහස් ගණනකින් විස්තර කළ යුතුව තිබූ දේශපාලන තත්ත්වයක් වචන කිහිපයකට හකුළුවා කාටත් තේරෙන ලෙස ඉදිරිපත් කිරීමට සෝභිත හිමියන්ට තිබුණේ විශිෂ්ට හැකියාවකි. එම…

පෙරැළියකට ලෑස්තිද ? – සී ජේ අමරතුංග

ලබන මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනයට අදාළ වියදම් ඇස්තමේන්තු පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එමගින් පැහැදිලිව පෙන්නුම්කොට තිබුණේ රජයේ ආදායම් හා වියදම් අතර විශාල පරතරයක් පවතින බවය. රජයේ ආදායම එදිනෙදා වියදම් පියවාගැනීමට පවා ප‍්‍රමාණවත් නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. දේශීය හා විදේශීය ණයගැනීම මෙය පියවා ගැනීමට ඇති කෙටිකාලීන විසඳුමයි. එසේ වුවද දිගුකාලීනව එය කිරීම යනු…

යහපාලනයේ තිරිංග – සී ජේ අමරතුංග .

අද අප රටේ සිදුවීම් පිළිබඳව කල්පනා කරන විට මගේ මතකයට නැෙඟන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුව සිටි අභාවප‍්‍රාප්ත ආචාර්ය නිව්ටන් ගුණසිංහ මහතා වසර විසි ගණනකට පෙර කී කතාවකි. ඔහු අප සමඟ කීවේ ඔහුගේ මිත‍්‍ර කොමියුනිස්ට්වාදියකු පිළිබඳවය. බොහෝ සමාජ ප‍්‍රශ්න හා සිදුවීම් පිළිබඳව එම මිතුරා කී කතා සරල හා උපහාසාත්මකය. එසේ වුවද එම කතාවලින් කියැවුණු යථාර්ථය සිත්…

අයාලේ යන ආර්ථිකය – සී ජේ අමරතුංග

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජපානයේ සංචාරයක නිරතවීය . එහිදී මූලික අවධානය යොමුවුයේ රැුකියා දස ලක්ෂයට අවශ්‍ය ආයෝජන ගෙන්වා ගැනීම බවත් වාර්තාවී ඇත. පරිගණක ඇතුළු අධි තාක්ෂණික ක්ෂේත‍්‍රයේ දැනුම ශ්‍රී ලංකාවට ලබාගැනීමටද එහිදී කටයුතු කළ බවද වාර්තා විය. ඉහළ තාක්ෂණයෙන් යුතු කර්මාන්ත ගෙන්වා ගැනීමටත්, එවැනි කර්මාන්ත සඳහා අවශ්‍ය දැනුම ශ්‍රී ලාංකිකයන්ට ලබාගැනීමත් මෙම ගමනේ උපාය මාර්ගික…

මරණ දඩුවමේ රමණය – සී ජේ අමරතුංග

දැන් බොහෝ දෙනා කියන්නට පටන්ගෙන තිබෙන්නේ මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි . කොටදෙනියාවේ සේයා දැරිය ඝාතනය සමග දැඩි ලෙස කෝප වී සිටින ජනයාට දැන් අවශ්‍යව ඇත්තේ ඉක්මන් හා නොවරදින විසදුමකි . අපරාධ කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කළ විට සියල්ල විසදෙන බව බොහෝ දෙනා කල්පනා කරන බව පෙනෙන්නට තිබේ . එසේ නොවේ යැයි සිතන්නේ…

|

පරාජය කලයුතු සරදියල්වාදය – සී ජේ අමරතුංග

වත්මන් ආණ්ඩුව ගොඩනැඟීමට දරදිය ඇද්ද සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දැන් සිටින්නේ බරපතළ ලෙස කලකිරී බව පෙනෙන්නට තිබේ. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මෙන්ම ධර්මසිරි බණ්ඩාරනායක වැනි සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ද කළ ප‍්‍රකාශවලින් ඒ බව පැහැදිලි විය. නව ඇමැති මණ්ඩලය පත්කළ ආකාරය පිළිබඳව තමන් බලවත් සේ කලකිරීමට පත්ව සිටින බව මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කළහ. මෙතරම් විශාල…

