|

යහපාලන අර්බුදය – සී. ජේ. අමරතුංග

 මේ රටේ කුමන හෝ මැතිවරණ ප්‍රතිඵලයක් පසුගිය පළාත් පාලන මැතිවරණය තරම් කතාබහට ලක්වූ බවක් දැනගන්නට නැත. රටේ මහා අර්බුදයක් පැන නැගී ඇතැයි කියන තරමට එය දුරදිග ගියේය. ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ද පවත්වනු ලැබීය. එසේ වුවද ප්‍රධාන හා බලගතු මැති ඇමැතිවරුන් එයට සහභාගී වූ බවක් පෙනෙන්නට නොවීය. මත ගැටුම්, වාද විවාද කිහිපයක් ඇති වුවද එම…

|

මොළයට ලාභයක් – සී. ජේ. අමරතුංග

 “වළක වැටීම මොළයට ලාභයකි” යන කියමනක් ඇත. ඒ කියන්නේ බොහෝ දේ එයින් තේරුම් ගන්නා නිසාය. වෙනත් විදියකට කීවොත් ‘සිහිය සැපත් වන’ නිසාය. එය බොහෝවිට සිදුවන්නේ දේශපාලන වශයෙන් වළක වැටුණුවිටය. බොහෝවිට වළක වැටෙන්නේ නොදැනුවත්වය. ඉදිරියට යන්නේ වළක් ඇති බව නොදැනය. ආරක්ෂිත මඟක ගමන් කරනවා කියා හිතාගෙනය. ඉන්පසු වළෙන් ගොඩයන මං සෙවිය යුතුය. එමෙන්ම වළෙහි වැටීමෙන් සිදුවූ…

|

අමුතු ඡන්දයේ ජයග්‍රහණය – සී. ජේ. අමරතුංග

පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් එක් දිනකි. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්ය. දැන් තිබෙන්නේ මැතිවරණ ප්‍රචාරක කාලය හා මැතිවරණය අතර පවතින නිහඬ කාල සීමාවයි.මේ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණය තහනම්ය. ගමේ භාෂාවෙන් කීවොත් මෙය නොනගත කාලයකි. මැතිවරණය ගැන උනන්දුවන දේශපාලන පක්ෂ මෙන්ම පාක්ෂිකයන්, ක්‍රියාකාරීන් හා සාමාන්‍ය ජනතාවද දැන් ගණන් බලන්නේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙනි. පක්ෂ නායකයන් මෙන්ම පාක්ෂිකයන්…

| |

ණය උගුල කාගේද? – සී. ජේ. අමරතුංග

 පසුගිය රජය ට්‍රිලියන දහයක ණය ලබාගෙන ඇති නමුත් ඒවායින් වත්කම් ලෙස පෙන්විය හැක්කේ ට්‍රිලියන එකක් පමණක් බව ජනාධිපතිතුමා ප්‍රකාශකොට තිබිණි. එහි තේරුම නම් ඉතිරි මුදල වත්කම් ලෙස ආර්ථිකයට එකතු වී නැති බවයි. එනම් ප්‍රයෝජනවත් වියදම් ලෙස යොදාගෙන නැති බවයි. අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ තමන් ණය ගෙන රට ණය උගුලක හිරකළ බව කීවද…

|

සැක දුරු වීමේ වාසිය – සී.ජේ. අමරතුංග

යහපාලන ආණ්ඩුවක සහජීවන දේශපාලනයක් ක්‍රියා‍ත්මක කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය අනාගතයේ තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ හා උත්සාහය අතහැර නැති බව කවුරුත් දන්නා කාරණයකි. එහිදී දේශපාලන චක්‍රය කැරකෙන කාල වකවානු දැන සි‍ටීම දෙපාර්ශ්වයටම වැදගත්ය.එනම් දේශපාලන බලය වෙනස්වන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැවත්වෙන කාලය දැනගෙන සිටිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති…

|

යහ පාලනයේ ප්‍රගති වාර්තාව – සී.ජේ.අමරතුංග

 යහපාලනයේ උපන් දිනය පසුගිය දිනවල යෙදී තිබිණි. 2015 ජනවාරි 8 වැනිදා පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිව්රුම් දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීම සිදුවූයේ ජනවාරි 9 වැනිදාය. එබැවින් මේ දින දෙකම වැදගත්ය. කෙසේ වෙතත් මහජනයා ඡන්දය දී වෙනස සිදු කළේ ජනවාරි 8 දා නිසා එම දිනය යහපාලනයේ උපන් දිනය ලෙස සැලකීම නිවැරදි විය…

