| |

කට්ටඬින්ගේ ‍දේශපාලනය – සී. ජේ. අමරතුංග

මිනිසුන්ට යකුන් වැහෙන බව කට්ටඩියෝ කියති. බොහෝවිට එසේ වන්නේ නූගත් ගැමියන්ටය. යකා වැසී ඇති බව කියන්නේ කට්ටඩියාම ය. යක්ෂ දෝෂ භූත දෝෂ, හූනියම් ආදී නොයෙකුත් අපල ගැන ඔවුහු කියති. එවිට පිහිටට ඉන්නේ කට්ටඩියාමය. කට්ටඩියා කියන විදිහට සියල්ල කළ යුතුය. එසේ නොකළහොත් මහා විනාශයක් වන බව ඔවුහු මවා පෙන්වති. ඒවා විශ්වාස කරන උදවිය බියපත්ව හා භක්තියෙන්…

|

බැඳුම්කර දේශපාලනය – සී.ජේ.අමරතුංග

 බැඳුම්කර ගැන ජනාධිපති කොමිසමක් පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කීවේ, මෙම ප්‍රශ්නයෙන් දැන් දේශපාලනඥයන් ඉවත් විය යුතු බවයි. එයට හේතුව නම් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව කළ පරීක්ෂණය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී තිබූ බව පෙනී යාමයි. එම ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීම ස්වාධීන කොමිසමකින් කළ යුතු බව ජනාධිපතිතුමා තීරණය කළේ ඒ නිසාය. දැන් එම කොමිසම බොහෝ කරුණු හෙළිදරව් කරගනිමින්…

|

ආණ්ඩුවෙන් යාමට කැසපොට කවන අය – සී. ජේ. අමරතුංග

   දේශපාලනය යනු රැවටිල්ල රජකරන ක්ෂේත්‍රයකි. එහි කියන දේ‍ කෙරෙන්නේ නැත. කරන දේ කියන්නේ නැත. එමෙන්ම කේවල් කිරීම සඳහා මෙන්ම තම පක්ෂයේ හෝ කණ්ඩායමේ ධෛර්ය බිඳවැටීම වළක්වා ගැනීම සඳහාද දේශපාලනඥයෝ බොහෝ දේ කියති. ඒ අතරින් ඇත්ත හා බොරුවත්, සිදුවිය හැකි දේ හා නොවිය හැකි දේත් තේරුම් ගැනීම විචාර බුද්ධියෙන් කළ යුතු කටයුත්තකි. ඒකාබද්ධ විපක්ෂය ලෙස…

|

‘අතුරුදන් කිරීමේ නිදහස’ – සී.ජේ.අමරතුංග

 ඒකාබද්ධ විපක්ෂයේ උදවිය අලුත් බිල්ලෙකු මැවීමේ උත්සාහයක යෙදී සිටින බව පෙනෙන්නට තිබේ. එය නම් අතුරුදන් වූවන් සම්බන්ධ පනතයි. පුරවැසියකු අතුරුදන් කිරීම වරදක් බවට පත්කිරීමත්, එයට දඬුවම් නියම කිරීමේ නීති හඳුන්වාදීමත් සඳහා ඉදිරිපත්කොට ඇති පනත මේ විපක්ෂ කට්ටියට අනුව මහා භයානක පනතකි. ඒ කියන්නේ පුද්ගලයින් අතුරුදන් කර නිරුපද්‍රිතව සිටීමේ අයිතිය ක්‍රියාත්මක විය යුතු බවයි. පුද්ගලයින් අතුරුදන්…

|

සම්මුතිවාදී ඇමැති මාරුව – සී. ජේ. අමරතුංග

 ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ඇමැති මණ්ඩල සංශෝධනය සඳුදා සිදුවිය . එය සිදුවන තෙක් ප්‍රචාරය වූයේ මහා අවුලක් ඇති බවටය. යහපාලනයට සම්බන්ධ පක්ෂ දෙක අතර මහා ගැටුමක් ඇති බවට පුවත් පළවිය. ඒකාබද්ධ විපක්ෂය බලා සිටියේ ‍මෙයින් ආණ්ඩුව කැඩෙනතෙක්ය. ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ නිසාද එබඳු ප්‍රචාරයන්ට වාසියක් අත්වූ බව පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත් අවසානයේ දෙපාර්ශ්වයට එකඟ විය හැකි…

|

තෙල් ටැංකි දේශප්‍රේමය – සී. ජේ. අමරතුංග

රටපුරා ඉන්ධන අලෙවිසල් අසල වාහන පෝලිම් ගැසුණේ ඉන්ධන හිඟයක් ඇතිවේ යයි බියෙනි. ඒ ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ හදිසියේ වැඩ වර්ජනයක නිරතවීම නිසාය. එයට හේතුව නම් ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න ගිවිසුමක් අත්සන් කරන්න යනවායි කියාය. එය වහාම නවත්වන්නට කියා ඛනිජතෙල් සේවකයෝ හදිසියේ වැඩ වර්ජනය කළහ. එබඳු ගිවිසුමක් තවම සකසාවත් නැති බව ආණ්ඩුව කීවාට ඔවුහු…