බලය සොයා කැලේ යාම – සී ජේ අමරතුංග

පසුගිය ජනවාරි අට වැනිදා මේ රටේ සිදුවූයේ සාමකාමී විප්ලවයක් බව බොහෝ දෙනා කියති. විශේෂයෙන්ම එම මතය දරන්නෝ එයට සහභාගී වූ නායක කාරකාදීහුය. මහජන සංවිධාන රාශියක් ඒ අතර වෙයි. ස්වේච්ඡුාවෙන් මහජනයා ක‍්‍රියාත්මක වී ඒකාධිපති බලයක් පෙරළා දැමූ නිසා එම ක‍්‍රියාවලිය විප්ලවයක් ලෙස හැඳින්වීම වරදක් නැති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. ජනවාරි අට වැනිදා විප්ලවය ගැන…

රනිල්ට පුලුවන්ද ? – සී ජේ අමරතුංග

එක්දහස් නවසිය හැත්තෑ හතේ සිට පැවැති දහහත් අවුරුදු එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමින් මෙරට එකලොස් වැනි අග‍්‍රාමාත්‍යවරිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දිවුරුම් දුන්නේ 1994 අගෝස්තු 19දාය. එදා එලෙස ඇරඹුණු පාලනය අවසන් කරමින් ඊට විසි එක් වසරකට පසුව අගමැති තනතුරේ දිවුරුම් දෙන්නේ එදා අගමැති තනතුරෙන් සමුගෙන අරලියගහ මැදුරෙන් නික්ම ගිය රනිල් වික‍්‍රමසිංහ මහතාය. මේ…

යහපාලන අරගලය – සී ජේ අමරතුංග

දෙන දෙය්යෝ ගෙට ගෙනැවිත් දෙනවා කියා කතාවක් ඇත. මේ දවස්වල මැතිවරණ වේදිකාවල දක්නට ඇත්තේ ජනතාවට නොයෙකුත් දේ ගෙදරට ගෙනැවිත් දීමට තිබෙන තරගයකි. පැරැුණි ගීතයක තිබෙන්නේ දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා. අපටත් දවසක හඳ පායනවා කියාය. එසේ නම් මෙම මැතිවරණය කුමන පක්ෂය ජය ගත්තද ජනතාවට හඳ පායන්නට නියමිතය. මතුපිට කතාව එහෙම වුවද එය සිදුවීමේ කිසිදු සහතිකයක්…

ඵීස්සට දැමූ කකුල් මාට්ටු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙය ලියන මොහොත වනවිටත් පවතින්නේ විශාල අවිනිශ්චිත තත්ත්වයකි. මීට පෙර වරෙක පෙනී ගියේ එයට සියලූ පක්ෂවල සහාය ලැබී ක්‍රියාත්මක වන තත්ත්වයට පත්ව තිබෙන බවයි. විසඳා ගැනීමට තිබෙන එකම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ යාම බව පෙනෙන්නට තිබිණි. එසේ වුවද ඉන් පසුව දක්නට ලැබුණේ සියල්ල අවුල් ජාලයක් වන බවකි. එක්…

දූෂිතයන් අතුගා දැමීම

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ දිනය ආසන්නව තිබියදී දිනක් මා මහරගම පැත්තේ වෙළෙඳ සලකට ගියේ නිවසට අවශ්‍ය යම් කිසිවක් මිලදී ගැනීම සඳහාය. එම ගනුදෙනුව කරන අතරතුර වෙළෙඳ සල් හිමියාට අවශ්‍ය වුයේ මා හා යම් කතාබහක යෙදීමටය. එය මැතිවරණ උණුසුමට සම්බන්ධය. “මොනවාද? වෙන්නේ මහත්තයෝ” ඔහු විමසුවේ එහෙමය මේ අහන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන බව සිතාගැනීමට මට එතරම් කාලයක් ගතවුයේ…