|

චෞරයන්ගේ වීරයෝ – සී. ජේ. අමරතුංග

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනීසිටින කණ්ඩායමේ උදවියට එරෙහි දූෂණ හා අපරාධ සම්බන්ධ නඩු විභාග එකින් එක ඇරඹෙන බව පෙනෙන්නට තිබේ. බොහෝවිට විවේචනය තිබෙන්නේ එම කටයුතු ඉතා හෙමින් සිදුවීම සම්බන්ධයෙනි. ඇතැම්විට ආණ්ඩුවේම නායකයින් කියන්නේ මේ තත්ත්වය තමන්ට ද ප්‍රශ්නයක් බවයි. මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ උදවිය ආරක්ෂා කරන බවට අනියමින් චෝදනා එල්ලවන අවස්ථා ද දකින්නට ලැබුණි. ඒ…

|

ව්‍යවස්ථාවට වළ කැපුවොත්

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කථිකාව අලුත් වූයේ ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ මෙහෙයුම් මණ්ඩලයේ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සමඟය. එය නව ව්‍යවස්ථාව නොවේ. ව්‍යවස්ථාවක් සකස්කිරීම සඳහා ඇතිකරගත හැකි එකඟතා පිළිබඳ වාර්තාවකි. එම වාර්තාවට ද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සිටින සියලු පක්ෂවල එකඟතාව ලැබී නැත. විවිධ පක්ෂවල ස්ථාවර උපලේඛන මගින් දක්වා තිබිණි. දැන් එය සංවාදයට ලක්ව ඇත. පාර්ලිමේන්තුවේද විවාදයක් පැවැත්වෙයි….

|

“ෂයිලොක්ලා”සහ ‘සයිටම්’ලා – සී.ජේ අමරතුංග

 ෂයිලොක්ගේ නම ප්‍රසිද්ධ වන්නේ මස් රාත්තලම ඉල්ලීමේ කතාවත් සමඟය. එය සත්‍ය කතාවක් නොවූවත් සත්‍ය ලෝකය නිරූපණය කරන කලා කෘතියක චරිතයකි. ඔහුට මස් රාත්තලම අවශ්‍ය වූයේ පොරොන්දුව ඉටුකිරීමක් වශයෙනි. එයද පපුව මැද්දෙන්ම අවශ්‍ය විය. එයට වෙනත් අරමුණුද තිබිණි. එසේ වූවද ෂයිලොක්ට මස් රාත්තල ලබාගත නොහැකිවිය. වෙනත් අරමුණුද ඉටුවූයේ නැත. දැන් අප රටේ කතාබහ කරන්නේ සයිටම්ලා පිළිබඳවය….

|

හොරුන්ගේ සටන් – සී. ජේ. අමරතුංග

 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඇතැයි කියති. එසේ වුවද එයට ගුවන් යානා පැමිණෙන්නේ හාවා හඳ දකින්නා වාගේය. සතියකට ගුවන් ගමන් කිහිපයකි. එයද ලාභයට ගුවන් සේවා සපයන ගුවන් සමාගමකිනි. නැතහොත් අහඹු ගමනක් එන ගුවන් යානයකි. මේ ගුවන් ගමන් කිහිපය සඳහා ගුවන් තොටක් නඩත්තු කරන්න සිදුවී තිබේ. ඒ නඩත්තු මුදල සොයාගැනීම පමණක් නොව මෙය ගොඩනැගීමට ගත් ණය ගෙවීමද…

|

බැසිල්ට දිව දෙකයි – සී. ජේ. අමරතුංග

 යුද සමයේ මෙන්ම ඉන් පසුවත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ ඇතැම් නිලධාරීන් ‘අපරාධ’ කළ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා යාපනයේදී ප්‍රකාශ කළ බව වාර්තා වීය. ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ යාපනය ශාඛාව පිහිටුවීමේ රැස්වීමකින් පසුව ඒ මහතා මෙම ප්‍රකාශය කළේ යාපනයේ මාධ්‍යවේදීන්ගේ සමාජයේදී මාධ්‍යවේදීන් මුණගැසී කළ සාකච්ඡාවකදීය. බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ හමුදාවේ ඇතැම් නිලධාරීන්…

|

ජනතාව ප්‍රාණ ඇපයට – සී. ජේ. අමරතුංග

 ලයිලා කාලිඩ් ප්‍රසිද්ධියට පත්වූයේ ගුවන් යානා කොල්ලකාරියක් වශයෙනි. පලස්තීන විමුක්ති සංවිධානයේ සාමාජිකාවක වූ ඇය 1969 – 70 කාලයේ ගුවන් යානා පැහැරගැනීමේ ක්‍රියා ගණනාවකට සහභාගි වූවාය. ඇය පළමුවරට ප්‍රසිද්ධියට පත්වන්නේ 1969 අගෝස්තු 29 වැනිදා සිදුවූ ට්‍රාන්ස්වර්ඩ් ඉන්ටර්නැෂනල් ගුවන් යානයක් පැහැර ගැනීම නිසාය. රෝ‍මයේ ලෙනාඩෝ ඩාවින්සි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි බෙන් ගුරියන් ගුවන්තොටුපොළ දක්වා පියාසර…