|

දේශපාලන කුණු කඳු – සී. ජේ. අමරතුංග

  මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් නාය යාමෙන් මහා ‍ඛේදවාචකයක් සිදු වීය. එය ස්වභාවික විපතකට වඩා මිනිසුන් විසින් නිර්මාණය කරගත් විනාශයක් බව පැහැදිලිය. එම ඛේදවාචකයත් සමඟ එළියට එන්නේ එයට හේතු වූ මහා දේශපාලන කුණු කඳු හා ව්‍යාපාරික මෙන්ම ජාවාරම්කාර කුණු කඳු පිළිබඳ කතාන්දරයකි. දේශපාලන වුවමනාවන් සඳහා මහජනයා මෙහෙයවීම, මෙන්ම ජාවාරම්කාර වුවමනාවන් නිසා ප්‍රශ්න විසඳීමට හරස්වීම, ආදිය…

ආර්ථිකයට උගුල් ඇටවීම – සී. ජේ. අමරතුංග

  ඉන්දියාවත් සමඟ ආර්ථික සංවර්ධන අවබෝධතා ගිවිසුමකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණු බව වාර්තා විය. ඒ සමඟම වාර්තා වූයේ සුපුරුදු ආරක්ෂණවාදී තර්ක විතර්ක ද නැවත මතු වූ බවයි. අපේ රටේ සම්පත් විදේශිකයන්ට දීමේදී පරිස්සම් විය යුතු බව ආදී අවවාද ලැබුණු බවයි. ඉන්දියාවත් සමඟ කුමන ගිවිසුමකට ආණ්ඩුව උත්සාහ කළද මෙබඳු ප්‍රතිචාර…

|

විඳවීමේ අ‍ඳෝනාව – සී. ජේ. අමරතුංග

  බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට අයත් බව කියන මල්වානේ ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මුලින් උසාවිය දී තිබූ තීන්දුව අත්හිටුවා ඇත. එය මහජන කටයුත්තකට යොදාගන්නා බවට රජයේ තීරණයක් ඇතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමක් නිසා එය විකිණීමේ තීරණය වෙනස් වන බවක් පෙනෙන්නට ඇත. මෙම ඉඩම මෙලෙස විකිණීමට හෝ රජය සතුකිරීමට සිදුව තිබෙන්නේ එයට හිමිකම් කීමට කිසිවකු ඉදිරිපත් නොවීම…

නිදහස අවභාවිතය – සී. ජේ. අමරතුංග

   තැලෙන යකඩය දුටුවාම උඩ පැන පැන තලනවා’ කියා කතාවක් ජනවහරේ ඇත. ‘කල දුටු කල වළ ඉහගන්නවා’ යන්න තවත් එබඳුම කතාවකි. දැන් දිගින් දිගට සිදුවන උද්ඝෝෂණ හා වැඩ වර්ජන ආදිය දුටු විට බොහෝ දෙනෙකුට එබඳු කතා මතක් වෙනවා විය හැකිය. මේවා දැන් සිදුවන්නේ වෙනදා නොවූ ප්‍රමාණයෙනි. මෙතෙක් කල් නිදා සිටි පිරිස් දැන් හදිසියේ අවදි වූවා…

|

දෙපැත්තේ ද්‍රෝහියෝ – සී. ජේ. අමරතුංග

  පසුගිය සිකුරාදා විපක්ෂයේ කණ්ඩායමක් නුගේගොඩ රැස්වීමක් තැබුවේ එය පෙරළියක ඇරඹුම බව කියමිනි. බස් සිය ගණනකින් කැඳවාගත් තමන්ගේම අනුගාමික පිරිසකට කතා කරමින් ඔවුන් කීවේ රට බෙදන ව්‍යවස්ථාව පරාජයකළ යුතු බවකි. වෙනත් සටන් පාඨ කිහිපයක් පසුබිමේ තිබුණද මෙම කණ්ඩායමේ ප්‍රධාන සටන් පාඨය වූයේ තවමත් කෙටුම්පත් කොට නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමය. පාර්ලිමේන්තුවේදී තමන් ද දායක වී…

ජී.එස්.පී.යට උඩු බිරීම – සී.ජේ. අමරතුංග

   යුරෝපා සංගමයෙන් ජී.එස්.පී.ප්ලස් සහනය ලබාගැනීම ශ්‍රී ලංකා රජය ලැබූ වැදගත් ජයග්‍රහණයක් බව අවංකව රට ගැන හිතන විද්වතුන්ගේත්, ව්‍යාපාරිකයන්ගේ හා සාමාන්‍ය ජනතාවගේත් පිළිගැනීම බවට සැක නැත. මෙරට අපනයන ව්‍යාපාරිකයන් බලා සිටියේ මෙය ලැබෙන තෙක්ය. සමස්ත ව්‍යාපාරික ප්‍රජාවම එලෙස සිතුවා විය හැකිය. මෙම සහනය ලැබෙන බව ප්‍රකාශයට පත්කිරීමත් සමග කොළඹ කොටස් වෙළෙඳ පොළේ ඇති වූ පිබිදීම…